පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගම පාරිභෝගිකයන්ට වඩාත් කදිම ගනුදෙනුවක් ලබාදීමට ඉන්ද්‍රා ටේ‍්‍රඩර්ස් (පුද්.) සමාගම සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කරයි


ශී‍්‍ර ලංකාවේ බැංකු නොවන මුදල් ආයතන ක්ෂේත‍්‍රයේ (NBFI) ප‍්‍රමුඛතම මුදල් ආයතනයක් වන පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් සමාගම, ශී‍්‍ර ලංකාවේ ප‍්‍රමුඛතම වාහන ආනයනකරුවෙකු, බෙදාහරින්නෙකු හා මෝටර් රථ අමතර කොටස් අලෙවි කරන්නෙකු වන ඉන්ද්‍රා ටේ‍්‍රඩර්ස් (පුද්.) සමාගම සමග විශේෂිත ව්‍යාපාර ප‍්‍රවර්ධන වැඩසටහනක් දියත් කිරීමේ අවබෝධතා ගිවිසුමකට පසුගියදා අත්සන් තැබුණි.

පීපල්ස් ලීසිං සමාගම හා ඉන්ද්‍රා ටේ‍්‍රඩර්ස් සමාගම අතර ඇති කරගත් එම අවබෝධතා ගිවිසුමට අනුව මහනුවර පිහිටි ඉන්ද්‍රා ටේ‍්‍රඩර්ස් ප‍්‍රධාන කාර්යාලය ඇතුළුව මහනුවර, කොළඹ, මාතර, කැළණිය, අනුරාධපුරය, ඇඹිලිපිටිය හා මීගමුවෙහි පිහිටි සෙසු ශාඛාවන් අදාල ප‍්‍රදේශයේ පිහිටි පීපල්ස් ලීසිං සමාගමේ ශාඛාවන් සමග එක්ව පාරිභෝගිකයන් සඳහා විශේෂ ප‍්‍රතිලාභ ලබාදෙමින් කටයුතු කරනු ඇත. මෙම විශේෂිත ප‍්‍රවර්ධන වැඩසටහන 2022 මාර්තු 31 වන දින අවසන් වේ.

මෙම විශේෂිත ව්‍යාපාරික ප‍්‍රවර්ධන වැඩසටහන කි‍්‍රයාත්මක වන කාලයේදී, පීපල්ස් ලීසිං සමාගම විසින් පාරිභෝගිකයන්ට ප‍්‍රතිලාභ රුසක් පිරිනමන අතර එහිදී පාරිභෝගිකයන්ට වෙළෙඳපොලේ පවතින අවම ලීසිං පොලී අනුපාතය ලබාදීම කැපී පෙනෙන්නකි. එයට අමතරව පීපල්ස් ලීසිං සමාගම විසින් ලබාදෙන සෙසු ප‍්‍රතිලාභයන් අතර වාහන රක්ෂණයට විශේෂ වට්ටමක්, කොටස් වශයෙන් ගෙවීමේ පහසුකම ලබාදෙමින් මූලික ගෙවීම අවම කිරීම හා ලබාගත් ණය මුදල වසර හතක් දක්වා නැවත ගෙවීමේ පහසුකම් සැලසීම ආදිය ඇතුළත් වේ.

මෙම කාලසීමාව තුළ වාහන මිලදී ගන්නන්ට ඉන්ද්‍රා ටේ‍්‍රඩර්ස් සමාගම විසින් පිරිනමන  ප‍්‍රතිලාභ අතර විශේෂිත මිල අඩුකිරීමක්, අලූතෙන් මිලදීගන්නා වාහන සඳහා ඉන්ද්‍රා ටේ‍්‍රඩර්ස් හි සේවා මධ්‍යස්ථානයන් හි නොමිලේ ශ‍්‍රමය සැපයීම, මිලදී ගන්නා මෝටර් රථ හා  SUVs රථ සඳහා අලූත්ම රිවර්ස් කැමරා පද්ධතියක් පිරිනැමීම ආදිය වෙති.

