පීපල්ස් ලීසිං සමාගමේ වාර්ෂික වාර්තාව 55වන CA Sri Lanka සම්මාන උළෙලේදී සම්මාන 2ක් දිනාගනී


ශ‍්‍රී ලංකාවේ බැංකු නොවන ප‍්‍රමුඛතම මූල්‍ය ආයතනය වන පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් සමාගම ‘CA Sri Lanka වාර්ෂික වාර්තා සම්මාන උළෙලේදී’ (CA Sri Lanka Annual Reports Awards – 2019& සම්මාන 2ක් දිනාගැනීමට සමත්විය. එනම් පීපල්ස් ලීසිං සමාගමේ 2018/19 මූල්‍ය වර්ෂය වෙනුවෙන් නිකුත් කළ වාර්ෂික වාර්තාවට Integrated Reporting – Best Disclosure on business Model අංශය වෙනුවෙන් රිදී සම්මානය හා Finance Companies and Leasing Companies (Total Assets above LKR 20 Billion) යන අංශයෙ ලෝකඩ සම්මානය හිමි කරගැනීමෙනි. පීපල්ස් ලීසිං සමාගමේ වාර්ෂික වාර්තාව අඛණ්ඩව දේශීය මෙන්ම විදේශීය ඇගයීමට ලක්වීමෙන් මූල්‍ය වාර්තාකරණය සම්බන්ධයෙන් සමාගම පවත්වාගනු ලබන විනිවිදභාවය, විශ්වාසනීයත්වය හා සමාජ සත්කාරක මෙහෙවර නැවතවරක් සනාථ කෙරේ.

පීපල්ස් ලීසිං සමාගමේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධීකාරී සංජීව බණ්ඩාරනායක මහතා එම සමාගමේ වාර්ෂික වාර්තාවට හිමිවූ Integrated Reporting – Best Disclosure on business Model රිදී සම්මානය ලබාගත් අවස්ථාව

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම ගණකාධිකරණ ආයතනයවන ශී‍්‍ර ලංකා වරලත් ගණකාධිකරණ ආයතනය විසින් 55වන වරට සංවිධානය කළ ‘CA Sri Lanka වාර්ෂික වාර්තා සම්මාන උළෙල’ට ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම සමාගම් 130ක් පමණ අයදුම් කර තිබුණි.

පීපල්ස් ලීසිං සමාගමේ 2018/19 මූල්‍ය වර්ෂය වෙනුවෙන් නිකුත් කළ වාර්ෂික වාර්තාව දකුණු කොරියාවේ සෝල් නගරයේ පැවැති ARC Awards International -2019 සම්මාන උළෙලේදී සුවිශේෂී සම්මාන 8ක්ම හිමිකරගැනීමටද සමත්විය. මූල්‍ය සෙවා (සාමාන්‍ය& යන අංශය යටතෙ හිමිකරගත් සම්මාන 8 වූයේ ‘මූල්‍ය දත්ත’ සඳහා පිරිනැමෙන රන් සම්මානය (Gold Award – Financial Data&, ‘සම්ප‍්‍රදායික නොවන මුල්‍ය වාර්තාව’ සඳහා පිරිනැමෙන රන් සම්මානය (Gold Award – Non – Traditional Annual Report&, ‘සභාපතිගේ පණිවිඩය’ සඳහා පිරිනැමෙන රිදී සම්මානය (Silver Award – Chairman’s/President’s Letter&, කවර ජායාරූපය/සැලසුම්කරණය සඳහා පිරිනැමෙන  ලෝකඩ සම්මානය’ (Bronze Award – Cover Photo/Design&, ‘අභ්‍යන්තර නිර්මාණාත්මක සැලසුම’ සඳහා පිරිනැමෙන ලෝකඩ සම්මානය (Bronze – Interior Design&, ‘ලිඛිත සටහන්’ සඳහා පිරිනැමෙන ලෝකඩ සම්මානය (Bronze – Written Text&, මුද්‍රණය හා නිමැයුම වෙනුවෙන් පිරිනැමෙන ලෝකඩ සම්මානය (Bronze – Printing & Production& හා ඡුායාරූපකරණය වෙනුවෙන් පිරිනැමෙන ගෞරව සම්මානය (Honor – Photography& යන සම්මානයන්ය.

