පීපල්ස් ලීසිං සමාගම, මාලඹේ Family Cars පරිශ‍්‍රයේ අලෙවි සම්බන්ධිකරණ කුටියක් විවෘත කරයි


ශ්‍රී ලංකාවේ බැංකු නොවන ප‍්‍රමුඛතම මූල්‍ය සමාගම වන පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් සමාගම මාලඹේ පිහිටි Family Cars පරිශ‍්‍රයේ තම ගනුදෙනුකරුවන්ගේ පහසුව වෙනුවෙන් අලෙවි කුටියක් විවෘත කෙරුණි. කඩුවෙල-මාලඹේ මාර්ගයට මුහුණලා පිහිටි මෙම Family Cars ආයතනයෙහි මෝටර්රථ අලෙවි පරිශ‍්‍රයට අමතරව නව අලෙවි පරිශ‍්‍රයක් එහි ඉදිරිපිට පසුගියදා විවෘත කළ අතර එම පරිශ‍්‍රයෙන් වාහන 125කට වැඩි සංඛ්‍යාවකට ඉඩකඩ පවතින දැවැන්ත මෝටර්රථ ප‍්‍රදර්ශන පරිශ‍්‍රයකි. පීපල්ස් ලීසිං සමාගම එහි අලෙවි සම්බන්ධිකරන කුටියක් ඇරඹීමත් සමගම වාහන මිලදීගන්නා පාරිභෝගිකයන්ට අපහසුවකින් තොරව එම සමාගමේ සුවිශේෂී මූල්‍ය පහසුකම් දැන් ලබාගත හැක.

මාලඹේ Family Cars පරිශ‍්‍රයේ පීපල්ස් ලීසිං සමාගමේ අලෙවි සම්බන්ධිකරන කුටියක් විවෘතකිරීමේ අවස්ථාවට එම සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී, ෂමින්ද්‍ර මර්සිලින්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, ලයනල් ප‍්‍රනාන්දු, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අලෙවි), ලක්සඳ ගුණවර්ධන, ප‍්‍රධාන කළමනාකරු, වජිර රාමනායක යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගීවූ වූහ.

මාලඹේ Family Cars පරිශ‍්‍රයේ විවෘත කෙරුණු පීපල්ස් ලීසිං සමාගමේ අලෙවි කුටියෙන් එම සමාගමේ අගය එක් කළ මූල්‍ය සේවාවන්වන වෙළෙඳපොලේ අවම පොලී අනුපාත සහිත ලීසිං පහසුකම් ලබාගත හැකිවීම, ප‍්‍රාග්ධනයෙන් කොටසක් ගෙවා වාරිකය අඩුකරගැනීමේ හැකියාව, අවශ්‍යතාව මත සකස් කරගත හැකි පහසු මාසික වාරිකය, වසර 7 දක්වා ගෙවීමේ හැකියාව, වාහන ණයට ඒකාබද්ධ කර වෙනත් ණයක් ලබාගැනිමේ පහසුකම එම සමාගම විසින් Family Cars පරිශ‍්‍රයෙන් වාහන මිලදීගන්නන්ට සැපයෙනු ඇත.

පීපල්ස් ලීසිං සමාගමේ අලෙවි කුටියක් මාලඹේ Family Cars පරිශ‍්‍රයේ විවෘතකිරීම පිළිබඳව අදහස් දැක්වූ එම සමාගමේ එම සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අලෙවි&, ලක්සඳ ගුණවර්ධන පැවසුවේ, ‘තමාට ගැලපෙන වාහනයක් තෝරාගන්නා බොහෝමයක් පිරිසකගේ වැඩි කැමැත්ත වන්නේ සියලූ ගනුදෙනු එසැනින්ම අවසන්කිරීමයි. පීපල්ස් ලීසිං වැනි දැවැන්ත මූල්‍ය සමාගමක අලෙවි කුටියක් එහි තිබීම ගනුදෙනුකරුවන්ට කදිම පහසුවක්. මාලඹේ Family Cars ලංකාව තුළ පිහිටි දැවැන්ත වාහන අලෙවි පරිශ‍්‍රයක්. එමෙන්ම වාහන 100කට වැඩි ප‍්‍රමාණයක් එහි තිබීමෙන් ඕනෑම මාදිලයක වාහනයක් තෝරාගැනීම පහසුයි’ යන්නය.

