පීපල්ස් ලීසිං සමාගම සිය 26 වැනි සංවත්සරය සමරමින් දිවයින පුරා ඉන්ධන පිරවුම්හල්වල සේවකයින් අගයයි


පීපල්ස් ලීසිං සමාගම සිය 26 වැනි සංවත්සරය සමරමින් දිවයින පුරා ඉන්ධන පිරවුම්හල්වල සේවකයින් අගයයි.

ශ‍්‍රී ලංකාවේ බැංකු නොවන මුල්‍ය ක්ෂේත‍්‍රයේ අද්විතිය පුරෝගාමියෙකු සහ දැවැන්තයෙකු වන පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ 26 වැනි සංවත්සරය 2022 මැයි 31 වැනි දිනට යෙදී තිබුනි.

රටෙහි පවතින ආර්ථික අර්බුද තත්ත්වය හේතුවෙන් පාරිභෝගිකයින්ට පැය 24 පුරාම සේවා සපයන ඉන්ධන පිරවුම්හල්වල සේවයේ නියුතු ඉන්ධන පොම්ප ක‍්‍රියාකරවන්නන් උපරිම කාර්යක්‍ෂමතාවයෙන් යුතුව තම සේවය නොපිරිහෙළා ඉටුුකරනු ලබයි.

ඒ අනුව පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ ඉහළ කළමනාකාරිත්වයේ සංකල්පයකට අනුව 26 වැනි සංවත්සරයට සමගාමීව ඉන්ධන පිරවුම්හල්වල සේවයේ නියුතු කාර්ය මණ්ඩලය අගය කිරීමේ අරමුණින් දිවයින පුරා පිහිටි පීපල්ස් ලීසිං ශාඛා කළමනාකරුවන් හා කාර්ය මණ්ඩලය එක්ව අහඹු ලෙස තෝරාගත් ඉන්ධන පිරවුම්හල්හි හිමිකරු ඇතුළු සේවක පිරිස් වෙත ඇගයීමේ සංකේතයක් පිරිනමන ලදී.

පීපල්ස් ලීසිං සමාගම යනු ශී‍්‍ර ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ බැංකු නොවන මුදල් ආයතනයක් වන අතර ප‍්‍රමුඛ රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුවට අනුබද්ධිත මුදල් ආයතනයක විශේෂිත ලීසිං සමාගමක් ලෙස වර්ෂ 1996 දී
මෙහෙයුම් කටයුතු ආරම්භ කළ පීපල්ස් ලීසිං සමාගම 2011 වසරේ කොළඹ කොටස් වෙළඳපලේ ලැයිස්තුගත විය. පීපල්ස් ලීසිං සමාගම බංග්ලාදේශයේ විදේශීය ව්‍යාපාරයක් ඇතුළු අනුබද්ධිත ක්ෂේත‍්‍ර හයක් හරහා විවිධාංගීකරණය වු බැංකු නොවන මූල්‍ය බලවතෙක් දක්වා වර්ධනය වී ඇත.

පීපල්ස් ලිසිං සමාගම සිය 26 වැනි සංවත්සරය සමරමින් දිවයින පුරා පිහිටි පීපල්ස් ලීසිං ශාඛා කළමනාකරුවන් හා කාර්ය මණ්ඩලය එක්ව ඉන්ධන පිරවුම්හල්හි සේවකයින් අගයමින් ඔවුන්ට ඇගයීමේ සංකේතය පිරිනමන අයුරු.