පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම ප‍්‍රමුඛයා ලෙස 26 වැනි සංවත්සරය සමරයි


ශ‍්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය ආයතනය ලෙස සිය ස්ථාවරය ශක්තිමත් කර ගනිමින් පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ 26 වැනි සංවත්සරය මැයි 31 වෙනිදාට යෙදී තිබේ. මෑත කාලවලදී, සමාගම විවිධ ආරම්භයන් සමඟින් සහ කීර්තිමත් සම්මාන දිනා ගනිමින් එහි කීර්තිය වැඩි දියුණු කර ඇත.

පීපල්ස් ලීසිං හි කළමනාකාරිත්වය සහ එහි කාර්යය මණ්ඩලය පැවසුවේ පසුගිය වසර 26 තුළ ඔවුන්ගේ සාර්ථකත්වයට ප‍්‍රධානම සාධකය වී ඇත්තේ ගනුදෙනුකරුවන්ගේ සහ අනෙකුත් පාර්ශවකරුවන්ගේ නොසැලෙන පක්ෂපාතිත්වය සහ විශ්වසනියත්වය බවයි. අනාගතයේ දී මීටත් වඩා ඉහළ මට්ටමකට පැමිණීමට මෙය ස්ථිර පදනමක් නිර්මාණය කර ඇති බව ඔවුහු විශ්වාස කරති.

110කට අධික ශාඛා ජාලයක් සහ 2400ක පමණ ශක්තිමත් ශ‍්‍රම බලකායක් සමඟින්, වර්ෂ 1996 දී ආරම්භ කළ පීපල්ස් ලීසිං සමාගම අද වන විට දීර්ඝ ගමණනක් පැමිණ ඇත. එසේම සමාගම දිවයිනේ සෑම ප‍්‍රදේශයකම සිට සේවා සපයන අතර, පුළුල් සහ විවිධ වූ මුල්‍ය සේවා පිරිනමයි. එය ශ‍්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසදායක සහ ප‍්‍රියතම වන බැංකු නොවන මූල්‍ය  ආයතනය වේ.

මූල්‍ය කාර්ය සාධනය, සේවා විශිෂ්ටත්වය සහ තාක්‍ෂණික යෙදවීම සම්බන්ධයෙන් සමාගම මෑතක සිට ඉහළ ප‍්‍රගතියක් අත්කර ගෙන ඇත. ඒ අතර නව්‍ය නිෂ්පාදන සහ සේවා කිහිපයක් ද හඳුන්වා දී ඇත. පහසු පරිශීලක අත්දැකීමක් සඳහා පහසුකම් සැලසීමට ත්‍රෛභාෂා ජංගම යෙදුමක් වන PLC Touch, ණය යෙදුමක් සහ ඩිජිටල් පරිවර්තන වැඩසටහනක් වන DCHEQUE හදුන්වා දී තිබේ. ගනුදෙනුකරුවන්ට පුළුල් පරාසයක ප‍්‍රතිලාභ ලබා දෙන සම සන්නාමගත ක්‍රෙඩිට් කාඞ්පත් දියත් කිරීම සඳහා පීපල්ස් ලීසිං සමාගම මහජන බැංකුව සමඟින් අත්වැල් බැඳ ගත්තේය.

26වන සංවත්සරය වෙනුවෙන් අදහස් දක්වමින් මහජන බැංකුවේ සහ පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේහි සභාපති සුජීව රාජපක්ෂ මහතා පැවසුවේ තම සමාගමේ මූල්‍ය සේවාවන් ජනතාවට ප‍්‍රවේශ විය හැකි හා ඇතුලත් විය හැකි බවට පත් කිරීම ඔවුන්ගේ ඒකායන අරමුණ බවයි. එසේම ”‍සාමාන්‍යයෙන් වඩාත් විධිමත් බැංකු ජාලයෙන් එම සේවා ලබා ගැනීමට නොහැකි වන පුද්ගලයින්ට අපි මූල්‍ය ප‍්‍රවේශය ලබා දෙන” ‍බව ද සමාගමට ශක්තිමත් ප‍්‍රාග්ධන පදනමක්, කාර්යක්ෂම කළමනාකරණ පද්ධතියක් සහ ක‍්‍රියාවලීන්, ගතික ශ‍්‍රම බලකායක් සහ ඉහළ තාක්‍ෂණික හැකියාවන් ඇති බව ද ඔහු තවදුරටත් සඳහන් කළේය.

