පීපල්ස් ලීසිං සමාගම තම ඇල්පිටිය ශාඛාව වැඩි දියුණු කර යළි ස්ථානගත කරයි


පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී (පීඑල්සී) ආයතනය බාධාවකින් තොර අඛණ්ඩ පාරිභෝගික සේවාවක් තුළින් වැඩි ගනුදෙනුකරුවන් සංඛ්‍යාවක් සපුරාලීම සඳහා තම ඇල්පිටිය ශාඛාව වඩාත් ඉඩකඩ සහිත ස්ථානයකට ගෙන යන ලදී.

නැවත ස්ථානගත කරන ලද ශාඛාව (අංක 15, අම්බලංගොඩ පාර, ඇල්පිටිය) පීපල්ස් ලීසිං සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී / සාමාන්‍යාධිකාරී සබ්රි ඉබ්‍රාහිම් විසින් විවෘත්ත කරන ලදී.

ඇල්පිටිය යනු ශ්‍රී ලංකාවේ වේගයෙන් සංවර්ධනය වන ප්‍රදේශයක් වන අතර, ආරම්භක ව්‍යාපාර රැසකට ආලෝකය ලබා දී ඇත. මිනිසුන්ගේ ජීවන තත්වය ඉහල ගොස් යමින් පවතී . එබැවින් මූල්‍ය සේවා ලබා ගැනීම සඳහා පීපල්ස් ලීසිං වෙත පැමිණෙන පුද්ගලයින් පෙර නොවූ විරූ ආකාරයකින් වැඩි වී තිබේ. මෙම නව අවශ්‍යතාව සපුරාලීම සඳහා පීඑල්සී සිය ඇල්පිටිය ශාඛාව නගරයේ මූලික ස්ථානයක ස්ථානගත කොට ඇත.

 නැවත ස්ථානගත කරන ලද පීපල්ස් ලීසිං එල්පිටියා ශාඛාවේ සමාරම්භක උත්සවයේදී පීඑල්සී හි ප්‍රධාන විධායක නිලධාරී / ජීඑම්, සැබ්රි ඉබ්‍රාහිම් මහතා. ඡායාරූපයේ: සංජීවා බණ්ඩාරනායක (ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී), ප්‍රධාන කළමනාකරු (මෙහෙයුම්) මහතා සහ ඇල්පිටිය ශාඛා කළමනාකරු සම්පත් හේවාවසම් මහතා

මෙම අවස්ථාවට සංජීවා බණ්ඩාරනායක (ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී), ලක්සන්ද ගුණවර්ධන (නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – අලෙවිකරණ),  ප්‍රධාන කළමනාකරු හසන්ත ද සිල්වා (මෙහෙයුම්) සහ සම්පත් හේවාවසම් (ඇල්පිටිය ශාඛා කළමනාකරු) යන මහත්වරුන් සහභාගී වූහ.

මෙම අවස්ථාවට සහභාගී වෙමින් පීපල්ස් ලීසිං හි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී සංජීව බණ්ඩාරනායක මහතා මෙසේ පැවසීය. “ඇල්පිටිය යනු වේගයෙන් වර්ධනය වන ප්‍රදේශයක් වන අතර එය ශක්තිමත් ව්‍යාපාරික සංස්කෘතියක් ඇති කරයි. ඇල්පිටිය අවට ජීවත් වන ජනතාව ඔවුන්ගේ මූල්‍ය අවශ්‍යතා සඳහා පීපල්ස් ලීසිං කෙරෙහි විශ්වාසය තබා ඇති අතර එය ධනාත්මක සලකුණකි. එබැවින් ඇල්පිටියේ වඩා හොඳ ස්ථානයක වඩාත් නවීන පීඑල්සී ශාඛාවක අවශ්‍යතාවය අපි දුටුවෙමු. එබැවින් අපි අපගේ ශාඛාව බාධාවකින් තොරව පහසු මූල්‍ය සේවාවන් සැපයීම සඳහා යළි ස්ථානගත කළෙමු. දැන් අවට ජීවත්වන ජනතාවට අපගේ නව ශාඛාවෙන් ජනතා හිතකාමී මූල්‍ය සේවා ලබා ගත හැකිය ”.

