පීපල්ස් ලීසිං සමාගම, CMA Excellence in Integrated Reporting Awards – 2020 සම්මාන උළෙලේදී ප‍්‍රමුඛතම


ශී‍්‍ර ලංකාවේ බැංකු නොවන ප‍්‍රමුඛතම මූල්‍ය ආයතනයවන පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් සමාගම වාර්ෂික වාර්තා වෙනුවෙන් සම්මාන පිදෙන CMA Excellence in Integrated Reporting Awards – 2020 සම්මාන උළෙලේ ප‍්‍රමුඛතම සම්මාන 2ක් දිනාගැනීමට සමත් විය. ඒ ‘The Potent power of a Leader’ නම් තේමාවෙන් ප‍්‍රකාශයට පත් කළ පීපල්ස් ලීිසිං සමාගමේ සත්වන ඒකාබද්ධ වාර්ෂික වාර්තාව මූල්‍ය හා ලීසිං අංශය වෙනුවෙන් පිරිනමන සම්මානය හා ‘Ten Best integrated Reports’ වෙනුවෙන් පිරිනමන සම්මානයක් හිමිකරගැනීමට සමත්විය.

වසර 2020 මාර්තු මස පැතිර ගිය කොවිඩ් -19 වසංගත තත්ත්වය යටතේ අභියෝග රැසකට මුහුණදීමට සිදුවූවත් සියලූ පාර්ශ්වකරුවන්ගේ තොරතුරු අවශ්‍යතා නිසි ලෙස සපයමින් වාර්ෂික මූල්‍ය වාර්තාකරණයෙහි නිර්නායක පිළිපදිමින් වසර 2019/20 සඳහා වාර්ෂික මූල්‍ය වාර්තාව නිසි ලෙස සම්පාදනය කරගැනීමට පීපල්ස් ලීසිං සමාගම සමත්වීම විශේෂත්වයකි. මෙහෙයුම් පරිසරයේ අසීරුතාවන්ට මුහුණදීම සඳහා සමාගම සතු ඔරොත්තුදීමේ හැකියාව, ව්‍යාපාර ආකෘතියේ කාර්යශූරත්වය හා ශක්තිමත්බව පිළිබිඹු කරමින් මෙම වාර්ෂික වාර්තාව තුළ සමාගමෙ වටිනාකම් ගොඩනැගීමේ කි‍්‍රයාවලිය නිරූපණය කර ඇත.

CMA Excellence in Integrated Reporting Awards – 2020 සම්මාන උළෙල මෙවර පැවැත්වුණේ ශී‍්‍ර ලංකාවේ වාර්ෂික වාර්තාකරණය සැලකිය යුතු දායකත්වයක් සපයන එහි තරගකරුවන්ට අථත්‍යකරණ අත්දැකීමක් ලබාදෙමිනි.

මෙම CMA Excellence in Integrated Reporting Awards – 2020 සම්මාන ප‍්‍රදානය Institute of Certified Management Accounts of Sri Lanka (CMA) ආයතනය විසින් සයවන වරටත් අඛණ්ඩව සංවිධානය කළේ International Integrated Reporting Council හි මගපෙන්වීමේ නිර්නායක අනුවය.

CMA Excellence in Integrated Reporting Awards – 2020 සම්මාන උළෙලේදී ප‍්‍රමුඛතම සම්මාන 2ක් හිමිවීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ පීපල්ස් ලීසිං සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී ෂමින්ද්‍ර මර්සිලින් මහතා පැවසුවේ, ‘අන් සියලූ වසරවලට වඩා පීපල්ස් ලීසිං සමාගමේ වසර 2019/2020 සඳහා වූ වාර්ෂික මූල්‍ය වාර්තාව සම්මානයෙන් පිදුම් ලැබීම අපට සුවිශේෂයි. මන්ද මෙම අනගි වාර්ෂික වාර්තාව සැකසීමට සිදුවූයේ පසුගිය වසරේ පැතිරුණු වසංගත තත්ත්වය මත අප සමාගමේ මෙහෙයුම් පරිසරය නිසි ලෙස කි‍්‍රයාත්මක නොවන අවස්ථාව බොහෝ අසීරුතා මධ්‍යයේ. නමුත් සමාගමේ මූල්‍ය තොරතුරු, එහි ව්‍යූහය, සමාජ සත්කාරයන් හා පාලන ව්‍යූහය ඇතුළත් අපේ මෙම වාර්ෂික වාර්තාව දැක්මක් හා නිර්මාණාත්මක බවකින්ද යුතු වූවක්. අප සමාගමේ වාර්ෂික වාර්තා දෙස් විදෙස් හි නිරන්තරයෙන්ම සම්මානයට පාත‍්‍රවන්නක්. මෙවර එය සම්මානයට ලක්වූයේ මෙරට වාර්ෂික වාර්තා ඇගයීමට ලක්කෙරෙන ප‍්‍රමුඛතම සම්මාන ප‍්‍රදානෝත්සවයකදී. එහෙයින් මෙම සම්මාන අප සමාගමේ වාර්තාකරණය ඇගයීමට ලක්කිරීමක් සේ අප සළකනවා’ යන්නය.

