පීපල්ස් ලීසිං රන් ණය සේවාව දැන් දිවයින පුරා


පීපල්ස් ලීසිං සමාගමේ රන් ණය ඒකක හයක් පසුගියදා විවෘත කිරිමට පීපල්ස් ලීසිං සමාගම කටයුතු කරනු ලැබිය. පීපල්ස් ලීසිං සමාගමේ දිවුලපිටිය, මඩකලපුව, ඇල්පිටිය, උඩුගම, රත්නපුර සහ අම්බලන්තොට යන ශාඛා පරිශ‍්‍රයන් හි පිහිටවනු ලැබු රන් ණය ඒකක ඔස්සේ ගණුදෙනුකරුවන්ගේ හදිසි මුදල් අවශ්‍යතා  “පීපල්ස් ලීසිං රන් ණය” සේවාව ඇසුරෙන් ඉටු කර ගැනීමට ඉඩ ප‍්‍රස්ථාව සැලසේ.

ඔබේ මූල්‍ය අවශ්‍යතා සඳහා ඉක්මන් සහ සුවපහසු විසඳුමක් ලෙස පුළුල් සහ විවිධ වූ මුල්‍ය සේවා රැසක් ලබා දෙන්නාවු පීපල්ස් ලීසිං සමාගම වර්ෂ 2017 ජුලි 27 වන දින රන් ණය පහසුකම් සඳහා මුල පිරිමක් ලෙස ප‍්‍රථම රන් ණය ඒකකය පීපල්ස් ලීසිං පිටකොටුව ශාඛාව තුළ විවෘත කරන ලදී. එතැන් සිට අද දක්වා දිවයින පුරා රන් ණය ශාඛා 55ක් පිහිටුවා වැඩි වටිනාකමකින්යුත් ඉහළ අත්තිකාරම් මුදලක් වටිනා ගණුදෙනුකරුවන්ගේ අතට එසැණින් ලබා දෙනු ලබයි.

පීපල්ස් ලීසිං සමාගම යනු ශී‍්‍ර ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ බැංකු නොවන මුදල් ආයතනයක් වන අතර ප‍්‍රමුඛ රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුවට අනුබද්ධිත මුදල් ආයතනයකි. විශේෂිත ලීසිං සමාගමක් ලෙස වර්ෂ 1996 දී මෙහෙයුම් කටයුතු ආරම්භ කළ පීපල්ස් ලීසිං සමාගම 2011 වසරේ කොළඹ කොටස් වෙළඳපලේ ලැයිස්තුගත විය.පීපල්ස් ලීසිං සමාගම බංග්ලාදේශයේ විදේශීය ව්‍යාපාරයක් ඇතුළු අනුබද්ධිත ක්ෂේත‍්‍ර හයක් හරහා විවිධාංගීකරණය වු බැංකු නොවන මූල්‍ය බලවතෙක් දක්වා වර්ධනය වී ඇත.

පීපල්ස් ලීසිං ශාඛාවන් හි රන් ණය ඒකක විවෘත කළ අවස්ථාවන්