පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී “හොඳම භාවිතය 2022” සඳහා යුරෝපීය සම්මානය හිමිකර ගනී


ශ‍්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය ආයතන ක්ෂේත‍්‍රයේ මූල්‍ය විසඳුම් සපයන්නෙකු වන පීපල්ස් ලීසිං සමාගම, යුරෝපීය සංගමයේ තත්ත්ව පර්යේෂණ (European Society Quality Research ‍- ESQR) මගින් වාර්ෂිකව හොඳම භාවිතයන් ඇගයීම සඳහා  පිරිනමන  “හොඳම භාවිතය 2022(Best Practices 2022) සම්මානයෙන් පිදුම් ලැබීය.

2022 දෙසැම්බර් මස 11 වන දින බෙල්ජියමේ බ‍්‍රසල්ස් හි පැවැති සම්මාන උළලේ දී පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ සභාපති ප‍්‍රදීප් අමිර්තනායගම් සහ පීපල්ස් ලීසිං සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරී ෂමින්ද්‍ර මර්සලින් විසින් මෙම සම්මානය ලබා ගන්නා ලදී. යුරෝපය, ආසියාව, ඇමරිකාව, අප‍්‍රිකාව සහ ඕස්ටේ‍්‍රලියාව යන මහද්වීපයන් හි නිර්දේශිත රාජ්‍ය පරිපාලන සමාගම් සහ සංවිධාන අතරින් මෙම සම්මානය ප‍්‍රථම වරට ශ‍්‍රී ලංකාවට හිමිකරදීමට හැකිවීම  පිපල්ස් ලීසිං සමාගම ලද විශිෂ්ඨ ජයග‍්‍රහණයකි. මීට පෙර මෙම සම්මානය ලබා ඇති ජාත්‍යන්තර සමාගම් අතර,  BMW සමූහය (ජර්මනිය), Konica Minolta (ජපානය), State Bank of India (India), Cathay Pacific Airways (Hong Kong – China), Air Canada (Canada) සහ United Airlines (USA) වේ.

තිරසර අරමුණු පෙරදැරි කරගෙන මෙහෙයුම් කටයුතු සිදුකරන පීපල්ස් ලීසිං සමාගම ඉහළම මට්ටමේ අඛණ්ඩතාව, විනිවිදභාවය සහ වගවීම පවත්වා ගැනීම සඳහා කැපවී සිටින සමාගමකි. මෙම සම්මානය පිළිබඳව අදහස් දක්වමින් පීපල්ස් ලීසිං සමාගමේ සභාපති ප‍්‍රදීප් අමිර්තනායගම් පැවසුවේ, මෙම සම්මානය හිමිවීම සමාගමේ විශිෂ්ටත්වය සහ යහපත් සදාචාරාත්මක ක‍්‍රියා පටිපාටි ක‍්‍රියාත්මක බවට දරන හොදම සාක්ෂිය බවයි.

පීපල්ස් ලීසිං සමාගමේ හි ප‍්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරී ෂමින්ද්‍ර මර්සලීන් සිය අදහස් ප‍්‍රකාශ කළේ, ‍මෙම සම්මානය තුලින් පීපල්ස් ලීසිං සමාගමේ හි ශක්තිමත් තත්ත්ව කළමනාකරණ සහ පාලන රාමුව පෙන්නුම් කරන බවයිග ”මෙවැනි ජයග‍්‍රහනයක් ලැබීම අප සමාගම ලැබු විශීෂ්ඨ ජයග‍්‍රහනයක්. ඒ පිළිබද නිහතමානිව ආඩම්බරයට පත් වෙනවා. පීපල්ස් ලීසිං සමාගම ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයන් සහ රජය සතු ව්‍යවසායන් සඳහා ප‍්‍රමිතිය සකස් කිරීම අඛණ්ඩව සිදු කරනු ලබන සමාගමක්” ඔහු තවදුරටත් අදහස් දක්වමින් පැවසීය.

