ලීසිං ක්ෂේත්‍රයේ නවතම පෙරලිය, නොමිලේ පෙට‍්‍රල් පිරිනමන ‘පීපල්ස් ලීසිං පෙට‍්‍රල් පෙරලිය’


මහජන බැංකුවට අනුබද්ධිත ප‍්‍රමුඛතම බැංකු නොවන මූල්‍ය සමාගමක් වන පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් සමාගමෙන් මෝටර්රථ ලීිසිං හා ණය ලබාගන්නා ගණුුදෙනුකරුවන් වෙනුවෙන් මෙතෙක් කිසිදු බැංකුවක් හෝ මූල්‍ය සමාගමක් ඉදිරිපත් නොකළ ආකාරයේ ප‍්‍රවර්ධන වැඩසටහනක් සමාගමේ 23වන සංවත්සරයට සමගාමීව පසුගියදා දියත් කෙරුණි. ‘පීීපල්ස් ලීසිං පෙට‍්‍රල් පෙරලිය’ නම් එම ප‍්‍රවර්ධන වැඩසටහන මගින් පීපල්ස් ලීසිං සමාගමෙන් මෝටර්රථ සඳහා ලීසිං පහසුකම් හා ණය ලබාගන්නා ගණුුදෙනුකරුවන් අතුරෙන් 25 දෙනෙකු තෝරා ඔවුන්ට වසරක කාලයක් සඳහා රුපියල් 100,000ක ඉන්ධන ගාස්තුවක් නොමිලේ ලබාදෙනු ඇත.

අනුරාධපුර

එ් අනුව මසකට ලක්ෂ 25ක් වටිනා ඉන්ධන දීමනාවක් පීීපල්ස් ලීසිං සමාගම සිය ගණුුදෙනුකරුවන් වෙත පිරිනමනු ලබයිx එසේ පිරිනමනු ලබන මුදල සඳහා පීපල්ස් ලීසිං සමාගම වෙතින් ඉතුරුම් පොලියක් ලබාදීමට කටයුතු සම්පාදනය කර ඇත. පීපල්ස් ලීසිං සමාගමෙන් සෑම මසකම නව ලීසිං පහසුකම් හා වාහන ණය ලබාගන්නා ගණුුදෙනුකරුවන් මෙම ‘පීීපල්ස් ලීසිං පෙට‍්‍රල් පෙරලිය’ ප‍්‍රවර්ධන වැඩසටහනට ඇතුළත්වන අතර, එහි විශේෂත්වය වන්නේ එම වරප‍්‍රසාද වෙනුවෙන් පීපල්ස් ලීසිං සමාගම කිසිඳු අමතර ගාස්තුවක් අය නොකිරීමය. එමෙන්ම සෑම මසකම නව ලීසිං පහසුකමක් හෝ වාහන ණයක් ලබාගන්නා අය අතුරෙන් ජයග‍්‍රාහකයන් තේරීම තොරතුරු තාක්ෂණික ක‍්‍රමවේදයක් යටතේ ස්වාධීන අධීක්ෂණ කමිටුවක් මගින් සිදු කෙරේ. ඒ අනුව වසරකට පීපල්ස් ලීසිං ගණුුදෙනුකරුවන් 300කට නොමිලේ ඉන්ධන ගාස්තු හිමිකරගත හැක.

හැටන්

ශී‍්‍ර ලංකාවේ විශාලතම රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුවට අනුබද්ධිත සමාගමක් ලෙසින් 1996 දී ඇරඹූ පීපල්ස් ලීසිං සමාගම, ලීසිං ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා වන අතර විශාලතම බැංකු නොවන මූල්‍ය සමාගමයි. පීපල්ස් ලීසිං සමාගම ෆිච් රේටිංස් ලංකා දේශීය ණය ශ්‍රේණිගතකිරීම් අනුව AA- (lka) ශ්‍රේණිගතය හිමි මූල්‍ය සමාගමක් වන අතර 5වන වරටත් ශ‍්‍රී ලංකාවේ වගකීම් සහගත ආයතනික පුරවැසියන් 10 දෙනා අතරට ශ‍්‍රී ලංකා වාණිජ මණ්ඩලය විසින් ඇගයීමට ලක් වූ සමාගමකි. ශ‍්‍රී ලංකාව තුළ වටිනාම හා ප‍්‍රබලතම සන්නාම ශ්‍රේණිගත කිරීම සිදු කරන Brand Finance Awards 2018 දී ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම බැංකු නොවන මූල්‍ය ආයතනය වශයෙන්ද පීපල්ස් ලීසිං සමාගම පසුගියදා ඇගයීමට ලක් විය. තවද ලබන ලාභයෙන් කොටසක් පරිසර සංරක්ෂණය මෙන්ම ව්‍යවසායකත්වය නංවාලීමට, මුල් ළමාවිය/පාසල් මෙන්ම වෘත්තීය අධ්‍යාපනය නගාසිටුවීමට හා ප‍්‍රජාවන් සවිබලගැන්වීමට කටයුතු කරන සමාගමකි.

කැලණිය

පීපල්ස් ලීසිං සමාගමේ නවතම ප‍්‍රවර්ධන වැඩසටහනවන ‘පීපල්ස් ලීසිං පෙට‍්‍රල් පෙරලිය’ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එම සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අලෙවි*, ලක්සඳ ගුණවර්ධන මහතා පැවසුවේ, ‘ජනහද හඳුණන’ මූල්‍ය සමාගම ලෙස පීපල්ස් ලීසිං සමාගම සම`ග ලීසිං පහසුකම්වලට එළැඹීමට ගණුුදෙනුකරුවන් දැඩි කැමැත්තක් දක්වනවා. එමෙන්ම එක් වරක් ලීසිං පහසුකම් ලබාගත් ගණුුදෙනුකරුවකු ඔවුුන්ගේ නව ලීසිං පහසුකම් සඳහා පැමිනෙන්නේත් අප වෙතමයි. මෙම ‘පීපල්ස් ලීසිං පෙට‍්‍රල් පෙරලිය’ වැඩසටහන දියත් කෙරෙන්නේ එවැනි සුවිශේෂී පක්ෂපාතීත්වයක් දක්වන ගණුුදෙනුකරුවන්ට පිරිනැමෙන සංවත්සර තිළිණයක් ලෙසිනුයි. මෙම වැඩසටහන යටතේ සෑම මසකම ගණුුදෙනුකරුවන් 25 දෙනෙකු වෙත ලක්ෂ 25ක් දක්වා ඉන්ධන දීමනාවක් ලබාදීමටත්, පීපල්ස් ලීසිං සමාගමේ ඉතුරුම් ගිණුම් වෙත බැර කරනු ලබන මෙම දීමනාව සඳහා සුවිශේෂී පොලී අනුපාතයක් ලබාදීමටත් අප කටයුතු කරනවා. එමෙන්ම මෙම වරප‍්‍රසාද වෙනුවෙන් කිසිඳු අමතර ගාස්තුවක් අය නොකිරීම හෝ සැ`ගවුණු ගාස්තුවක් නොවීම විශේෂත්වයක්. මෙම ‘පීපල්ස් ලීසිං පෙට‍්‍රල් පෙරලිය’ වැඩසටහනෙහි ප‍්‍රතිලාභය ලබාගැනීම සඳහා පීපල්ස් ශාඛා ජාලයෙන් විමසීම් කළ හැකියි’ යන්නය.

මන්නාරම
මැදවච්චිය