පීපල්ස් ලීසිං සමාගමේ ප්‍රවර්ධන හා ප්‍රචාරණ සහකරු ලෙස ජනපි්‍රය සිනමා හා ටෙලි නාට්‍ය නළු හේමාල් රණසිංහ


ශ්‍රී ලංකාවේ බැංකු නොවන ප්‍රමුඛතම මූල්‍ය ආයතනය වන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ, ප්‍රචාරණ සහකරු ලෙස ජනප්‍රිය සිනමා හා රූපවාහිනි නළු, හේමාල් රණසිංහ එම සමාගම සමඟ පසුගියදා අවබෝධාත්මක ගිවිසුම් අත්සන් කෙරුණි. කොළඹ පිහිටි පීීපල්ස් ලීසිං සමාගමේ ප්‍රධාන කාර්යාලයේදී සිදුවූ එම ගිවිසුම්ගතවීමට පීීපල්ස් ලීසිං සමාගම වෙනුවෙන් එහි ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී සබ්‍රි ඊබ්‍රහිිම් මහතා හා ජනප්‍රිය සිනමා හා ටෙලිනාට්‍ය නළු හේමාල් රණසිංහ අත්සන් තැබූහ.

හේමාල් රණසිංහ

පීපල්ස් ලීසිං සමාගම සමඟ අත්සන කළ එම අවබෝධාත්මක ගිිවිසුමට අනුව ඉදිරි වසරේ එම සමාගමේ නිෂ්පාදන හා මූල්‍ය සේවා සඳහා ප්‍රචාරණ හා ප්‍රවර්ධන කටයුතු සඳහා ජනප්‍රියය සිනමා හා රූපවාහිනි නළු හේමාල් රණසිංහ තම දායකත්වය සපයනු ඇත. ජනප්‍රිය හා සම්මානනීය රංගන හා නර්තන ශිල්පියෙකු මෙන්ම නිරූපණ ශිල්පියෙකුවන හේමාල් රණසිංහ, “දෙරණ සිනමා උළෙලෙ” හි වඩාත් ජනප්‍රිය නළුවා හා හොඳම නළුවාට හිමිවන විචාරක සම්මාන, “හිරු ගෝල්ඩන් සම්මාන උළෙලේ” දී වඩාත් ජනප්‍රිය නළුවා හා විශිෂ්ඨතම නැගී එන නළුවා සම්මාන හා සරසවිය සිනමා සම්මාන උළෙලේදී ජූරියේ විශේෂ සම්මානය දිනාගත්තෙකි. ඉතා මෑතකදී ඔහු “දෙරණ සිනමා උළෙල – 2018” හි වඩාත් ජනපි්‍රය නළුවාට හිමි සම්මානය හා “පීපල්ස් සම්මාන උළෙලේ” දී වඩාත් ජනපි්‍රය නළුවා ලෙස සම සම්මානයට පාත්‍ර විය. ඔහු රඟපෑ ජනප්‍රිය සිනමා කෘති අතර “ආදරණීය කතාවක්”, “ප්‍රවේගය”, “සුපර් සික්ස්” හා “දේඳුණු ආකාසේ” කැපී පෙනෙන නිර්මාණ වෙති.

තම සමාගමේ ප්‍රචාරණ වැඩසටහනට ජනප්‍රිය සිනමා හා රූපවාහිනි නළු හේමාල් රණසිංහ එක්වීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ පීීපල්ස් ලීසිං සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී සබ්‍රි ඊබ්‍රහිිම් මහතා පැවසුවේ,”මෙරට පාරිභෝගිකයන් පීපල්ස් ලීසිං සමාගම දකින්නේ වඩාත් ගෞරවනීයව මූල්‍ය පහසුකම් සපයන්නෙකු ලෙසින්. එහෙයින් අප සමාගමේ මූල්‍ය පහසුකම් ප්‍රවර්ධනය හා ප්‍රචාරණයට මෙරට ජනතාව තුළ ඉතා ප්‍රබල ගෞරවණීය ප්‍රතිරූපයක් හිමි සිනමා හා රූපවාහිනි රංගන ශිල්පියෙකුවන හේමාල් රණසිංහ එක්වීම අප සමාගම බොහෝ ගෞරවයෙන් යුතුව පිළිගන්නවා. එමෙන්ම ඔහු සතු ප්‍රබල ජනතා ආකර්ෂණය තුළින් අපේ මූල්‍ය නිෂ්පාදනවලට කදිම ඉල්ලූමක් නිර්මාණය වේ යැයි අප සමාගම විශ්වාස කරනවා.” යන්නය.