එමෙන්ම සුජීව රාජපක්ෂ මහතාට අනුව, රජය සතු ආයතනයක් ලෙස පීපල්ස් ලීසිං සමාගමෙහි ශක්තිය සහ ස්ථාවරත්වය එහි සාර්ථකත්වයට බෙහෙවින් දායක වී ඇත. එක් එක් ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා සපුරාලන එහි අභිරුචිය  පරිදිවන මූල්‍ය සේවා පරාසය ඊට බලපෑ තවත් සාධකයක් බව ද ඔහු පැවසීය. සමාගමේ සේවා අතරට ව්‍යාපාරික ණය, නිවාස ණය, පුද්ගලික ණය, අධ්‍යාපන ණය, වාහන ණය සහ තරඟකාරී පොලී අනුපාත යටතේ රන් ණය ඇතුළත් වේ.

පීපල්ස් ලීසිං සමාගමෙහි ප‍්‍රධාන විධායක නිලධාරී සාමාන්‍යාධිකාරි ෂමින්ද්‍ර මර්සිලිං මහතා පැවසුවේ සමාගම නම්‍යශීලීභාවය සමඟ මිත‍්‍රශීලී, පුද්ගලාරෝපිත සේවාවක් ලබා දීම මගින් තම සමාගම අනෙක් තරඟකරුවන්ගෙන් වෙනස් වීමට අඛණ්ඩව කටයුතු කරන බවයි. ඔවුන් සෑම විටම සේවා විශිෂ්ටත්වය කෙරෙහි අවධානය යොමු කරන බව ඔහු අවධාරණය කළේය.

ෂමින්ද්‍ර මර්සිලිං මහතාට අනුව, සමාගම පරිශීලක-හිතකාමීත්වය, පහසුව සහ ප‍්‍රවේශ්‍යතාව වැඩි දියුණු කිරීම සඳහා ඩිජිටල් තාක්‍ෂණයන් යොදවා ඇත. ”‍අපගේ අරමුණ හිතවත් ගණුදෙනුකාරභවතුන්ට බාධාවකින් තොරව, ඉහළ ගුණාත්මක අත්දැකීමක් ලබා දීම”‍ බව ඔහු පැවසීය. ඔවුන්ගේ තාක්‍ෂණය අඛණ්ඩව වැඩිදියුණු කරමින් සහ ඉහළම තත්ත්වයේ නව්‍ය මූල්‍ය විසඳුම් හඳුන්වා දීමෙන් ඔවුන් වෙළඳපල අවශ්‍යතා හදුනාගනිමින් ඒ සමඟ පරිණාමය වන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