ශී‍්‍ර ලංකාවේ විශාලතම රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුවට අනුබද්ධිත සමාගමක් ලෙසින් 1996 දී ඇරඹූ පීපල්ස් ලීසිං සමාගම, ලීසිං ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා වන අතර විශාලතම බැංකු නොවන මූල්‍ය සමාගමයි. පීපල්ස් ලීසිං සමාගම ෆිච් රේටිංස් ලංකා දේශීය ණය ශ්‍රේණිගතකිරීම් අනුව A+ (lka) හිමි මූල්‍ය සමාගමක් වන අතර 5වන වරටත් ශ‍්‍රී ලංකාවේ වගකීම් සහගත ආයතනික පුරවැසියන් 10 දෙනා අතරට ශ‍්‍රී ලංකා වාණිජ මණ්ඩලය විසින් ඇගයීමට ලක් වූ සමාගමකි. ශ‍්‍රී ලංකාව තුළ වටිනාම හා ප‍්‍රබලතම සන්නාම ශ්‍රේණිගතය සිදු කරන Brand Finance Awards 2019 දී ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම බැංකු නොවන මූල්‍ය ආයතනය වශයෙන්ද පීපල්ස් ලීසිං සමාගම ඇගයීමට ලක් විය. එමෙන්ම zBusiness Today Top 30’ ශ්‍රේණිගත සමාගම් අතරට පැමිණීමටද සමත් විය. තවද ලබන ලාභයෙන් කොටසක් පරිසර සංරක්ෂණය මෙන්ම ව්‍යවසායකත්වය නංවාලීමට, මුල් ළමාවිය/පාසල් මෙන්ම වෘත්තීය අධ්‍යාපනය නගාසිටුවීමට හා ප‍්‍රජාවන් සවිබලගැන්වීමට කටයුතු කරන සමාගමකි.

පීපල්ස් ලීසිං ලබාදෙන මූල්‍ය සේවාවන් අතර ලීසිං, වාහන ණය, ස්ථාවර තැන්පතු, ඉතුරුම් ගිණුම්, නිවාස හා ව්‍යාපාරික ණය පහසුකම්, ණය සාධ්‍යකරණය (Factoring), ආන්තික වෙළඳාම ^Margin Trading) රන් ණය සහ ඉස්ලාමීය මූල්‍ය පහසුකම් වන අතර පීපල්ස් ඉන්ෂුවරන්ස්, පීපල්ස් මයික්‍රෝ කොමර්ස්, පීපල්ස් ලීසිං ප්‍රොපටි ඩිවලොප්මන්ට්, පීපල්ස් ලීසිං ෆ්ලීට් මැනේජ්මන්ට් හා පීපල්ස් ලීසිං හැව්ලොක් ප්‍රොපටීස් සහ බංගලාදේශයේ ස්ථාපිත ලංකන් එලායන්ස් ෆිනෑන්ස් යන සමාගම් එහි අනුබද්ධිත සමාගම් වෙති.

දිවයින පුරා ව්‍යාප්ත ශාඛා ජාලය හරහා තමන්ට වඩාත්ම සුදුසු මූල්‍ය සැලසුම් සුහදශීලිව, කඩිනමින් හා විශ්වාසනීය ලෙස සපුරාගැනීමට සිය ගණුදෙනුකාරභවතුන්ට අවස්ථාව සැලසීම පීපල්ස් ලීසිං සමාගමේ සුවිශේෂීත්වය වේ.

පීපල්ස් ලීසිං සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී ෂමින්ද්‍ර මර්සිලින් මහතා විසින් ‘Ten Best integrated Reports’ වෙනුවෙන් පිරිනමන සම්මානය පිළිගත් අවස්ථාව
පීපල්ස් ලීසිං සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී ෂමින්ද්‍ර මර්සිලින් මහතා විසින් ‘Ten Best integrated Reports’ වෙනුවෙන් පිරිනමන සම්මානය පිළිගත් අවස්ථාව