පීපල්ස් ලීිසිං සමාගමේ ප්‍රචාරණ හා ප්‍රවර්ධන සහකරුවා ලෙසින් ගිවිසුම් අත්සන්කිරීමෙන් පසු ජනපි්‍රය සිනමා හා රූපවාහිනි නළු හේමාල් රණසිංහ පැවසුවේ, “මෙය මා සමාගම් වෙළෙඳනාම ප්‍රවර්ධන සහකරුවෙකු ලෙස එක්වූ පළමු අවස්ථාවයි. සමාගම් සන්නාම ප්‍රවර්ධනයට එක්වන පළමු අවස්ථාවේදීම ශී්‍ර ලංකාවේ දැවැන්ත සමාගමක් වෙනුවෙන් කටයුතුකිරීමට ලැබීම එක්තරා අන්දමකින් මගේ වෘත්තීය දිවියෙහි භාග්‍යයක්. එමෙන්ම එය මට අභියෝගයක්. මන්ද පීපල්ස් ලීසිං සමාගම වර්තමානයේදීත් මෙරට බැංකු නොවන මූල්‍ය ආයතන අතර ප්‍රමුඛයා. එවැනි සන්නාමයක් තවදුරටත් ප්‍රවර්ධනය කිරීම උසස් සිනමා කෘතියක ර`ගපෑම තරම්ම අභියෝගාත්මකයි. නමුත් ඉදිරි වසර තුළ දැඩි කැපවීමකින් මගේ කාර්යය මා සිදුකරනවා” යන්නය.

පීපල්ස් ලීසිං ප්‍රධාන විධායක නිලධාරි/සාමාන්‍යාධිකාරි සබ්‍රි ඊබ්‍රහිිම් මහතා හා ජනප්‍රිය නළු හේමාල් රණසිංහ ගිිවිසුම් හුවමාරු කරගැනීම.

ශී්‍ර ලංකාවේ විශාලතම රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුවට අනුබද්ධිත සමාගමක් ලෙසින් 1995 දී ඇරඹූ පීපල්ස් ලීසිං සමාගම මේ වන විට අඛණ්ඩව 14 වසරක් පුරාවට මෙරට ලීසිං ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා ලෙස පිළිගැනීමකට ලක්වී ඇත. පීපල්ස් ලීසිං සමාගම ෆිච් රේටිංස් ලංකා දේශීය ණය ශ්‍රේණිගතකිරීම් අනුව AA- (lka) ඉහළම ණය ශ්‍රේණිගතය හිමි මූල්‍ය සමාගමක් වේ. ජාත්‍යන්තර ණය ශ්‍රේණිගතකිරීම් 2ක් හිමි එකම මූල්‍ය සමාගම මෙන්ම ආසියාවේ වඩාත් විශ්වසනීය මූල්‍ය සන්නාම අතරට එක්වීමටද පීපල්ස් ලීසිං සමාගම සමත්ව සිටී.

එහි විශේෂිත මූල්‍ය සේවාවන් අතර ලීසිං, ස්ථාවර තැන්පතු, ඉතුරුම් ගිණුම්,පුද්ගලික හා ව්‍යාපාරික ණය පහසුකම්, ණය සාධ්‍යකරණය (Factoring), ආන්තික වෙළඳාම (Margin Trading) සහ ඉස්ලාමීය මූල්‍ය පහසුකම් වන අතර පීපල්ස් ඉන්ෂුවරන්ස්, පීපල්ස් මයික්‍රොෆිනෑන්ස්, පීපල්ස් ලීසිං ප්‍රොපටි ඩිවලොප්මන්ට්, පීපල්ස් ලීසිං ෆ්ලීට් මැනේජ්මන්ට් හා පීපල්ස් ලීසිං හැව්ලොක් ප්‍රොපටීස් යන සමාගම් එහි අනුබද්ධිත ආයතන වෙති. සියලූ මූල්‍ය සේවාවන් එකම ස්ථානයකින් ලබාගත හැකිවීමෙන් ගනුදෙනුකරුවන්හට තම මූල්‍ය සේවා කඩිනමින් හා අවම පිරිවැයකින් සපුරාගැනීමේ අවස්ථාව සැලසීම පීපල්ස් ලීසිං සමාගමේ සුවිශේෂත්වය වේ.

පීපල්ස් ලීසිං ප්‍රධාන විධායක නිලධාරි/සාමාන්‍යාධිකාරි සබ්‍ ඊබ්‍රහිිම් මහතා විසින් අවබෝධාත්මක ගිිවිසුම අත්සන් තැබීම.