පසුගිය වසර ගණනාවක සිටම පීපල්ස් ලීසිං සමාගම අඛණ්ඩව කීර්තිමත් සම්මාන ගණනාවක් තමන් සතු කරගන්නා ලදී. ශ‍්‍රී ලංකාවේ වගකිවයුතු ආයතනික පුරවැසියන් 10 දෙනාගෙන් එක් අයෙකු ලෙස වාණිජ මණ්ඩලයේ ලැයිස්තුවට ඇතුලත් වීමටද වරම් ලැබුණු අතර ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ‍්‍රී ලංකා (TISL)විසින් ආයතනික වාර්තාකරණයේ විනිවිදභාවය සඳහා හොඳම ලැයිස්තුගත සමාගම් 50 අතරට ද අප සමාගම තේරිපත් වී ඇත. බ‍්‍රෑන්ඞ් ෆිනෑන්ස් සම්මාන උළෙලේදී එය ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම බැංකු නොවන මූල්‍ය ආයතනය ලෙස සම්මානයට පාත‍්‍ර විය. පීපල්ස් ලීසිං සමාගම බිස්නස් ටුඬේ TOP 30 ශ්‍රේණිගත කිරීම්වලට ද ඇතුළත් වී ඇති අතර කීර්තිමත් දේශීය හා ජාත්‍යන්තර සම්මාන රාශියක් දිනාගෙන ඇත. ඒකාබද්ධ වාර්තාකරණ සම්මාන උළෙලේ CMA විශිෂ්ටතා සහ වරලත් ගණකාධිකාරි ශ‍්‍රී ලංකා වාර්ෂික වාර්තා සම්මාන උළෙලේදී සමාගම කීර්තිමත් සම්මානයට පාත‍්‍ර විය. එය Global Banking & Finance Review මගින් මීළඟ ගෝලීය සමාගම් 100 අතරට ද ශ්‍රේණිගත විය.

පීපල්ස් ලීසිං සමාගම සමාජ සත්කාරක ව්‍යාපෘති සඳහා ද කීර්තියක් ලබා ඇත. ‘ජන හිතකාමී‘ ලෙස ප‍්‍රසිද්ධියට පත් සමාගම පරිසරය හා වනජීවී සංරක්ෂණයේ සිට ප‍්‍රජා සත්කාර, අධ්‍යාපනය ඉහළ නැංවීම සහ ජීවන තත්ත්වය ඉහළ නැංවීම දක්වා සෑම දෙයකටම සම්බන්ධ වී ඇත. එය පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියක් සඳහා ද මූලාරම්භයක් ද සිදු කර ඇත. එය ගෝලීය උණුසුම අවම කිරීම, දිගු කාලීන රුක් රෝපණ ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීම සහ කඩදාසි භාවිතය අවම කිරීම මගින් පරිසර සංරක්ෂණයට ද ප‍්‍රමුඛත්වයක් දී ඇත.

මීට අමතරව, කොවිඞ්-19 වසංගතය හේතුවෙන් ඇති වූ ආර්ථික පසුබෑම හේතුවෙන් දුෂ්කරතාවලට මුහුණ දුන් ව්‍යාපාර සඳහා පිපල්ස් ලීසිං සමාගම සහන සහ ආධාර ලබා දී ඇත. වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා සමාගම අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ ද පරිත්‍යාග කළේය.

මහජන බැංකුවේ අනුබද්ධිත සමාගමක් වන පීපල්ස් ලීසිං සමාගම කොළඹ කොටස් වෙළඳපොලේ (CSE) ලැයිස්තුගත සමාගමකි. පීඑල්සී සමූහයේ අනුබද්ධිත සමාගම් යටතට සීමාසහිත පීපල්ස් ලීසිං ෆ්ලීට් මැනේජ්මන්ට් ලිමිටඞ්, පීපල්ස් ලීසිං ප්‍රොපර්ටි ඩිවලොප්මන්ට් ලිමිටඞ්, පීපල්ස් ලීසිං හැව්ලොක් ප්‍රොපර්ටීස් ලිමිටඞ්, පීපල්ස් ක්ෂුද්‍ර මූල්‍ය සමාගම සහ පීපල්ස් ඉන්ෂුවරන්ස් පීඑල්සී ඇතුළත් වේ.

සුජීව රාජපක්ෂ – සභාපති, පීපල්ස් ලීසිං සමාගම
ෂමින්ද්‍ර මර්සිලිං – ප‍්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී – පීපල්ස් ලීසිං සමාගම
පීපල්ස් ලීසිං ප‍්‍රධාන කාර්යාල ගොඩනැගිල්ල