ප්‍රධාන විධායක නිලධාරී / සංජීව බණ්ඩාරනායක මහතා

බැංකු නොවන මූල්‍ය අංශයේ වසර 31ක අත්දැකීම් සමඟ පුරා වසර 36ක වෘත්තීය අත්දැකීම් සංජීව බණ්ඩාරනායක මහතා සතු වේ. ඔහු 2007 වසරේදී මූල්‍ය හා පරිපාලන අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ලෙස පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී වෙත එක්විය. පීඑල්සී තුළ මූල්‍ය,භාණ්ඩාගාර,පරිපාලන,මානව සම්පත්,තොරතුරු තාක්ෂණ,ණය,සහ අලෙවිකරණ යන ප්‍රධාන ක්ෂේත්‍ර හි නායකත්වය ගන්නා ලදී. වසර 15ක් පුරා අඛණ්ඩව බැංකු නොවන මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සමාගමක් වශයෙන් පීඑල්සී පවත්වා ගැනීමට ඔහුගේ ප්‍රයත්නයන් මහෝපකාරී විය.

බණ්ඩාරනායක මහතා ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරීවරුන්ගේ ආයතනය, ඕස්ට්‍රේලියාවේ සහතික කළ කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ ආයතනය සහ ශ්‍රී ලංකාවේ සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ සංගමයේ සාමාජිකයෙකි.තවද ඔහු වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ (එක්සත් රාජධානියේ) අවසන් වටය සඳහාද සුදුසුකම් ලද්දෙකි.ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2009, 2013 සහ 2015 වසරවල අරගලකාරී මූල්‍ය සමාගම් තුනකට උපකාර කිරීම සඳහා වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී ලෙස ඔහු පත්කරන ලදී.

ඔහු වසර 10 කට වැඩි කාලයක් ණය තොරතුරු කාර්යාංශයේ (CRIB) අධ්‍යක්ෂවරයෙකු ලෙසද කටයුතුකර ඇත. ඔහු දෙවතාවක් ලිසිං සංගමයේ  මුලසුන හොබවා ඇති අතර වසර 10කට අධික කාලයක් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙසද කටයුතුකර ඇත. ඔහු ෆිනෑන්ස් හවුස් සංගමයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක් ලෙසද කටයුතුකර තිබේ.


ප‍්‍රධාන විධායක නිලධාරී / සාමාන්‍යාධිකාරි,  ෂමින්ද්‍ර මර්සිලින් මහතා

HSBC බැංකු සමූහයේ සේවයකිරීමෙන් ලද අත්දැකීම්වලට අමතරව බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රයේ කදිම පළපුරුද්දක් හිමි ෂමින්ද්‍ර මර්සිලින් මහතා, විශේෂඥ අත්දැකීම් ඇති ජ්‍යෙෂ්ඨ බැංකු නිලධාරියෙකි. එහෙයින් ඔහුගේ එම විශිෂ්ට මූල්‍ය ක්ෂේත්‍රයේ දැක්ම පීපල්ස් ලීසිං සමාගමෙහි මූලෝපාය මඟපෙන්වීමට දායකත්වයක් වනු ඇත.

පීපල්ස් ලීසිං සමාගමෙහි නව ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී ලෙස පත්වීමට පෙර ෂමින්ද්‍ර මර්සිලින් මහතා ශ්‍රී ලංකාවේ DFCC බැංකුවෙහි ජ්‍යෙෂ්ඨ උප සභාපති/සමාගම් බැංකුකරණ ප්‍රධානී ලෙස කටයුතු කළේය. තවද එමගින් ඔහු එම බැංකුවේ සමාගම් බැංකුකරණයෙහි මෙරට තුළ හා විදේශීය වෙළෙඳපොලහි මූලෝපාය වෙනසක් කිරීමට ද සමත්විය.

පසුගිය වසරේ ඔක්තෝබර් මස මාලදිවයිනේ ප්‍රමුඛතම සමාගමක උපදේශකවරයා බවට පත් ෂමින්ද්‍ර මර්සිලින් මහතා එම සමාගමට ද්විත්ව ව්‍යාපාර වස්තු කොටස් ද්වි පාර්ෂික ණය පහසුකමක් සැපයුවේ බැංකුවට නව ආකෘතියක් එක්කිරීමේ ප්‍රමුඛ කාර්යභාරයක් සිදුකරමිනි. එය සැලකෙන්නේ ශ්‍රී ලංකාවේ DFCC බැංකුව මෙතෙක් ලබාදුන් විශාලතම ණය පහසුකම ලෙසිනි.

එමෙන්ම DFCC බැංකුවේ විධායක කමිටු, වත්කම් හා බැරකම් කමිටු හා මෙහෙයුම් අවදානම් කළමනාකරණ කමිටු සාමාජිකයෙකු ලෙස ෂමින්ද්‍ර මර්සිලින් මහතා එම බැංකුවේ ආයතනික මූලාරම්භ ලබාදීමේ ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළ බැංකුකරුවෙකු ලෙසින් ද සැලකේ.

DFCC බැංකුවට එක්වීමට පෙර HSBC බැංකුවේ ශ්‍රී ලංකාව හා මාලදිවයින සඳහා මූල්‍ය ආයතන සමූහයන් හා රාජ්‍ය අංශ පිළිබඳ ප්‍රධානියා ලෙස ද කටයුතු කර ඇත.