පීපල්ස් ලීසිං සමාගම හිමි කරගත් මෙම සම්මාන ද්විත්වය පිළිබඳව අදහස් දැක්වූ එම සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරි, සබී‍්‍ර ඊබ‍්‍රහිම් මහතා පැවසුවේ, ‘පීපල්ස් ලීසිං සමාගමේ 2018/19 වාර්ෂික වාර්තාවට CA Sri Lanka වාර්ෂික වාර්තා සම්මාන උළෙලේදී සම්මාන දෙකක් හිමිවීම පිළිබඳව අප බොහෝ සාඩම්බරයට පත්වෙනවා. එමෙන්ම ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම ගණකාධිකරණ ආයතනයවන ශ‍්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනය විසින් සංවිධානය කළ වාර්ෂික වාර්තා සම්මාන උළෙලේදී ඇගයීමට ලක්වීම අප සමාගම වාර්ෂික වාර්තාකරණය කෙරෙහි දක්වන දැඩි කැපවීමට කදිම සාක්ෂියක්. තවද පීපල්ස් ලීසිං සමාගමේ මෙම 2018/19 වාර්ෂික වාර්තාවට මෙම වසරේදීම ගෞරවනීය ARC Awards International -2019 සම්මාන උළෙලේදී සුවිශේෂී සම්මාන 8ක්ම හිමිකරගැනීමට සමත්වීමද තවත් විශේෂත්වයක්’ යන්නය.

පීපල්ස් ලීසිං සමාගමේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධීකාරී සංජීව බණ්ඩාරනායක මහතා එම සමාගමේ වාර්ෂික වාර්තාවට හිමිවූ Finance Companies and Leasing Companies (Total Assets above LKR 20 Billion) ලෝකඩ සම්මානය ලබාගත් අවස්ථාව

ශ‍්‍රී ලංකාවේ විශාලතම රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුවට අනුබද්ධිත සමාගමක් ලෙසින් 1996 දී ඇරඹූ පීපල්ස් ලීසිං සමාගම, ලීසිං ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා වන අතර විශාලතම බැංකු නොවන මූල්‍ය සමාගමයි. පීපල්ස් ලීසිං සමාගම ෆිච් රේටිංස් ලංකා දේශීය ණය ශ්‍රේණිගතකිරීම් අනුව AA- (lka) හා ෆිච් රේටිංස් ඉන්ටර්නැෂනල් අනුව B- ලෙස ඉහළම ණය ශ්‍රේණිගතය හිමි මූල්‍ය සමාගමක් වන අතර 5වන වරටත් ශ‍්‍රී ලංකාවේ වගකීම් සහගත ආයතනික පුරවැසියන් 10 දෙනා අතරට ශ‍්‍රී ලංකා වාණිජ මණ්ඩලය විසින් ඇගයීමට ලක් වූ සමාගමකි. ශ‍්‍රී ලංකාව තුළ වටිනාම හා ප‍්‍රබලතම සන්නාම ශ්‍රේණිගතය සිදු කරන Brand Finance Awards 2019 දී ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම බැංකු නොවන මූල්‍ය ආයතනය වශයෙන්ද පීපල්ස් ලීසිං සමාගම පසුගියදා ඇගයීමට ලක් විය. තවද ලබන ලාභයෙන් කොටසක් පරිසර සංරක්ෂණය මෙන්ම ව්‍යවසායකත්වය නංවාලීමට, මුල් ළමාවිය/පාසල් මෙන්ම වෘත්තීය අධ්‍යාපනය නගාසිටුවීමට හා ප‍්‍රජාවන් සවිබලගැන්වීමට කටයුතු කරන සමාගමකි.

පීපල්ස් ලීසිං ලබාදෙන මූල්‍ය සේවාවන් අතර ලීසිං, වාහන ණය, ස්ථාවර තැන්පතු, ඉතුරුම් ගිණුම්, නිවාස හා ව්‍යාපාරික ණය පහසුකම්, ණය සාධ්‍යකරණය (Factoring), ආන්තික වෙළඳාම ^Margin Trading) රන් ණය සහ ඉස්ලාමීය මූල්‍ය පහසුකම් වන අතර පීපල්ස් ඉන්ෂුවරන්ස්, පීපල්ස් මයික්‍රෝ කොමර්ස්, පීපල්ස් ලීසිං ප්‍රොපටි ඩිවලොප්මන්ට්, පීපල්ස් ලීසිං ෆ්ලීට් මැනේජ්මන්ට් හා පීපල්ස් ලීසිං හැව්ලොක් ප්‍රොපටීස් සහ බංගලාදේශයේ ස්ථාපිත ලංකන් එලායන්ස් ෆිනෑන්ස් යන සමාගම් එහි අනුබද්ධිත සමාගම් වෙති.

දිවයින පුරා ව්‍යාප්ත ශාඛා ජාලය හරහා තමන්ට වඩාත්ම සුදුසු මූල්‍ය සැලසුම් සුහදශීලිව, කඩිනමින් හා විශ්වාසනීය ලෙස සපුරාගැනීමට සිය ගණුදෙනුකාරභවතුන්ට