People’s Leasing AutoEx – පීපල්ස් ලීසිං වාහන අලෙවි ප‍්‍රදරශනය
People’s Leasing AutoEx – පීපල්ස් ලීසිං කුලියපිටිය ශාඛාව විසින් සංවිධානය කල වාහන අලෙවි ප‍්‍රදර්ශනය ජූනි මස 27/28/29 යන දිනයන් තුලදී කුලියාපිටිය තාක්ෂණික විද්‍යාල ක‍්‍රීඩා පිටියේදී සාර්ථකව පැවැත්විණි.
දිවයිනේ ප‍්‍රමුඛතම වාහන සන්නාම සමගින් වාහන මාදිලි රැසක් මේ සඳහා අත්වැල් බැදගත් අතර ලියාපදිංචි කල සහ නොකල කාර්, වෑන්, ලොරි, බස් සහ ත‍්‍රී රෝද රථ මෙහිදී අලෙවිය සඳහා විවර විය. පාරිභෝගිකයන් හට ඔවුන් දැනට භාවිතා කරන වාහනය අලෙවිය සඳහා අලෙවි ප‍්‍රදරශනය භූමියේදී නොමිලේ ප‍්‍රදරශනය කිරීමේ හැකියාව, වාහන හුවමාරු කිරීම හා ආකර්ෂණීය ලීසිං වාරික යටතේ තම සිහින වාහනය මිලදී ගැනීම යන පහසුකම් එම දිනයන් තුලදීම ලබා දීමට කටයුතු සංවිධානය විය.
එමෙන්ම ඇතුගල්පුර පුරවරයේ වාහන තත්ව පරීක්ෂා කරන්නන් අතර ඉහළ නමක් දිනාගත් Riyotop ආයතනය පාරිභෝගිකයන් මිලදී ගන්නා වාහන වල තත්ව පරීක්ෂාව නොමිලේ සිදු කර එම වාර්ථාව ලබා දීම සදහා ද අත්වැල් බැද ගත් ගත්්හ.
මෙම අවස්ථාව සඳහා පීපල්ස් ලීසිං කුලියාපිටිය ශාඛාවේ ශාඛා කළමනාකරු, ශාඛා කාර්ය මණ්ඩලය, වාහන අලෙවි නියෝජිතයින් හා වාහන ගැණුම්කරුවන් විශාල ප‍්‍රමාණයක් සහභාගී විය.