සම්මානලාභී සමාගම්, සංවිධාන සහ රාජ්‍ය පරිපාලන ආයතන ESQR හි ඡන්ද විමසීම්, පාරිභෝගික අදහස් පර්යේෂණ සහ වෙළඳපල අධ්‍යනයන් හි ප‍්‍රතිඵල මත පදනම්ව තෝරා ඇත. ජයග‍්‍රාහකයන් තේරීම් ක‍්‍රියාවලියේදි පොදු තොරතුරු මූලාශ‍්‍ර, ප‍්‍රකාශන, ධනාත්මක ප‍්‍රකාශ, පුණ්‍ය ව්‍යාපෘති, වාණිජ මණ්ඩල සහ විශ්ව විද්‍යාල ව්‍යාපෘති, වෙළඳ ප‍්‍රදර්ශන සහ ප‍්‍රදර්ශන පිළිබඳ පර්යේෂණ යන අංශ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර තිබේ.

තත්ත්ව පර්යේෂණ සඳහා යුරෝපීය සංගමය  ESQR යනු තත්ත්ව වැඩිදියුණු කිරීමේ ශිල්පීය ක‍්‍රම හඳුනා ගැනීම සහ පර්යේෂණ සඳහා කැප වූ යුරෝපීය සංවිධානයකි. යුරෝපීය සංගමයේ තත්ත්ව පර්යේෂණ මූලස්ථානය ස්විට්සර්ලන්තයේ ලෝසාන් හි පිහිටා ඇති අතර ESQR සංවිධානය, සමාගම්, රාජ්‍ය පරිපාලන ආයතන, විශ්ව විද්‍යාල, රාජ්‍ය නොවන සංවිධාන සහ තනි පුද්ගල ව්‍යාපාරයන්හි හොදම භාවිතයන් සහ තත්ත්ව කළමනාකරණ උපාය මාර්ගවල ප‍්‍රතිඵල ඇගයීමට කැපවි කටයුතු කරනු ලැබේ. තවද ESQR සංවිධානය විසින් සමාගම්හි විශිෂ්ටත්වය, නවෝත්පාදන හැකියාව සහ දුරදර්ශී චින්තනය, දැනුම බෙදා හැරීම, අනුකූලතා තක්සේරුකරණ භාවිතයන් හෝ  පහසුකම් බෙදා ගැනීම අගය කරයි.

පීපල්ස් ලීසිං සමාගම යනු ශී‍‍්‍ර ලංකාවේ ප‍‍්‍රමුඛ පෙළේ බැංකු නොවන මුදල් ආයතනයක් වන අතර ප‍‍්‍රමුඛ රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුවට අනුබද්ධිත මුදල් ආයතනයකි. විශේෂිත ලීසිං සමාගමක් ලෙස වර්ෂ 1996 දී සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කළ පීපල්ස් ලීසිං සමාගම 2011 වසරේ කොළඹ කොටස් වෙළඳපලේ ලැයිස්තුගත විය. පීපල්ස් ලීසිං සමාගම බංග්ලාදේශයේ විදේශීය ව්‍යාපාරයක් ඇතුළු අනුබද්ධිත ක්ෂේත‍‍්‍ර හයක් හරහා විවිධාංගීකරණය වු බැංකු නොවන මූල්‍ය බලවතෙක් දක්වා වර්ධනය වී ඇත.

2022 හොඳම භාවිතයන් සඳහා වූ යුරෝපීය සම්මානය

පීපල්ස් ලීසිං සමාගමේ සභාපති ප‍්‍රදීප් අමිර්තනායගම් (වමේ සිට දෙවැන්නා) ESQR හි ප‍්‍රධාන විධායක මයිකල් හැරිස් වෙතින් 2022 හොඳම භාවිතය සඳහා යුරෝපීය සම්මානය ලබා ගන්නා අවස්ථාව පීපල්ස් ලීසිං සමාගමේ සාමාන්‍යාධිකාරී/ ප‍්‍රධාන විධායක නිලධාරී ෂමින්ද්‍ර මර්සලීන් ද මෙම අවස්ථාවට සහභාගී වූ  ආකාරය දැක්වෙන ජායාරූපය.