පීපල්ස් ඉන්ෂුවරන්ස් පී එල් සී
2009 ජූලි 22 වන දින පීපල්ස් ඉන්ෂුවරන්ස් පී එල් සී සංස්ථාපිත විය. ජීවිත රක්ෂණය නොවන රක්ෂණ සැපයුම්කරුවකු ලෙස ලියාපදිංචි වුණ මේ සමාගම වත්මනේ වාරික ආදායමෙන් සය වන ස්ථානය ලබාගත් ජීවිත රක්ෂණ නොවන රක්ෂණ සැපයුම්කරුවෙකු වේ. එම ආදායම් 2016 දී රු. බිලියන 4 ඉක්මවීය. (ශී‍්‍ර ලංකා රක්ෂණ සංගමයේ දත්ත වාර්ථා පෙන්වා දෙන පරිදි) සියළු පාර්ශවකරුවන් සමඟ අවංකව හා සාධාරණව විකුණුම් හා සේවා කාර්යයන් ඉටුකරනු සඳහා ඉහළ තත්ත්ව ප්රමිතීන් සුරකිමින්, කාර්ය මණ්ඩලයේ නිර්මාණශීලීත්වය හා කැපවීම තුළින් තිරසර අනාගතයක් උදෙසා අප විසින් බිහිකළ ප්‍රශස්ථ රක්ෂණ සැලසුම් අපගේ සේවාලාභීන් වෙත පිරිනැමීම.
අපගේ රක්ෂණ විසඳුම් ප්‍රධාන කොට ජීවන රටාව පදනම් වූ රක්ෂණ විසඳුම් හා ව්‍යාපාර කටයුතු පදනම් වූ රක්ෂණ විසඳුම් ලෙස ප්‍රධාන කොටස් දෙකකින් යුක්ත වේ. ගිණි, නිවාස, රථවාහන, ගමන්, සූර්ය පැනල හා හදිසි පුද්ගල ආපදා රක්ෂණාවරණ අයත් වන්නේ ජීවන රටා පදනම් වූ රක්ෂණාවරණයටයි. අපගේ ව්‍යාපාර පදනම් වූ රක්ෂණාවරණ ඉලක්කකොට ඇත්තේ වානිජ ක්‍රියාකාරීන්ට හා ආයතනික සේවාලාභීන් සඳහායි.