පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී, ”සැමට සරණ” ප‍්‍රජා සුරැකුම් මධ්‍යස්ථානය සමඟින් ලෝක ළමා දිනය හා වැඩිහිටි දිනය සමරයි


මූල්‍යමය සේවාවන්ට අමතරව රටේ අධ්‍යාපනය හා දේශීය ප‍්‍රජාව සවිබල ගැන්වීම පෙරෙදැරි කොටගෙන ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම බැංකු නොවන මූල්‍ය ආයතනයක් වන පීපල්ස් ලීසිං ආයතනය ලෝක ළමා දිනය හා වැඩිහිටි දිනය සැමට සරණ” ප‍්‍රජා සුරැකුම් මධ්‍යස්ථානය සමඟ සැමරීමට මෙවර කටයුතු කරන ලදී.
ප‍්‍රදේශයේ අඩු වරප‍්‍රසාද ලත් ප‍්‍රජාව සවිබල ගැන්වීම සහ අධ්‍යාපනයේ ප‍්‍රගමනය අරමුණු කර ගනිමින් පැවති මෙම වැඩසටහන, ශ‍්‍රී ලංකාවේ තිරසාර සමාජ සංවර්ධනය සඳහා පීපල්ස් ලීසිං සතුව පවතින කැපවීම මනාව අවධාරණය කරයි.
”සැමට සරණ” ප‍්‍රජා සුරැකුම් මධ්‍යස්ථාන පරිශ‍්‍රයේදී පවත්වන ලද මෙමෙ වැඩසටහන සඳහා පීපල්ස් ලීසිං ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී සංජීව බණ්ඩාරනායක මහතාත්, පීපල්ස් ලීසිං ආයතනයේ කාර්ය මණ්ඩලයත්, ර්‍ණසැමට සරණ” ප‍්‍රජා සුරැකුම් මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලයත් සහභාගී වූහ.
සැමට සරණ” මගින් සේවා සපයනු ලබන විවිධ කණ්ඩායම්වලට සහාය වීම සඳහා, පීපල්ස් ලීසිං විසින් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බොහෝමයක් පරිත්‍යාගයක් කරන ලදී. මෙම පරිත්‍යාගයන් අතර, සියලූම දරුවන්ගේ අධ්‍යාපන අත්දැකීම් වැඩිදියුණු කිරීම සඳහා පාසල් බෑග් ඇතුළත් වූ අතර, දරුවන් හා වැඩිහිටියන් සඳහා දෛනික උදෑසන ආහාරය සහ දිවා ආහාරය පිළියෙළ කිරීමට පහසුකම් සැලසීම සඳහා මුළුතැන්ගෙයි උපකරණ සහ ඇඳුම් පැළඳුම් ද පිරිනමන ලදී. තවද, වැඩිහිටියන් සඳහා ඇවිදීමේ ආධාරක, වැඩිහිටි ඩයපර්, පෝෂණ අතිරේක සහ අත්‍යවශ්‍ය ඖෂධ ද ලබා දෙන ලදී.
අංක 531, අලූත් මාවත පාර, මෝදර, කොළඹ 15 ලිපිනයේ පිහිටි සැමට සරණ” ප‍්‍රජා සුරැකුම් මධ්‍යස්ථානය, 1988 ඔක්තෝබර් 01 වන දින පිහිටුවන ලද අතර, එය අවදානමට ලක් වූවන්ට රැකවරණය සහ සහයෝගය ලබා දීම සඳහා කැප වූ පුණ්‍යායතනයකි. ඔවුන් දැනට පෙර පාසල් දරුවන් 35ක්, පාසල් දරුවන් 155ක් (1 සිට 5 ශ්‍රේණිය දක්වා) සහ වැඩිහිටියන් 75ක් ඇතුළු පුළුල් ප‍්‍රජා කොටසකට සේවය සපයයි.
ප‍්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී සංජීව බණ්ඩාරනායක මහතා අදහස් දක්වමින්, ”වගකීම් සහගත ආයතනයක් ලෙස, අප විශ්වාස කරන්නේ තරුණ පරම්පරාවේ අධ්‍යාපනය සහ යහපැවැත්ම සඳහා ආයෝජනය කිරීම සහ අපගේ වැඩිහිටියන්ගේ ගෞරවය තහවුරු කිරීම ජාතියේ ප‍්‍රගමනයට මූලික වන බවයි. සැමට සරණ” සමඟ අපගේ හවුල්කාරිත්වය මෙම මෙහෙවර කෙරෙහි අපගේ ගැඹුරු කැපවීම පිළිබිඹු කරයි” යනුවෙන් පැවසීය.