ජ්‍යෙෂ්ඨ පුරවැසි ඉතිරිකිරීම්

ප්‍රධාන ප්රතිලාභ
- දිනය අවසානයේ ඉතුරුම් ශේෂය මත පදනම්ව පොළිය දිනපතා ගණනය කරන අතර, එය මාසිකව බැර කරනු ලැබේ. ඉතුරුම් ශේෂ පරාමිතීන් සහ පොළී අනුපාත පහත දැක්වේ.
| ඉතුරුම් ශේෂය | අදාළ වන පොළී අනුපාතය | වාර්ෂික සඵල පොළී අනුපාතය (A.E.R.) |
| රු.299,999/- දක්වා | 6.5% | 6.69% |
| රු.300,000/- සිට රු.499,999/- දක්වා | 6.75% | 6.96% |
| රු.500,000/- සිට රු.999,999/- දක්වා | 7.00% | 7.23% |
| රු.1,000,000/- ට වැඩි | 7.25% | 7.49% |
- අන්තර්ජාල බැංකු පහසුකම හරහා දිනකට රුපියල් 1,000,000/- දක්වා මුදල් හුවමාරු කිරීමේ පහසුකම.
- දිවයින පුරා විහිදුණු ශාඛා ජාලය හරහා පහසුවෙන් මුදල් තැන්පත් කිරීම් / මුදල් ආපසු ගැනීම් / මුදල් පැවරීම් (fund transfers) සහ මහජන බැංකුවේ CDMA හරහා මුදල් තැන්පත් කළ හැකි වීම.
- ඔබ ළඟට පැමිණ ඉතුරුම් මුදල් එකතු කිරීමේ සේවාව. (Palmtop Collection) සහ වෙළෙන්දන් සඳහා QR පහසුකම.
- කිසිදු අයකිරීමකින් තොරව ලබාදෙන ඩෙබිට් කාඩ්පත.
- ඩෙබිට් කාඩ්පත සඳහා වාර්ෂික ගාස්තුවක් අය නොකිරීම.
- ඕනෑම මහජන බැංකුවක ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයකින් හෝ වීසා අනුකූල
- ටෙලර් යන්ත්‍රයකින් මුදල් ආපසු ගැනීමට හැකියාව ලබාදෙන වීසා ජාත්‍යන්තර ඩෙබිට් කාඩ්පත.
- දේශීය සහ විදේශීය භාවිතය – දිනකට රුපියල් 100,000/- ක් දක්වා හර කිරීම/ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයකින් මුදල් ආපසු ගැනීම් හෝ දිනකටරුපියල් 150,000/- ක් දක්වා මිලදී ගැනීම් (POS පමණි. / POS + ATM).
- වීසා සක්‍රීය ඩෙබිට් කාඩ්පත හරහා ඔබගේ ගිණුමට ලොව පුරාම ඕනෑම
- ස්ථානයක දී පැය 24 පුරාම ප්‍රවේශය.
- විද්‍යුත් – වාණිජ්‍ය පහසුකම.
- ගාස්තු රහිත ස්ථාවර නියෝග පහසුකම.
- තැන්පතු, මුදල් ආපසු ගැනීම් වැනි සෑම ගණුදෙනුවක් සඳහා සහ ස්ථාවර නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා ගාස්තු රහිත SMS දැන්වීම් පහසුකම.
- සමාගම විසින් ගිණුම් හිමිකරුගේ නමට හෝ පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම වෙත නිකුත් කර ඇති, ගිණුම් හිමිකරුගේ නම සහ ගිණුම් අංකය ඇතුළත් චෙක්පත් භාරගනු ලැබේ.
- මුදල් ශේෂය තහවුරු කරමින් ප්‍රකාශ නිකුත් කිරීම.