ශී‍්‍ර ලංකාවේ විශාලතම රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුවට අනුබද්ධිත සමාගමක් ලෙසින් 1996 දී ඇරඹූ පීපල්ස් ලීසිං සමාගම, ලීසිං ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා වන අතර විශාලතම බැංකු නොවන මූල්‍ය සමාගමයි. පීපල්ස් ලීසිං සමාගම ෆිච් රේටිංස් ලංකා දේශීය ණය ශ්‍රේණිගතකිරීම් අනුව A+ (lka) හිමි මූල්‍ය සමාගමක් වන අතර 5වන වරටත් ශ‍්‍රී ලංකාවේ වගකීම් සහගත ආයතනික පුරවැසියන් 10 දෙනා අතරට ශ‍්‍රී ලංකා වාණිජ මණ්ඩලය විසින් ඇගයීමට ලක් වූ සමාගමකි. ශ‍්‍රී ලංකාව තුළ වටිනාම හා ප‍්‍රබලතම සන්නාම ශ්‍රේණිගතය සිදු කරන Brand Finance Awards 2019 දී ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම බැංකු නොවන මූල්‍ය ආයතනය වශයෙන්ද පීපල්ස් ලීසිං සමාගම ඇගයීමට ලක් විය. එමෙන්ම zBusiness Today Top 30’ ශ්‍රේණිගත සමාගම් අතරට පැමිණීමටද සමත් විය. තවද ලබන ලාභයෙන් කොටසක් පරිසර සංරක්ෂණය මෙන්ම ව්‍යවසායකත්වය නංවාලීමට, මුල් ළමාවිය/පාසල් මෙන්ම වෘත්තීය අධ්‍යාපනය නගාසිටුවීමට හා ප‍්‍රජාවන් සවිබලගැන්වීමට කටයුතු කරන සමාගමකි.

පීපල්ස් ලීසිං ලබාදෙන මූල්‍ය සේවාවන් අතර ලීසිං, වාහන ණය, ස්ථාවර තැන්පතු, ඉතුරුම් ගිණුම්, නිවාස හා ව්‍යාපාරික ණය පහසුකම්, ණය සාධ්‍යකරණය (Factoring), ආන්තික වෙළඳාම ^Margin Trading) රන් ණය සහ ඉස්ලාමීය මූල්‍ය පහසුකම් වන අතර පීපල්ස් ඉන්ෂුවරන්ස්, පීපල්ස් මයික්‍රෝ කොමර්ස්, පීපල්ස් ලීසිං ප්‍රොපටි ඩිවලොප්මන්ට්, පීපල්ස් ලීසිං ෆ්ලීට් මැනේජ්මන්ට් හා පීපල්ස් ලීසිං හැව්ලොක් ප්‍රොපටීස් සහ බංගලාදේශයේ ස්ථාපිත ලංකන් එලායන්ස් ෆිනෑන්ස් යන සමාගම් එහි අනුබද්ධිත සමාගම් වෙති.

දිවයින පුරා ව්‍යාප්ත ශාඛා ජාලය හරහා තමන්ට වඩාත්ම සුදුසු මූල්‍ය සැලසුම් සුහදශීලිව, කඩිනමින් හා විශ්වාසනීය ලෙස සපුරාගැනීමට සිය ගණුදෙනුකාරභවතුන්ට අවස්ථාව සැලසීම පීපල්ස් ලීසිං සමාගමේ සුවිශේෂීත්වය වේ.