පීපල්ස් ලීසිං – ශ්‍රී ලංකාවේ ඉහළතම ශ්‍රේණිගතකිරීමට පත්වූ මූල්‍ය සේවා සපයන්නා – බ්‍රෑන්ඩ්ස් ඇනුවල් 2021


මීඩියා සර්විසස් හා බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් විසින් ප්‍රකාශයට පත්කරනු ලබන LMD ආයතයේ බ්‍රෑන්ඩ්ස් ඇනුවල් ප්‍රකාශනය අනුව 2021 වර්ෂය තුළ ශ්‍රී ලංකාවේ ඉහළතම ශ්‍රේණිගතකිරීමට පත්වූ මූල්‍ය සේවා සපයන්නා ලෙස පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී ආයතනය නම්කරන ලදී.  ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ වාණිජ සන්නාමයන්ගේ ක්‍රියාකාරිත්වය හා සාධනීය මට්ටම පිළිබඳව පුළුල් විශ්ලේෂණයක් සිදුකොට LMD බ්‍රෑන්ඩ්ස් ඇනුවල්හි එම සන්නාමයන් පිළිබඳව සඳහන් කරනු ලබයි.

තවද, ශ්‍රී ලංකාව තුළ ලීසිං ක්ෂේත්‍රයේ ‘වඩාත් ඇලුම්කරනු ලබන සන්නාමයන්’ අතර ප්‍රථම ස්ථානය පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී ආයතනය විසින් ලබා ගන්නා ලදී. 

LMD බ්‍රෑන්ඩ්ස් ඇනුවල්ස් සඟරාවේ බ්‍රෑන්ඩ්ස් ෆිනෑන්ස් දර්ශකය මගින් ශ්‍රී ලංකාවේ ඇති වටිනාකමින් හෙබි ඉතා බලවත් සන්නාම ශ්‍රේණිගත කරනු ලබයි. බ්‍රෑන්ඩ්ස් ෆිනෑන්ස් ලංකා ආයතනය ශ්‍රී ලංකාවේ ඇති සන්නාම තක්සේරුකරණයේ ප්‍රමුඛතම ආයතනය  වේ. 

පීපල්ස් ලීසිං ආයතනයේ රු. බිලියන 8.132ක සන්නාම වටිනාකම හා 2021 වසරේදී එම ආයතනයේ AA සමාර්ථ ශ්‍රේණිගතකිරීම සැලකිල්ලට ගැන බ්‍රෑන්ඩ් ෆිනැන්ස් ලංකා ආයතනය මෙම සන්නාම ශ්‍රේණිගතකිරීම සිදු කර ඇත. 

ඉතා ඉහළ වටිනාකමින් යුතු ඉතා බලවත් සන්නාම 100 තීරණය කරනු ලබන්නේ ස්වාධීන අලෙවිකරණ පර්යේෂණ ආයතනයක් විසින් රැස්කරනු ලබන දත්ත හා කොළඹ කොටස් වෙළෙඳපළ විසින් ප්‍රකාශනය කෙරෙන ශ්‍රේණිගතකළ සමාගම් පිළිබඳ මූල්‍ය හා මූල්‍ය නොවන තොරතුරු ඇසුරිනි. 

ශ්‍රී ලාංකික සන්නාමයන්හි වටිනාකම් හා ප්‍රබලත්වය පිළිබඳව සොයා බලන බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් ලංකා ආයතනයෙහි මූලස්ථානය ලන්ඩන් නුවර පිහිටා ඇති අතර එම ආයතනයේ ශාඛා ජාලය ශ්‍රී ලංකාවද  ඇතුළුව රටවල් රාශියක විහිදී පවතී. 

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රාජ්‍ය මූල්‍ය ආයතනය වන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී ආයතනය තම  25වන සංවත්සරය මැයි මස 31 වන දින සමරයි.