පීපල්ස් ලීසිං සමාගම කොළඹ කාසල් වීදීයේ කාන්තා රෝහල වෙත ‘ඩිජිටල් එක්ස් කිරණ’ විසදුමක් පරිත්‍යාග කරයි


මහජන බැංකුවට අනුබද්ධිත ප‍්‍රමුඛතම බැංකු නොවන මූල්‍ය සමාගමක් වන පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් සමාගම කොළඹ කාසල් වීදීයේ කාන්තා රෝහලෙහි සෞඛ්‍ය සේවා ඩිජිටල්කරණයට දායකත්වය සපයමින් රුපියල් මිලියන 5කට අධික වටිනාකමකින් යුතු ‘ඩිජිටල් එක්ස් කිරණ’ විසඳුමක් (Digital X- Ray Solution) පරිත්‍යාග කෙරුණි.

පීපල්ස් ලීිසිං සමාගම විසින් පරිත්‍යාග කළ ‘ඩිජිටල් එක්ස් කිරණ විසඳුම’ කාසල් කාන්තා වීදීයේ රෝහල වෙත ලබා දීම පීපල්ස් ලීසිං සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධීකාරී (අලෙවි& ලක්සඳ ගුණවර්ධන මහතා හා එම රෝහලේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණ.

වසර 2015 සිට රෝහල් සේවාවේ ගුණාත්මකභාවය ඉහල නැංවීමේ අරමුණින් ක‍්‍රමානුකුලව ඩිජිටල්කරණයට ලක්වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම තෘතියික රෝහලක් වන කොළඹ කාසල් වීදීයේ කාන්තා රෝහල විසින් කළ ඉල්ලීමකට අනුව මෙම පරිත්‍යාගය සිදු කෙරුණි. විශේෂයෙන්ම මෙම ජාත්‍යන්තර මට්ටමේ නව ‘ඩිජිටල් එක්ස් කිරණ විසඳුම ලැබීමත් සමග එම පහසුකම් අවශ්‍ය මව්වරු, අළුත උපන් දරුවන් හා නොමේරු දරුවන් ඉතා අවම එක්ස් කිරණ ප‍්‍රමාණයකට පමණක් නිරාවරණයවීමකින් සිදුවන අතර එම ඩිජිටල් ඡුායාපිටපත් ඉතා නිවැරදිව බැලීමේ හැකියාවෙන් රෝගී තත්ත්වය ඉතා සියුම්ව නිරීක්ෂණය කිරිමෙන් වෛද්‍යවරුන්ට ඉතා නිවැරදිව රෝග විනිශ්චයට උපකාරි වේ. එමෙන්ම මෙම නව ‘ඩිජිටල් එක්ස් කිරණ විසඳුම’ මගින් සැපයෙන දත්ත පරිගණක ඔස්සේ වැඩිදුර ප‍්‍රතිකාර සඳහා යොමු කෙරෙන වෙනත් රෝහල් අංශ වෛද්‍යවරුන් වෙත පහසුවෙන් ඉතා කෙටි කාලයක් තුළදී සැපයිය හැක.තවද මෙම නව ‘ඩිජිටල් එක්ස් කිරණ විසඳුම’ හේතුවෙන් භාවිතයෙන් පසු එක්ස් කිරණ ඡුායාරූප බැහැරලීමේදී පරිසරයට එකතු වන සිල්වර් නයිටේ‍්‍රට් වැනි පරිසරයට හානිකර රසායනිකයන් මුදාහැරීම සිදු නොවීමෙන් එහි කි‍්‍රයාවලිය පරිසර හිතකාමීද වූවකි.

පීපල්ස් ලීසිං සමාගම විසින් කොළඹ කාසල් කාන්තා වීදීයේ රෝහලට නව ‘ඩිජිටල් එක්ස් කිරණ විසඳුමක් පරිත්‍යාග කිරීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ එම සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධීකාරී(අලෙවි& ලක්සඳ ගුණවර්ධන මහතා පැවසුවේ, ‘පීපල්ස් ලීසිං සමාගමේ ව්‍යාපාරික කි‍රයාවලිය සේම සමාජ සත්කාරයන්ද ජනතා සුභසෙත පදනම් වූවක්. වගකීම්සහගත ව්‍යාපාරික් ලෙස අප සැමවිටම උත්සාහ කරන්නේ මෙරට ජනතාවගේ ජීවන තත්ත්වය වඩාත් යහපත් කිරීමටයි.