එහෙයින් වාහනයක් මිලදී ගැනීමට අදහස්කරන පාරිභෝගිකයන්ට මෙය විශ්වාසනීය හා අනගි අවස්ථාවකි. දිවයින පුරා පිහිටි සියලූ ඉන්ද්‍රා ටේ‍්‍රඩර්ස් සමාගමේ වාහන අලෙවි කිරීමේ ස්ථානයන් හි මෙම සේවාව ලබාදෙන අතර පාරිභෝගිකයන්ට උපරිම සහාය ලබාදීමට එම සියලූ තැන් හි පීපල්ස් ලීසිං නියෝජිත මහතෙකු රඳවා තිබේ.

මෙම විශේෂ ප‍්‍රවර්ධන වැඩසටහනේ අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම පීපල්ස් ලීසිං සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරි ෂමින්ද්‍ර මර්සිලින් මහතා හා ඉන්ද්‍රා ටේ‍්‍රඩර්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ රුෂන්ක සිල්වා මහතා අතර සිදුවිණි. එම අවස්ථාවට පීපල්ස් ලීසිං සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මෙහෙයුම්) ලක්සඳ ගුණවර්ධන මහතා, ඉන්ද්‍රා ටේ‍්‍රඩර්ස් සමාගමේ විකුණුම් හා අලෙවි අධ්‍යක්ෂ හෂිින්ද්‍ර සිල්වා මහතා හා සාමාන්‍යධිකාරී සජිනි සිල්වා මහත්මිය සහභාගී වූහ.

පීපල්ස් ලීසිං සමාගමේ විශිෂ්ටත්වය වන්නේ එකම වහළක් යටින් විවිධාංගීකරණය වූ මූල්‍ය විසඳුම් සැපයීම, එහි ශක්තිමත්බව හා ස්ථාවරත්වය සේම අවහිරතා වලින් තොර සුවපහසු හා මිත‍්‍රශීලී පාරිභෝගික සේවාවක් අත්දැකිය හැකිවීමය. 

පීපල්ස් ලීසිං සමාගම යනු ශී‍්‍ර ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ බැංකු නොවන මුදල් ආයතනයක් වන අතර ප‍්‍රමුඛ රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුවට අනුබද්ධිත මුදල් ආයතනයකිිි. විශේෂිත ලීසිං සමාගමක් ලෙස 1996දී මෙහෙයුම් කටයුතු ආරම්භ කළ පීපල්ස් ලීසිං සමාගම 2011 වසරේ කොළඹ කොටස් වෙළෙඳපොලේ ලැයිස්තුගත විය. පීපල්ස් ලීසිං සමාගම බංග්ලාදේශයේ විදේශීය ව්‍යාපාරයක් ඇතුළු අනුබද්ධිත ක්ෂේත‍්‍ර හයක් හරහා විවිධාංගීකරණය වූ බැංකු නොවන මූල්‍ය බලවතෙක් දක්වා වර්ධනය වී ඇත.

(වමේ සිට: පීපල්ස් ලීසිං සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මෙහෙයුම්) ලක්සඳ ගුණවර්ධන මහතා, පීපල්ස් ලීසිං සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරි ෂමින්ද්‍ර මර්සිලින් මහතා, ඉන්ද්‍රා ටේ‍්‍රඩර්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ රුෂන්ක සිල්වා මහතා, ඉන්ද්‍රා ටේ‍්‍රඩර්ස් සමාගමේ විකුණුම් හා අලෙවි අධ්‍යක්ෂ හෂින්ද්‍ර සිල්වා මහතා හා ඉන්ද්‍රා ටේ‍්‍රඩර්ස් සමාගමේ සාමාන්‍යධිකාරී, සජිනි සිල්වා මහත්මිය