පීපල්ස් ලීසිං සමාගමේ වාර්ෂික වාර්තාව, ගෞරවනීය ARC Awards ජාත්‍යන්තර සම්මාන 8කින් පිදුම් ලබයි


ශ‍්‍රී ලංකාවේ බැංකු නොවන ප‍්‍රමුඛතම මූල්‍ය ආයතනයක් වන පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් සමාගමේ 2018/19 වාර්ෂික වාර්තාව සඳහා ලොව පුරා වාර්ෂික වාර්තා ඇගයීමට ලක් කෙරෙන ප‍්‍රමුඛතම සම්මාන උළෙලක් වන ARC Awards International – 2019 හි මූල්‍ය සෙවා ^සාමාන්‍ය& අංශයෙන් සම්මාන 8කින් පසුගියදා පිදුම් ලැබීය. වාර්ෂික වාර්තා සඳහා පිදෙන අධ්‍යයන සම්මාන සේ පිළිගැනෙන මෙම ARC Awards International 33 වන වරටත් සංවිධානය කරනු ලැබුවේ ඇමෙරිකා එක්සත් ජනපදයෙ MerCom ආයතනයවන අතර, මෙවර සම්මාන උළෙල දකුණු කොරියාවේ සෝල් නගරයේ SHILLA Hotel හිදී පැවැත්විණි. වාර්ෂික වාර්තා ඇගයීමට ලක් කෙරෙන ලොව ප‍්‍රමුඛතම සම්මාන උළෙලවන මෙම ARC Awards International සැලකෙන්නේ ‘වාර්ෂික වාර්තා ඇකඩමි සම්මාන උළෙල (Academy Awards of Annual Reports) ලෙසිනි.

පීපල්ස් ලීසිං සමාගම නියෝජනය කරමින් මෙම ARC Awards International – 2019 සම්මාන උළෙලට සහභාගී වූ එම සමාගමේ ප‍්‍රධාන කළමනාකරු (මූල්‍ය), ඔමල් සුමනසිරි මහතා විසින් පීපල්ස් ලීසිං සමාගම දිනාගත් සම්මාන සියල්ල පිළිගනු ලැබීය.

ARC Awards International -2019 සම්මාන උළෙලේදී පීපල්ස් ලීසිං සමාගම මූල්‍ය සෙවා (සාමාන්‍ය) යන අංශය යටතෙ හිමිකරගත් සම්මාන 8 වූයේ ‘මූල්‍ය දත්ත’ සඳහා පිරිනැමෙන රන් සම්මානය (Gold Award – Financial Data), ‘සම්ප‍්‍රදායික නොවන මුල්‍ය වාර්තාව’ සඳහා පිරිනැමෙන රන් සම්මානය (Gold Award – Non – Traditional Annual Report), ‘සභාපතිගේ පණිවිඩය’ සඳහා පිරිනැමෙන රිදී සම්මානය (Silver Award – Chairman’s/President’s Letter), කවර ජායාරූපය/සැලසුම්කරණය සඳහා පිරිනැමෙන ලෝකඩ සම්මානය’ (Bronze Award – Cover Photo/Design), ‘අභ්‍යන්තර නිර්මාණාත්මක සැලසුම’ සඳහා පිරිනැමෙන ලෝකඩ සම්මානය (Bronze – Interior Design), ‘ලිඛිත සටහන්’ සඳහා පිරිනැමෙන ලෝකඩ සම්මානය (Bronze – Written Text), මුද්‍රණය හා නිමැයුම වෙනුවෙන් පිරිනැමෙන ලෝකඩ සම්මානය ^Bronze – Printing & Production& හා ඡායාරූපකරණය වෙනුවෙන් පිරිනැමෙන ගෞරව සම්මානය (Honor – Photography) යන සම්මානයන්ය.

පීපල්ස් ලීසිං සමාගම ගෞරවනීය ARC Awards International -2019 හි සම්මාන 8කින් පිදුම් ලැබීම සම්බන්ධයෙන් අදහස් දැක්වමින් එම සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී, සබි‍්‍ර ඊබ‍්‍රහිම් මහතා පැවසුවේ, ‘ලොව ප‍්‍රකාශයට පත් කෙරෙන වාර්ෂික වාර්තා, වටිනාකමකින් යුතුව ඇගයෙන ARC Awards International සම්මාන 8ක්ම මෙවර හිමි කරගැනීම අප සමාගම ලද විශාල ජයග‍්‍රහණයක්. විශේෂයෙන්ම යම් ආයතනයක සමස්ථ පරිපූර්ණබව හා වගකීම් සහිත ආයතනික පුරවැසියෙකු බව පිළිබිඹු කරන්නේ එම ආයතනයේ වාර්ෂික වාර්තාව තුලින්. අප සමාගමේ 2018/19 වාර්ෂික වාර්තාව සඳහා මෙතරම් විශාල සම්මාන සංඛ්‍යාවක් හිමිවීමෙන් එය නැවත වරක් සනාථවූවා’ යන්නය.

