People’s Leasing වඩාත් ගෞරවාදරයට පත් ආයතනයක් ලෙස 2017 වසරේ දී බහුමානයට පී එල් සි ය ලක්වේ.


LMD සඟරාව හා Nielsen ආයතනය විසින් පුද්ගලයින් 800 ක් (කළමනාකරුවන් හා ඉහළ ශ්‍රේණි) පදනම් කොට සිදුකළ සමීක්‍ෂණයකට අනුව වඩාත් ගෞරවාදයට ලක්වූ ආයතනයක් අතරේ විසිපස්වැන්න වීමට පී එල් සි ය ට හැකිවිණ.

මෙම සමීක්‍ෂණය සඳහා විභාග වු කරුණූ කාරණා අතර මූල්‍ය කාර්ය සාධනය, ගුණත්වය කෙරෙහි ඇති නැඹුරුව, කළමනාකාරීත්ව ව්‍යාවසායකත්වය, අවංකභාවය, ප‍්‍රගතිශීලිත්වය, නම්‍යශීලිත්වය, ආයතනික සංස්කෘතිය, ප‍්‍රජාකේන්ද්‍රි වගකීම් භාරය, ආයතනික දැක්ම හා ජාතිමාමකත්වය ලැයිස්තුගත සමාගම් විමර්ශනය සඳහා භාවිතා වූ නිර්ණායකයන් විය.