1993 දී ශ්‍රී ලංකාවේ කොළඹ ජාත්‍යන්තර පාසලේ අධ්‍යාපනය ලද ෂමින්ද්‍ර මර්සිලින් මහතා 1996 දී එක්සත් රාජධානියේ City University වෙතින් ආර්ථික හා ගිණුම්කරණ විද්‍යාවේදී උපාධිය හිමි කරගත්තෙකි. එයට අමතරව මර්සිලින් මහතා Finance Advisors’ International Qualifications (FAIQ) හා එක්සත් රාජධානීයේ Chartered Insurance Institute හි සහතික ලද්දෙකි.


විශ්‍රාමලත් ප්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරි, සබ්‍රි ඉබ්‍රහිම්

ඊබ්‍රහිම් මහතා පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී හි ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරි ලෙස 2017 ජූලි 1 වන දින පත් කරන ලදී. ඊට පෙර ඔහු තොග බැංකුකරණයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (2014 ඔක්තෝබර් සිට 2016 සැප්තැම්බර් දක්වා) වශයෙන්, මහජන බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, අවදානම් කළමනාකරණය (2007 අගෝස්තු සිට 2014 ඔක්තෝබර් දක්වා) වශයෙන්,හැටන් නැෂනල් බැංකුවේ (2004 සිට 2007 දක්වා) නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, භාණ්ඩාගාර ප්‍රධානී, ආයතනික බැංකුකරණ සහ ප්‍රතිසාධන ප්‍රධානී, ප්‍රධාන අවදානම් නිලධාරී සහ ප්‍රධාන ණය නිලධාරී වශයෙන් මෙන්ම ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවේ ණය සහ GSAM ප්‍රධානියා (2002 සිට 2004 දක්වා) වශයෙන්ද දේශීය හා ජාත්‍යන්තර වශයෙන් බොහෝ ජ්‍යෙෂ්ඨ තනතුරු දැරීය.

ඊබ්‍රාහිම් මහතාට මූලික වශයෙන් ආයතනික බැංකුකරණය, භාණ්ඩාගාර කළමනාකරණය සහ අවදානම් කළමනාකරණය යන ක්ෂේත්‍ර යටතේ, බැංකු ක්ෂේත්‍රයේ වසර 34කට අධික අත්දැකීම් පවතී. ඔහු කොළඹ විශ්වවිද්‍යාලයෙන් ගෞරව උපාධියක් (BSc) ලබා ඇති අතර එක්සත් රාජධානියේ (FCIB) වරලත් බැංකුකරුවන්ගේ ආයතනයේ සාමාජිකයෙකි. ඊබ්‍රාහිම් මහතා HNB Securities (Pvt) Limited (2005 සිට 2007 දක්වා) සහ පීපල්ස් මර්චන්ට් බෑන්ක් පී එල් සී (2009 සිට 2011 දක්වා) හි අධ්‍යක්ෂවරයෙකු ලෙසද කටයුතුකර ඇත. දැනට ඔහු පීපල්ස් ඉන්ෂුවරන්ස් පීඑල්සී, පීපල්ස් මයික්‍රො ෆිනෑන්ස් ලිමිටඩ්, පීපල්ස් ලීසිං ෆ්ලීට් මැනේජ්මන්ට් ලිමිටඩ්, පීපල්ස් ලීසිං ප්‍රොපර්ටි ඩිවලොප්මන්ට් ලිමිටඩ් සහ පීපල්ස් ලීසිං හැව්ලොක් ප්‍රොපර්ටීස් හි අධ්‍යක්ෂවරයෙකු ද වේ.


විශ‍්‍රාමලත් ප‍්‍රධාන විධායක නිලධාරී/කළමනාකරණ අධ්‍යක්ෂ (1997 – 2017), ඩී.පී. කුමාරගේ මහතා

විසිවසරක අනභිබවනීය සේවාවක් කළ පී එල් සී සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍ය අධිකාරී මෙන්ම පී එල් සී හි පාලිත සමාගම් සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ ලෙස තනතුරු හෙබවූ හේ ඉකුත් දා සිය සේවාවෙන් සමුගත්තේය. 1995 වසරේදී මහජන බැංකුවට පූර්ණව අනුබද්ධ වූ පාලිත සමාගමක් ලෙස සංස්ථාපනය වීමෙන් පසු එහි ප‍්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍ය අධිකාරී ලෙස හේ 1997 දී පත්වීම් ලැබීය. ඔහු සතුව තිබූ දුර දක්නා නුවණ නිසාම සාර්ථකත්වයේ හිනිපෙත්තේ අප ආයතනය රදවා තබන්නට ඔහුට හැකිවිය. සර්වප‍්‍රකාරයෙන්ම සැබැ නියමුවකු සතු අප‍්‍රතිහත ධෛර්යයේ ප‍්‍රතිඵල ආයතනයක් ලෙස අප නෙළාගත්තා පමණක් නොව ඔහුගේ ධූර කාලයේදි ලීසිං ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා වී බැංකු නොවන මුල්‍ය ක්ෂේත‍්‍රයේ අසහාය දැවැන්තයා බවට පත්කරවන්නට තරම් ඔහු විශිෂ්ටයකු විය. ඔහු ආයතනයට ලබාදුන් අනේකවිද ජයග‍්‍රහණයන් අතර කොටස් වෙළෙඳපොළේ ප‍්‍රධාන ශ්‍රේණියේ ලැයිස්තුගත සමාගමක් වීම, අපගේ ව්‍යාපාරය ජාත්‍යන්තරයට රැගෙන ගොස් බංගලාදේශයේ මෙහෙයුම් දියත්කිරීම ඉන් ප‍්‍රධානයි. පී එල් සි සමාගම් වංශකථාවේ ඔහුගේ නාමය රන් අකුරෙන් ලියවෙන්නක් වන්නේ එනිසයි.