පීපල්ස් ලීසිං සමාගම, ‘සෙනෙහස’ ගිණුමට සෙනෙහස යාළු තෑගි වැඩසටහනක් එක් කරයිි.


ශී‍්‍ර ලංකාවේ බැංකු නොවන ප‍්‍රමුඛතම මූල්‍ය ආයතනයක් වන පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් සමාගම මෙරට දරුවන් අතර ඉතිරිකිරීමේ පුරුද්ද වර්ධනයකිරීමේ අරමුණෙන් එම සමාගමේ ‘සෙනෙහස’ ළමා ඉතුරුම් ගිණුමට දරුවන්ගේ සිත්ගන්නා තෑගි පිරිනැමීමේ වැඩසටහනක් පසුගියදා දියත් කරනු ලැබීය. එම ප‍්‍රවර්ධන වැඩසටහන යටතේ වයස අවුරුදු 13න් පහළ දරුවන් සඳහා වූ ‘සෙනෙහස යාළු’ ළමා ඉතුරුම් ගිණුමක් අරඹන දරුවන්ට තැන්පත් කරන මුදලට අනුව ඔවුන්ට ඵලදායි තිළිණ ප‍්‍රදානය කරන අතර, රුපියල් 500, 1000, 2500, 5000, 10000, 15000 හා 25000 සඳහා පිළිවෙලින් ළමා ඉතුරුම් කැටයක්, මැජික් කැටයක්, ළමා කෑම පෙට්ටියක්, ළමා කුඩයක්, පරිගණක මවුසයක්, 32 ඨඊ මෙමරි කාර්ඞ්පතක් හා ස්විස් ගමන් මල්ලක් පිරිනැමෙනු ඇත. එයට අමතරව ළමා ගිණුම් සඳහා ලබාදෙන දිවයිනේ වැඩිම පොලී අනුපාතයක් ලෙස 5%ක වාර්ෂික පොලියක්ද මෙම ‘සෙනෙහස යාළු’ ළමා ඉතුරුම් ගිණුමට පිරිනමනු ලබයි. එ් අතරම ‘සෙනෙහස’ ළමා ඉතුරුම් ගිණමක් සඳහා 8% වාර්ෂික පොලියක් පිිරිනැමේ.

පීපල්ස් ලීසිං සමාගම ‘සෙනෙහස යාළු’ ළමා ඉතුරුම් ගිණුම වෙනුවෙන් දියත් කළ වටිනා තිළිණ පිරිනැමීමේ ප‍්‍රවර්ධන වැඩසටහන සම්බන්ධයෙන් අදහස් දැක්වූ එම සමාගමේ ස්ථාවර තැන්පතු හා ඉතුරුම් අංශයේ ප‍්‍රධාන කළමනාකරු, සමන් ලියනගේ මහතා පැවසුවේ, ‘ළමුන් අතර ඉතිරිකිරීමේ පුරුද්ද වර්ධනයකිරීම ජාතික වශයෙන් වැදගත් අවශ්‍යතාවක්. එහෙයින් පීපල්ස් ලීසිං සමාගම එම ජාතික කාර්යයට උරදීමක් ලෙස වරින්වර ගිණුම් ඇරඹීමට තැන්පත් කරන මුදල මත දරුවන්ගේ සිත්ගන්නා තිළිණ ප‍්‍රදාන වැඩසටහනක් දියත් කරනු ලබනවා. විශේෂයෙන්ම පසුගියදාට යෙදුණු ලෝක ළමා දිනය කේන්ද්‍ර කරගනිමින් හඳුන්වාදුන් මෙම ප‍්‍රවර්ධන වැඩසටහනට වයස අවුරුදු 13න් පහළ දරුවන් තුළ දැනටමත් කදිම උනන්දුවක් ඇතිවීම ගැන අප සමාගම සතුටට පත්වෙනවා.’ යන්නය.

ශී‍්‍ර ලංකාවේ විශාලතම රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුවට අනුබද්ධිත සමාගමක් ලෙසින් 1995 දී ඇරඹූ පීපල්ස් ලීසිං සමාගම, ලීසිං ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා වන අතර විශාලතම බැංකු නොවන මූල්‍ය සමාගමයි. පීපල්ස් ලීසිං සමාගම ෆිච් රේටිංස් ලංකා දේශීය ණය ශ්‍රේණිගතකිරීම් අනුව AA-(lka) ශ්‍රේණිගතය හිමි මූල්‍ය සමාගමක් වන අතර 5වන වරටත් ශ‍්‍රී ලංකාවේ වගකීම්සහගත ආයතනික පුරවැසියන් 10 දෙනා අතරට ශ‍්‍රී ලංකා වාණිජ මණ්ඩලය විසින් ඇගයීමට ලක් වූ සමාගමකි. ශ‍්‍රී ලංකාව තුළ වටිනාම හා ප‍්‍රබලතම සන්නාම ශ්‍රේණිගතය සිදු කරන Brand Finance Awards 2018 දී ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම බැංකු නොවන මූල්‍ය ආයතනය වශයෙන්ද පීපල්ස් ලීසිං සමාගම පසුගියදා ඇගයීමට ලක් විය.

පීපල්ස් ලීසිං ලබාදෙන මූල්‍ය සේවාවන් අතර ලීසිං, ස්ථාවර තැන්පතු, ඉතුරුම් ගිණුම්, පුද්ගලික හා ව්‍යාපාරික ණය පහසුකම්, ණය සාධ්‍යකරණය (Factoring), ආන්තික වෙළඳාම (Margin Trading) සහ ඉස්ලාමීය මූල්‍ය පහසුකම් වන අතර පීපල්ස් ඉන්ෂුවරන්ස්, පීපල්ස් මයික්‍රොෆිනෑන්ස්, පීපල්ස් ලීසිං ප්‍රොපටි ඩිවලොප්මන්ට්, පීපල්ස් ලීසිං ෆ්ලීට් මැනේජ්මන්ට් හා පීපල්ස් ලීසිං හැව්ලොක් ප්‍රොපටීස්, ලංකන් එලායන්ස් ෆිනෑන්ස් යන සමාගම් එහි අනුබද්ධිත ආයතන වෙති.

දිවයින පුරා ව්‍යාප්ත ශාඛා ජාලය හරහා තමන්ට වඩාත්ම සුදුසු මූල්‍ය සැලසුම් සුහදශීලිව, කඩිනමින් හා විශ්වාසනීය ලෙස සපුරාගැනීමට සිය ගණුදෙනුකාරභවතුන්ට අවස්ථාව සැලසීම පීපල්ස් ලීසිං සමාගමේ සුවිශේෂීත්වය වේ.