කොළඹ කාසල් වීදීයේ කාන්තා රෝහල අනාගත ලෝකයේ තාක්ෂණයට එක්වෙමින් රෝහලේ සේවා ඩිජිටල්කරණයට අදාළව කළ මෙම ඉල්ලීම ඉටු කිරීමට අප ඉදිරිපත් වූයේ ඉතා කැමැත්තෙනි. අප සමාගම මූල්‍ය කටයුතු සඳහා යෙදෙන්නේද නවතම තොරතුරු තාක්ෂණික පහසුකම් යටතේයි. එම ආකාරයෙන්ම මෙරට රජයේ රෝහල්ද නවතම තොරතුරු තාක්ෂණික ක‍්‍රමවේද එක්කර ගැනීමෙන් වෛද්‍ය ප‍්‍රතිකාර කිරීම් වඩාත් ගුණාත්මක තත්ත්වයකට පත්වෙනවා. සමාගමක් ලෙස මෙරට ජනතාවට වඩාත් යහපත් ජීවන තත්ත්වයක් ලබාදීමට දායකවීමට අපට හැකි වීම බොහෝ සතුටක් යන්නය.

පීපල්ස් ලීසිං සමාගම කොළඹ කාසල් වීදීයේ කාන්තා රෝහලට සිදු කළ පරිත්‍යාග සම්බන්ධයෙන් අදහස් දැක්වූ එම රෝහලේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසුවේ, ‘දිවයිනේ පු‍්‍රමුඛතම කාන්තා රෝහලක් ලෙස කොළඹ කාසල් වීදීයේ කාන්තා රෝහලට වසරකට ප‍්‍රතිකාර සඳහා 3000කට අධික පිිරිසක් පැමිණෙනවා. විශේෂයෙන්ම ගර්භණී කතුන් හා අළුත උපන් දරුවන් සඳහා ප‍්‍රතිකාර කරන අප රෝහල තුළ වඩාත් සුව පහසු හා දියුණු සෞඛ්‍ය සේවාවක් සැපයීමට වර්තමානයේ ඩිජිටල්කරණය උපකාර වෙනවා. නමුත් ඒ සඳහා පෞද්ගලික අංශයේ උපකාරද අපට අවශ්‍යයි. අප රෝහලට අවශ්‍යව තිබූ උපකරණයක් වූ ‘ඩිජිටල් එක්ස් කිරණ විසඳුමක්’ සැපයීමෙන් පීපල්ස් ලීසිං සමාගම ඉටු කළේ මිල කළ නොහැකි මෙහෙවරක් බව සිහිපත් කරන්නේ කෘතඥතාවෙන් යුතුවයි යන්නය.

ශ‍්‍රී ලංකාවේ විශාලතම රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුවට අනුබද්ධිත සමාගමක් ලෙසින් 1996 දී ඇරඹූ පීපල්ස් ලීසිං සමාගම, ලීසිං ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා වන අතර විශාලතම බැංකු නොවන මූල්‍ය සමාගමයි. පීපල්ස් ලීසිං සමාගම ෆිච් රේටිංස් ලංකා දේශීය ණය ශ්‍රේණිගතකිරීම් අනුව AA- (lka) හා ෆිච් රේටිංස් ඉන්ටර්නැෂනල් අනුව B- ලෙස ඉහළම ණය ශ්‍රේණිගතය හිමි මූල්‍ය සමාගමක් වන අතර 5වන වරටත් ශ‍්‍රී ලංකාවේ වගකීම් සහගත ආයතනික පුරවැසියන් 10 දෙනා අතරට ශ‍්‍රී ලංකා වාණිජ මණ්ඩලය විසින් ඇගයීමට ලක් වූ සමාගමකි. ශ‍්‍රී ලංකාව තුළ වටිනාම හා ප‍්‍රබලතම සන්නාම ශ්‍රේණිගතය සිදු කරන Brand Finance Awards 2019 දී ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම බැංකු නොවන මූල්‍ය ආයතනය වශයෙන්ද පීපල්ස් ලීසිං සමාගම පසුගියදා ඇගයීමට ලක් විය. තවද ලබන ලාභයෙන් කොටසක් පරිසර සංරක්ෂණය මෙන්ම ව්‍යවසායකත්වය නංවාලීමට, මුල් ළමාවිය/පාසල් මෙන්ම වෘත්තීය අධ්‍යාපනය නගාසිටුවීමට හා ප‍්‍රජාවන් සවිබලගැන්වීමට කටයුතු කරන සමාගමකි.