පීපල්ස් ලීසිං වෙතින් Covid 19 සෞඛ්ය හා සමාජ සංරක්ෂණ අරමුදල සඳහා රුපියල් මිලියන 5ක මුදලක්


“විශ්වාසයේ ප්‍රමුඛයා”, ශ්‍රී ලංකාවේ අංක 1 මූල්‍ය සමාගම වන පීපල්ස් ලීසිං සමාගම නිතැතින් ම මානුෂවාදී හැඟීමෙන් කටයුතු කරන ජන හද දිනමින් දේශය නගා සිටුවීමට මහත් ආදර්ශයක් වී ඇත.

“කොරෝනා වෛරසය” නමැති අභියෝගය හමුවේ මුහුණ පා සිටින මුළු මහත් දේශයටම පන්නරයක් වෙමින් පීපල්ස් ලීසිං සමාගම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් ස්ථාපනය කරන ලද “Covid 19 සෞඛ්ය හා සමාජ සංරක්ෂණ අරමුදල” සඳහා රුපියල් මිලියන 5ක මුදලක් පිරිනමන ලදී.

ඡායාරූපයෙන් දැක්වෙන්නේ පීපල්ස් ලීසිං සමාගමේ සභාපති සුජීව රාජපක්ෂ මහතා විසින් රුපියල් මිලියන 5ක චෙක්පත ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතාට පිරිනමන අයුරු. එහි පසෙකින් පීපල්ස් ලීසිං සමාගමේ විධායක නිලධාරී/සාමාන්යාධිකාරී සබ්රී ඉබ්රහිම් මහතා ද පෙනී සිටී.