පීපල්ස් ලීසිං සමාගම, මන්නාරමේ සිට තංගල්ල දක්වා මුහුදුබඩ ප‍්‍රදේශයේ වෙරළබඩ ශාඛ 5500ක් රෝපණය කරයි


මහජන බැංකුවට අනුබද්ධිත ප‍්‍රමුඛතම බැංකු නොවන මූල්‍ය සමාගමක් වන පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් සමාගමේ තවත් සමාජ සත්කාරක වැඩසටහනක් ලෙස මන්නාරමේ සිට තංගල්ල දක්වා මුහුදුබඩ ප‍්‍රදේශයෙහි පැල 5500ක් සිටුවීමේ වැඩසටහනක් පසුගියදා කි‍්‍රයාත්මක කෙරුණි. වෙරළ ඛාදනය වැළැක්වීම, කලපු ආශි‍්‍රත පරිසර පද්ධති සංරක්ෂණය හා ගෝලීය උෂ්ණත්වය අවම කිරීමේ අරමුණෙන් ‘ජෛව සංරක්ෂණ සංගමය’ (Bio Conservation Society) හා ‘වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ’ සහයෝගීතාවෙන් සිදු කළ මෙම පැල සිටුවීමේ සමාජ සත්කාරක වැඩසටහන යටතේ මන්නාරෙම සිට තංගල්ල දක්වා මුහුදුබඩ තීරයේ (එරුක්කලම්පිඩි) මන්නාරම, (කන්දකුලිය) පුත්තලම, (කරුකුපනේ) හලාවත, (දුන්ගල්පිටිය) මීගමුව, (පොතුපිටිය) පානදුර, (අතුරුවැල්ල) අළුත්ගම, (අහුන්ගල්ල) අම්බලන්ගොඩ, (මහමෝදර) ගාල්ල, (මිදිගම) මාතර හා (කපුහේන්වල) තංගල්ල යන ස්ථාන 10ක වැටකෙයියා පැල 4,500ක් හා කඩොලාන පැල 1,000ක් රෝපණය කරන ලදී. මෙම වැඩසටහනට මන්නාරම, පුත්තලම, හලාවත, මීගමුව, පානදුර, අළුත්ගම, අම්බලන්ගොඩ, ගාල්ල, මාතර හා තංගල්ල පීපල්ස් ලීසිං ශාඛා කළමනාකරුවන් හා එහි කාර්ය මණ්ඩලය තම පූර්ණ සහයෝගීතාව ලබා දුන්හ. මෙම වෙරළ සංරක්ෂණය සඳහා පැල සිටුවීමේ සමාජ සත්කාරක වැඩසටහනට අමතරව කැස්බෑවන් ඇතුළු වෙරළ පරිසර පද්ධතියේ සංරක්ෂණයෙහි වැදගත්කම පිළිබඳව දැනුවත්කිරීමේ වැඩමුළු 10ක් එම ප‍්‍රදේශවාසීන් හා පාර්ශ්වකරුවන් වෙනුවෙන් පැවත්වීම විශේෂත්වයකි. එමෙන්ම පැල රෝපණ කි‍්‍රයාවලියට දිරිගැන්වීමක් ලෙස එම පැල රෝපණ වැඩසටහන් හා වැඩමුළුවලට සහභාගීවූවන්ට සහතිකපත්ද පිරිනැමුණි.

එයට අමතරව වනජීවී දෙපාර්තමේන්තුව, ශී‍්‍ර ලංකා පොලීසිය, ශී‍්‍ර ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන්, එම ප‍්‍රදේශවල රජයේ පාසල්වල දරුවන්, සමාජ සංවිධානවල සාමාජිකයන් සහයෝගීතාව දැක්වූ මෙම වැඩසටහනට සමගාමීව වෙරළ තීරය පවිත‍්‍රකිරීමේ ශ‍්‍රමදාන වැඩසටහන් මාලාවක් පැවැත්විණි. මෙම වැඩසටහනෙහි තවත් විශේෂත්වයක් වන්නේ පැල රෝපණයට එක්වූ ප‍්‍රජා මූලික සංවිධාන විසින් ඔවුන් පැල රෝපණය කළ කොටස රැුකබලාගැනීමේ වගකීමද ස්වේච්ජාවෙන් භාරගැනීමය.

මන්නාරම සිට තංගල්ල දක්වා වෙරළ තීරයෙහි පැල රෝපණයකිරීමේ වැඩසටහන සම්බන්ධයෙන් අදහස් දැක්වූ පීපල්ස් ලීසිං සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධීකාරී, සබි‍්‍ර ඊබ‍්‍රහිම් මහතා පැවසුවේ, ‘ශී‍්‍ර ලංකාවේ වගකිම් සහගත ආයතනික පුරවැසියෙකු ලෙස අප සමාගම මෙරට ජනජීවිතය නගාසිටුවීම හා පරිසර සංරක්ෂණය වෙනුවෙන් සැලකිය යුතු කාර්යභාරයක් ඉටුකරන සමාගමක්. අප සමාගම තම ශාඛා ජාලයෙහි සහයෝගීතාව සම`ග විවිධාකාර සමාජ සත්කාරක වැඩසටහන් දිවයින පුරාම නිරන්තරයෙන්ම කි‍්‍රයාත්මක කරනු ලබනවා. මන්නාරමේ සිට තංගල්ල දක්වා වෙරළ තීරයෙහි සිදු කළ මෙම පැල රෝපණය කිරීමද එවැනි වැඩසටහනක්. ඒ සඳහා ‘ජෛව සංරක්ෂණ සංගමය’ අපට ලබා දුන් උපදෙස් හා සහයෝගීතාව විශේෂයෙන්ම සිහිපත් කළ යුත්තක්. ඉදිරියේදීද මෙම කටයුතු තවදුරටත් රටපුරා ව්‍යාප්ත කිරීමට අප සමාගම අදහස් කරනවා.’ යන්නය.

පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් සමාගමේ මෙම පැල රෝපණ වැඩසටහන කි‍්‍රයාත්මක කළ ‘ජෛව සංරක්ෂණ සංගමය’ වෙරළබඩ ජෛව සංරක්ෂණය හා මුහුදු කැස්බෑවන් සංරක්ෂණයෙහි ශී‍්‍ර ලංකාවේ කි‍්‍රයාකාරී ආයතනයක් වන අතර එහි සභාපතීත්වය දරන්නේ කැස්බෑ සංරක්ෂණ විශේෂඥයෙකු හා එම විෂය සම්බන්ධයෙන් දෙස් විදෙස් සම්මන්ත‍්‍රණවල ප‍්‍රකට දේශකයෙකු වන ආචාර්ය, ලලිත් ඒකනායක මහතා විසිනි.

මේ පිළිබ`ද අදහස් දැක්වූ ජෛව සංරක්ෂණ සංගමයේ සභාපති ආචාර්ය ලලිත් ඒකනායක මහතා පැවසුවේ, ‘පීපල්ස් ලීසිං සමාගමේ පරිසර සත්කාරයක් ලෙස අපි මේ වැඩසටහන ක‍්‍රියාත්මක කරනවා. කඩොලාන ආශ‍්‍රිතව ඉස්සන් සහ මාළුන් බෝවීම වැඩිවීම නිසා ධීවර කර්මාන්තයට රුකුලක් ලැබෙනවා. ඒ වගේම නිවර්තන වනාන්තරයකට සාපේක්ෂව තුන්ගුණයක් වැඩියෙන් කාබන්ඩයොක්සයිඞ් උරාගැනීම කඩොලාන පරිසර පද්ධතියකින් සිදුවෙනවා. සමස්ථයක් ලෙස වෙරළ ඛාදනය අඩුකිරීම, වෙරළබඩ සහ කලපු පරිසර පද්ධතිය සංරක්ෂණය මෙම ව්‍යාපෘතියේ අරමුණයි’ යන්නය.

ශී‍්‍ර ලංකාවේ විශාලතම රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුවට අනුබද්ධිත සමාගමක් ලෙසින් 1996 දී ඇරඹූ පීපල්ස් ලීසිං සමාගම, ලීසිං ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා වන අතර විශාලතම බැංකු නොවන මූල්‍ය සමාගමයි. පීපල්ස් ලීසිං සමාගම ෆිච් රේටිංස් ලංකා දේශීය ණය ශ්‍රේණිගතකිරීම් අනුව AA- (lka) ශ්‍රේණිගතය හිමි මූල්‍ය සමාගමක් වන අතර 5වන වරටත් ශ‍්‍රී ලංකාවේ වගකීම් සහගත ආයතනික පුරවැසියන් 10 දෙනා අතරට ශ‍්‍රී ලංකා වාණිජ මණ්ඩලය විසින් ඇගයීමට ලක් වූ සමාගමකි. ශ‍්‍රී ලංකාව තුළ වටිනාම හා ප‍්‍රබලතම සන්නාම ශ්‍රේණිගත කිරීම සිදු කරන Brand Finance Awards 2018 දී ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම බැංකු නොවන මූල්‍ය ආයතනය වශයෙන්ද පීපල්ස් ලීසිං සමාගම පසුගියදා ඇගයීමට ලක් විය. තවද ලබන ලාභයෙන් කොටසක් පරිසර සංරක්ෂණය මෙන්ම ව්‍යවසායකත්වය නංවාලීමට, මුල් ළමාවිය/පාසල් මෙන්ම වෘත්තීය අධ්‍යාපනය නගාසිටුවීමට හා ප‍්‍රජාවන් සවිබලගැන්වීමට කටයුතු කරන සමාගමකි.

පීපල්ස් ලීසිං ලබාදෙන මූල්‍ය සේවාවන් අතර ලීසිං, වාහන ණය, ස්ථාවර තැන්පතු, ඉතුරුම් ගිණුම්, නිවාස හා ව්‍යාපාරික ණය පහසුකම්, ණය සාධ්‍යකරණය (Factoring), ආන්තික වෙළඳාම (Margin Trading) රන් ණය සහ ඉස්ලාමීය මූල්‍ය පහසුකම් වන අතර පීපල්ස් ඉන්ෂුවරන්ස්, පීපල්ස් මයික්‍රෝ කොමර්ස්, පීපල්ස් ලීසිං ප්‍රොපටි ඩිවලොප්මන්ට්, පීපල්ස් ලීසිං ෆ්ලීට් මැනේජ්මන්ට් හා පීපල්ස් ලීසිං හැව්ලොක් ප්‍රොපටීස් සහ බංගලාදේශයේ ස්ථාපිත ලංකන් එලායන්ස් ෆිනෑන්ස් යන සමාගම් එහි අනුබද්ධිත සමාගම් වෙති.

දිවයින පුරා ව්‍යාප්ත ශාඛා ජාලය හරහා තමන්ට වඩාත්ම සුදුසු මූල්‍ය සැලසුම් සුහදශීලිව, කඩිනමින් හා විශ්වාසනීය ලෙස සපුරාගැනීමට සිය ගණුදෙනුකාරභවතුන්ට අවස්ථාව සැලසීම පීපල්ස් ලීසිං සමාගමේ සුවිශේෂීත්වය වේ.