පීපල්ස් ලීසිං සමාගම Lanka QR ඩිජිටල් ගෙවීම් ක‍්‍රමවේදය පිළිබඳව ගාලූ ජනතාව දැනුවත් කරයි.


ශී‍්‍ර ලංකාවේ බැංකු නොවන ප‍්‍රමුඛතම මූල්‍ය සමාගම වන පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් සමාගම ශී‍්‍ර ලංකා මහ බැංකුව විසින් ශී‍්‍ර ලංකාවේ ගෙවීම් ක‍්‍රමවේදය විප්ලවීය මාර්ගයකට යොමුකරමින් හඳුන්වාදුන් ‘රට පුරාම Lanka QR’ කේතය ඔස්සේ ගෙවීමේ පහසුකම පිළිබඳව ගාලූ ජනතාව දැනුවත්කිරීමේ වැඩසටහනකට පසුගියදා එක්විණි. ශී‍්‍ර ලංකා මහ බැංකුව විසින් සංවිධානය කළ මෙම ප‍්‍රවර්ධන වැඩසටහනට දිවයිනේ ප‍්‍රකට බැංකු හා මූල්‍ය ආයතන 21ක් සහභාගීවූ අතර මුදල් නෝට්ටු භාවිතයෙන් තොරව ගනුදෙනු කළ හැකි ‘Lanka QR’ කේතය පිළිබඳව එමගින් ගාල්ල නගරයේ ව්‍යාපාරික පුරවැසියන් හා සාමාන්‍ය ජනතාව දැනුවත් කෙරුණි. ශී‍්‍ර ලංකා මහ බැංකු අධිපති, දේශමාන්‍ය, මහාචාර්ය, ඩබ්ලිව්. ඞී. ලක්ෂ්මන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති මෙම ප‍්‍රවර්ධන වැඩසටහනට පාර්ලිමේන්තු මන්තී‍්‍ර චන්දිම වීරක්කොඩි, ශී‍්‍ර ලංකා මහ බැංකුව විසින් පත් කළ ‘Lanka QR’ කමිටුවේ සභාපති හා සණස සංවර්ධන බැංකුවේ ප‍්‍රධාන විධායක නිලධාරී, තිලක් පියදිගම, දකුණු පලාත් නියෝජ්‍ය පොලිස්පති, රොහාන් සිල්වා හා ශී‍්‍ර ලංකා මහ බැංකුවේ අධ්‍යක්ෂ (ගෙවීම් හා පියවීම්&, ධර්මසිරි කුමාරතුංග යන මහත්වරු සහභාගී වූහ. එමෙන්ම ‘Lanka QR’ කේතය මගින් ගෙවීම් පිළිබඳව ගාලූ ජනතාව දැනුවත්කිරීමේ වැඩසටහනට පීපල්ස් ලීසිං සමාගමේ සාමාන්‍යාධිකාරී/ප‍්‍රධාන විධායක නිලධාරී, ෂමින්ද්‍ර මර්සිලින්, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අලෙවි&, ලක්සඳ ගුණවර්ධන හා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (තොරතුරු තාක්ෂණික&, ප‍්‍රභාත් ගුණසේන ප‍්‍රධාන කළමනාකරු (මෙහෙයුම්) හසන්ත ද සිල්වා හා ගාල්ල පීපල්ස් ලීිසිං ශාඛා කළමනාකරු, අජිත් සෙනවිරත්න යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගීවූ වූහ

පීපල්ස් ලීසිං සමාගම ගාලූ නගරයේ පැවැත්වුණු ‘Lanka QR’ කේතයෙන් ගෙවීම පිළිබඳ දැනුවත්කිරීමේදී විශේෂ සිද්ධියක් වූයේ ගාලූ කොටුව තුළ පදිංචි ප‍්‍රකට චිත‍්‍ර ශිල්පියෙකුවන කවිඳු සත්සර මහතා විසින් පීපල්ස් ලීසිං සමාගමේ සාමාන්‍යාධිකාරී/ප‍්‍රධාන විධායක නිලධාරී, ෂමින්ද්‍ර මර්සිලින් මහතාව සිතුවමට නැගූ අතර එයට අදාල ගෙවීම එම මොහොතේම ‘Lanka QR’ කේතයෙන් සිදුකිරීමය.

තොරතුරු තාක්ෂණය හා නව්‍ය භාවිතාවන් තුළින් මූල්‍ය ගනුදෙනුකරණය වඩාත් පහසු කළ සමාගමක් ලෙස ප‍්‍රකට පීපල්ස් ලීසිං සමාගම පසුගිය වකවානුුවේදී නව ඩිජිටල්කරණ මූල්‍ය භාවිතාවන් රුසක්ම හඳුන්වාදුන් සමාගමකි. එම ඩිජිටල් මූල්‍යකරණයෙහි තවත් දිගුවක් ලෙස මෙම Quick Response (QR) Code සම්මතයක් වූ ‘Lanka QR’ ඩිජිටල් ගෙවීම් ක‍්‍රමය හඳුන්වා දිය හැක. මෙම නව ක‍්‍රමවේදය යටතේ වඩාත් වේගවත්, ආරක්ෂාකාරී හා වියදම් අවම ඩිජිටල් ගෙවීමේ පහසුකම් ලබාගැනීමේ අවස්ථාව පීපල්ස් ලීසිං සමාගමේ ගනුදෙනුකරුවන්ට උදාවේ.