“අපි එකම වහලක් යට සියලු සේවා ලබාගත හැකි ආයතනයක් වෙමු. එබැවින් අලුතින් ස්ථානගත කරන ලද මෙම පීඑල්සී ශාඛාවට පිවිස කඩිනමින් හා මිත්‍රශීලීව ලීසිං හා මූල්‍ය කටයුතු සඳහා සේවාවන් ලබා ගන්නා ලෙස මම ඇල්පිටිය අවට ප්‍රදේශවල සිටින ජනතාවට නිහතමානීව ආරාධනා කරමි. පීපල්ස් ලීසිං සමඟ සම්බන්ධ වීමෙන් ඔබේ ව්‍යාපාර සමෘද්ධිමත් වන අතර පුද්ගලික ජීවිත පොහොසත් වනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි” යනුවෙන් ඔහු තවදුරත් පැවසීය. 

පීඑල්සී හි ප්‍රධාන විධායක නිලධාරී / කළමනාකරණ අධ්‍යක්ෂ සබ්රි ඉබ්‍රාහිම් මහතා පාරිභෝගිකයෙකුට ලීසිං පහසුකමක් ලබා දෙන අවස්ථාව

 

ශ්‍රී ලංකාවේ විශාලතම රාජ්‍ය බැංකුව වන මහජන බැංකුවේ පූර්ණ අනුබද්ධිත උප සමාගමක් වශයෙන් පීපල්ස් ලීසිං ආයතනය 1996 දී සිය ව්‍යාපාර කටයුතු ආරම්භ කළේය. පීපල්ස් ලීසිං යනු දැනට රටේ ඉහළම ශ්‍රේණිගත කර ඇති බැංකු නොවන මූල්‍ය ආයතනය වන අතර, ෆිච් රේටින්ග්ස් ලංකා ලිමිටඩ් වෙතින් “AA- (Ika)” ශ්‍රේණිගත කිරීමට සහ ෆිච් රේටින්ග්ස් ඉන්ටර්නැෂනල් හි “බී” ශ්‍රේණිගත කිරීමට (Sovereign සමාර්ථයට සමීප සමාර්ථයක්) පාත්‍රවූ අතර, බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී විසින් අංක එකේ බැංකු නොවන මූල්‍ය සේවා සන්නාමය ලෙසටද, වාණිජ මණ්ඩලය විසින් රටේ හොඳම ආයතන දහයෙන් එකක් ලෙසටද පිළිගැනීමට ලක්විය.

ලීසිං, වාහන ණය, ස්ථාවර තැන්පතු, ඉතිරිකිරීමේ ගිණුම්, නිවාස හා ව්‍යාපාරික ණය, රන් ණය, ආන්තික වෙළඳාම, සාධකකරණය සහ ඉස්ලාමීය මූල්‍ය සේවා යන සේවාවන්  පීඑල්සී හි මූල්‍ය සේවා නිෂ්පාදන කළඹට අයත් වේ.

පීපල්ස් ලීසිං එල්පිටියා ශාඛාවේ කාර්ය මණ්ඩලය ජේෂ්ඨ කළමනාකරණය සමඟ

පීපල්ස් ලීසිං සමූහය අනුබද්ධ උප සමාගම් හයකින් සමන්විත වේ: පීපල්ස් ඉන්ෂුවරන්ස් පීඑල්සී, සීමාසහිත පීපල්ස් මයික්‍රෝ කොමර්ස් සමාගම, සීමාසහිත පීපල්ස් ලීසිං ප්‍රොපර්ටි ඩිවලොප්මන්ට් සමාගම, සීමාසහිත පීපල්ස් ලීසිං ෆ්ලීට් මැනේජ්මන්ට් සමාගම, සීමාසහිත පීපල්ස් ලීසිං හැව්ලොක් ප්‍රොපටීස් සමාගම සහ එහි නවතම විදේශ ව්‍යාපාරය වන ලංකා එලායන්ස් ෆිනෑන්ස් ලිමිටඩ් එම ආයතන හය වේ.

බාධාවකින් තොරව පහසු සහ මිත්‍රශීලී පාරිභෝගික සේවා අත්දැකීමක් ඇති කරමින් එකම වහලක් යට විවිධ මුල්‍ය විසඳුම් ලබා දීමට පීපල්ස් ලීසිං සමාගම සතු ශක්තිය සහ ස්ථාවරභාවය එහි සුවිශේෂී ලක්‍ෂණ වේ.