පීපල්ස් ලීසිං සමාගම Brand Finance Sri Lanka Index 2019 හි ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්ය සමාගම් අතර ව


ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්ය සමාගම වන පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් සමාගම, ශ්‍රී ලංකාවේ ‘වටිනාම හා ප්රබලතම සන්නාම’ (Most Valuable & Strongest Brands) ශ්‍රේණිගත කරන Brand Finance Sri Lanka Index 2019 හි ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම බැංකු නොවන මූල්ය ආයතනය ලෙස අඛණ්ඩව දෙවන වරටත් පසුගියදා ඇගයීමට පාත්‍ර විය. ශ්‍රී ලංකාවේ ‘වටිනාම හා ප්‍රබලතම සන්නාම’ ශ්‍රේණිගත කිරීමේ පුරෝගාමී ආයතනය වන Brand Finance Lanka විසින් වාර්ෂිකව ඉදිරිපත් කරන ‘Brand Finance 100’ලැයිස්තුව ප්‍රකාශයට පත්කිරීමේදී, එම ඇගයීම් ප්‍රදානය පසුගියදා කොළඹදී සිදු කෙරුණි.

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්ය සමාගම් අතර වටිනාම හා ප්‍රබලතම සන්නාමය ලෙස පීපල්ස් ලීසිං සමාගම ශ්‍රේණිගත කිරීමේදී Brand Finance Lanka ආයතනය විසින් රුපියල් බිලියන 8.7ක ‘සන්නාම වටිනාකමක්’ (Brand Value) සන්නාම ශ්‍රේණිගතකිරීමක් (Brand Rating) පීපල්ස් ලීසිං සමාගමට ලබාදී ඇත. එයට අමතරව විවිධ ගනුදෙනුකරුවන් සඳහා විවිධාකාරව නිර්මාණය කළ මූල්ය විසඳුම් රැසක් එක වහලක් යටින් සැපයීමෙන් නිර්මාණය කරගත් බොහෝ පක්ෂපාතී ගනුදෙනුකාර පදනමක් පීපල්ස් ලීසිං සමාගම සතු බව මෙම ශ්‍රේණිගතකිරීම සම්බන්ධයෙන් Brand Finance Lanka ආයතනය සදහන් කරයි. එමෙන්ම තවත් සුවිශේෂත්වයක් ලෙස එම ආයතනය දක්වන්නේ රාජ්‍ය අංශයේ විශ්වසනීයබව හා පෞද්ගලික අංශයේ ක්‍රියාශීලීත්වය ඒකාබද්ධවීමෙන් පීපල්ස් ලීසිං සමාගම සෙසු බැංකු නොවන මූල්ය සමාගම් අතර විශිෂ්ටත්වයට පත්ව තිබෙන බවකි.

වටිනාම හා ප්‍රබලතම සන්නාම 100 හඳුනා ගැනෙන්නේ ස්වාධීන සමීක්ෂණ ආයතනයක් විසින් සිදුකරන සවිස්තරාත්මක හා අපක්ෂපාතී අලෙවි සමීක්ෂණයකින් ලබාගත් දත්ත හා කොළඹ කොටස් වෙළෙඳපොලෙහි ශ්‍රේණිගත සමාගම් පිළිබඳව ප්‍රසිද්ධ කර ඇති මූල්ය හා මූල්ය නොවන තොරතුරු පදනම් කරගනිමිනි. ශ්‍රී ලංකාවේ වෙළෙඳ සන්නාමයන් හි වටිනාකම හා ප්‍රබලත්වය වාර්ෂිකව ශ්‍රේණිගතකරන Brand Finance Lanka ආයතනයෙහි මූලස්ථානය බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර පිහිටා ඇති අතර, එහි නියෝජනය ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසක නියෝජිත ශාඛා ජාලයක් හරහා පිහිටුවා ඇත.

පීපල්ස් ලීසිං සමාගම Brand Finance Awards – 2019 හි ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම බැංකු නොවන මූල්ය ආයතනය ලෙස නිවේදනය කරමින් Brand Finance ආයතනයේ කළමනාකාර අධ්යක්ෂ රිචර්ඞ් හේග් මහතා පැවසුවේ, ‘දිවයින පුරාම සවිමත් ශාඛා ජාලයක් විසිරී තිබීමෙන් විවිධාකාර වූ ගනුදෙනුකරුවන්ගේ මූල්ය අවශ්යතා ඔවුන්ට ගැලපෙන හා පහසු ආකාරයෙන් විසඳීමෙන් බොහෝ සවිමත් ගනුදෙනුකාර පක්ෂපාතීත්වයක් හිමිකරගැනීමට පීපල්ස් ලීසිං සමාගම සමත්ව තිබේ.’ යනුවෙනි.

“Brand Finance Sri Lanka 100”, ලැයිස්තුයෙහි හි ශ්‍රී ලංකාවේ වඩාත් වටිනාතම බැංකු නොවන මූල්‍ය සමාගම ලෙස පීපල්ස් ලීසිං සමාගම කිරුළු පැළැඳීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ එම සමාගමේ නියෝජ්ය සාමාන්යාධිකාරී (අලෙවි), ලක්සඳ ගුණවර්ධන මහතා පැවසුවේ, ‘ශ්‍රී ලංකාවේ වටිනාම හා ප්‍රබලතම සන්නාම’ ශ්‍රේණිගතකිරීමේ පුරෝගාමී ආයතනය වන්නේ Brand Finance Lanka ආයතනයයි. එවැන්නකින්, පීපල්ස් ලීසිං සමාගම බැංකු නොවන මූල්ය ආයතන අතර ප්‍රමුඛයා ලෙස අඛණ්ඩව දෙවන වරටත් තේරී පත්වීම අප සමාගමේ මුල්ය සේවා විශිෂ්ටත්වය සැමටම කියාපෑමක්. එමෙන්ම එමගින් අප සමාගමේ සවිමත්බව, විශිෂ්ට සේවාව පිළිබඳව, කෙතරම් වටිනාකමකින් යුතුව මෙරට ජනතාව අගය කරන්නේද යන්න යළිත් සනාථ වූවා. එමෙන්ම අප සමාගම දෙවන වරටත් අඛණ්ඩව මෙම සුවිශේෂී ශ්‍රේණිගත කිරීමට හිමිකම් කීම අප සම`ග අත්වැල් බැඳගත් ගනුදෙනුකරුවන්ගේද ජයග්‍රහණයක් වන්නේ, තම මූල්ය විසඳුම් සම්බන්ධයෙන් ඔවුන් නිවැරදි තෝරාගැනීමක් සිදුකර තිබීමෙනුයි’ යන්නයි.