වාර්ෂික වාර්තා ක්ෂේත‍්‍රයේ ගෝලීය පිළිගැනුමක් පීපල්ස් ලීසිං සමාගමට හිමිකරදුන් මෙම ARC Awards International සම්මාන සඳහා මෙවර ලොව පුරා රටවල් 34කින් ආයතන 2,100ක් අයදුම් කර තිබුණු අතර ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම ආයතන කිහිපයක්ද ඒ අතර විය. ශ‍්‍රී ලංකාවේ විශාලතම රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුවට අනුබද්ධිත සමාගමක් ලෙසින් 1996 දී ඇරඹූ පීපල්ස් ලීසිං සමාගම, ලීසිං ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා වන අතර විශාලතම බැංකු නොවන මූල්‍ය සමාගමයි. පීපල්ස් ලීසිං සමාගම ෆිච් රේටිංස් ලංකා දේශීය ණය ශ්‍රේණිගතකිරීම් අනුව AA- (lka) හා ෆිච් රේටිංස් ඉන්ටර්නැෂනල් අනුව B- ලෙස ඉහළම ණය ශ්‍රේණිගතය හිමි මූල්‍ය සමාගමක් වන අතර 5වන වරටත් ශ‍්‍රී ලංකාවේ වගකීම් සහගත ආයතනික පුරවැසියන් 10 දෙනා අතරට ශ‍්‍රී ලංකා වාණිජ මණ්ඩලය විසින් ඇගයීමට ලක් වූ සමාගමකි. ශ‍්‍රී ලංකාව තුළ වටිනාම හා ප‍්‍රබලතම සන්නාම ශ්‍රේණිගතය සිදු කරන Brand Finance Awards 2019 දී ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම බැංකු නොවන මූල්‍ය ආයතනය වශයෙන්ද පීපල්ස් ලීසිං සමාගම පසුගියදා ඇගයීමට ලක් විය. තවද ලබන ලාභයෙන් කොටසක් පරිසර සංරක්ෂණය මෙන්ම ව්‍යවසායකත්වය නංවාලීමට, මුල් ළමාවිය/පාසල් මෙන්ම වෘත්තීය අධ්‍යාපනය නගාසිටුවීමට හා ප‍්‍රජාවන් සවිබලගැන්වීමට කටයුතු කරන සමාගමකි.

පීපල්ස් ලීසිං ලබාදෙන මූල්‍ය සේවාවන් අතර ලීසිං, වාහන ණය, ස්ථාවර තැන්පතු, ඉතුරුම් ගිණුම්, නිවාස හා ව්‍යාපාරික ණය පහසුකම්, ණය සාධ්‍යකරණය (Factoring), ආන්තික වෙළඳාම (Margin Trading) රන් ණය සහ ඉස්ලාමීය මූල්‍ය පහසුකම් වන අතර පීපල්ස් ඉන්ෂුවරන්ස්, පීපල්ස් මයික්‍රෝ කොමර්ස්, පීපල්ස් ලීසිං ප්‍රොපටි ඩිවලොප්මන්ට්, පීපල්ස් ලීසිං ෆ්ලීට් මැනේජ්මන්ට් හා පීපල්ස් ලීසිං හැව්ලොක් ප්‍රොපටීස් සහ බංගලාදේශයේ ස්ථාපිත ලංකන් එලායන්ස් ෆිනෑන්ස් යන සමාගම් එහි අනුබද්ධිත සමාගම් වෙති.

දිවයින පුරා ව්‍යාප්ත ශාඛා ජාලය හරහා තමන්ට වඩාත්ම සුදුසු මූල්‍ය සැලසුම් සුහදශීලිව, කඩිනමින් හා විශ්වාසනීය ලෙස සපුරාගැනීමට සිය ගණුදෙනුකාරභවතුන්ට අවස්ථාව සැලසීම පීපල්ස් ලීසිං සමාගමේ සුවිශේෂීත්වය වේ.