ගාලූ ජනතාවට ‘Lanka QR’ ඩිජිටල් ගෙවීමේ පහසුකම පිළිබඳව දැනුවත්කිරීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ පීපල්ස් ලීසිං සමාගමේ සාමාන්‍යාකාරී/ප‍්‍රධාන විධායක නිලධාරී, ෂමින්ද්‍ර මර්සිලින් මහතා පැවසුවේ, ‘ගාලූ නගරයේ පැවති ශී‍්‍ර ලංකා මහ බැංකුව විසින් සංවිධානය කළ මෙම ‘Lanka QR’ ඩිජිටල් ගෙවීමේ පහසුකම පිළිබඳ දැනුවත්කිරීමේ වැඩසටහන අතිශයින් සාර්ථකවූවක්. මන්ද වසංගත තත්ත්වයකට මුහුණදෙන මෙවැනි යුගයක මූල්‍ය භාවිතාවෙන් තොරව ගනුදෙනුකිරීමේ හැකියාව අප ජනතාවට පෙන්වාදුන්නේ සජීවී අත්දැකීම් සහිතවයි. එයින් එම ගනුදෙනු ක‍්‍රමය පිළිබඳව ජනතාවට තිබූ විවිධ ගැටළු සහමුලින්ම ඉවත්කිරීමට අපට හැකිවූවා. භාණ්ඩ හා සේවා මිලදීගැනීමේදී ‘Lanka QR’ ඩිජිටල් ගෙවීමේ ක‍්‍රමය පිළිගන්නා ආයතන සමග මෙම ක‍්‍රමය යටතේ ගනුදෙනුකිරීම බොහෝ පහසුයි. එමෙන්ම මෙම ‘Lanka QR’ ඩිජිටල් ගෙවීම භාවිතාකිරීමේදී ගනුදෙනුකිරිමේ ගාස්තුවක් අය නොවන අතර මුදල් අත තබාගැනීමේ අවශ්‍යතාවක්ද ඉස්මතු නොවන්නක්. මෙම ගනුදෙනු ක‍්‍රමයෙහි වැඩි විශ්වාසය තහවුරුවන්නේ ක්ෂණිකවම ගෙවීම් පණිවුඩයක් ඔබට ලැබීමෙන්’ යන්නය.

ශී‍්‍ර ලංකාවේ විශාලතම රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුවට අනුබද්ධිත සමාගමක් ලෙසින් 1996 දී ඇරඹූ පීපල්ස් ලීසිං සමාගම, ලීසිං ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා වන අතර විශාලතම බැංකු නොවන මූල්‍ය සමාගමයි. පීපල්ස් ලීසිං සමාගම ෆිච් රේටිංස් ලංකා දේශීය ණය ශ්‍රේණිගතකිරීම් අනුව A+ (lka) හිමි මූල්‍ය සමාගමක් වන අතර 5වන වරටත් ශ‍්‍රී ලංකාවේ වගකීම් සහගත ආයතනික පුරවැසියන් 10 දෙනා අතරට ශ‍්‍රී ලංකා වාණිජ මණ්ඩලය විසින් ඇගයීමට ලක් වූ සමාගමකි. ශ‍්‍රී ලංකාව තුළ වටිනාම හා ප‍්‍රබලතම සන්නාම ශ්‍රේණිගතය සිදු කරන Brand Finance Awards 2019 දී ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම බැංකු නොවන මූල්‍ය ආයතනය වශයෙන්ද පීපල්ස් ලීසිං සමාගම ඇගයීමට ලක් විය. එමෙන්ම zBusiness Today Top 30’ ශ්‍රේණිගත සමාගම් අතරට පැමිණීමටද සමත් විය. තවද ලබන ලාභයෙන් කොටසක් පරිසර සංරක්ෂණය මෙන්ම ව්‍යවසායකත්වය නංවාලීමට, මුල් ළමාවිය/පාසල් මෙන්ම වෘත්තීය අධ්‍යාපනය නගාසිටුවීමට හා ප‍්‍රජාවන් සවිබලගැන්වීමට කටයුතු කරන සමාගමකි.

පීපල්ස් ලීසිං ලබාදෙන මූල්‍ය සේවාවන් අතර ලීසිං, වාහන ණය, ස්ථාවර තැන්පතු, ඉතුරුම් ගිණුම්, නිවාස හා ව්‍යාපාරික ණය පහසුකම්, ණය සාධ්‍යකරණය (Factoring), ආන්තික වෙළඳාම ^Margin Trading) රන් ණය සහ ඉස්ලාමීය මූල්‍ය පහසුකම් වන අතර පීපල්ස් ඉන්ෂුවරන්ස්, පීපල්ස් මයික්‍රෝ කොමර්ස්, පීපල්ස් ලීසිං ප්‍රොපටි ඩිවලොප්මන්ට්, පීපල්ස් ලීසිං ෆ්ලීට් මැනේජ්මන්ට් හා පීපල්ස් ලීසිං හැව්ලොක් ප්‍රොපටීස් සහ බංගලාදේශයේ ස්ථාපිත ලංකන් එලායන්ස් ෆිනෑන්ස් යන සමාගම් එහි අනුබද්ධිත සමාගම් වෙති.

දිවයින පුරා ව්‍යාප්ත ශාඛා ජාලය හරහා තමන්ට වඩාත්ම සුදුසු මූල්‍ය සැලසුම් සුහදශීලිව, කඩිනමින් හා විශ්වාසනීය ලෙස සපුරාගැනීමට සිය ගණුදෙනුකාරභවතුන්ට අවස්ථාව සැලසීම පීපල්ස් ලීසිං සමාගමේ සුවිශේෂීත්වය වේ.