පීපල්ස් ලීසිං වව්නියාව ශාඛාව “දිවි දිරිය” වැඩසටහන පවත්වයි.


ශ්‍රී ලංකාවේ බැංකු නොවන ප්‍රමුඛතම මූල්‍ය ආයතනය වන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගම සිය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක ගණුදෙනුකාරභවතුන් ඇතුලූ වව්නියාව ප්‍රදේශයේ ව්‍යවසායක ප්‍රජාවගේ ව්‍යවසායක කුසලතා හා මූල්‍ය සාක්ෂරතාව සංවර්ධනය කිරීම සඳහා “දිවි දිරිය” වැඩසටහනේ සයවන වැඩසටහන එම සමාගමේ වව්නියාව ශාඛාවේ මූලිකත්වයෙන් වව්නියාවේ නෙල්ස් හෝටලයේදී පසුගියදා පැවත්වීය. වැඩසටහන සඳහා ප්‍රාදේශීය ලේකම්තුමා, ප්‍රාදේශීය රථවාහන පොලිස් මූලස්ථානාධිපති, කර්මාන්ත සේවා මණ්ඩලයෙහි කළමනාකාරතුමා, අනුරාධපුරය දේශීය ආදායම් නියෝජ්‍ය කොමසාරිස්තුමා ඇතුලූ ආරාධිතයන්ද සහභාගී වූහ.

එයට මුලතිව්, ඕමන්තෙයි, මලාවි හා කිලිනොච්චිය යන ප්‍රදේශවල ව්‍යවසායකයෝ 161කට වැඩි පිරිසක් සහභාගී වූහ.

පීපල්ස් ලීසිං වව්නියාව ශාඛා කළමනාකරු, කේ. කමලකරන් මහතා විසින් පිළිගැනීමේ කථාව සිදුකරමින්.

ව්‍යවසායකත්වය හා මූල්‍ය සාක්ෂරතාව වර්ධනයකිරීම පීපල්ස් ලිසිං සමාගමේ පස් වැදෑරුම් සමාජ සත්කාර වැඩසටහනේ එක් අංශයක් වන අතර, එම සමාගම විසින් මෙම zදිවි දිරියZ වැඩසටහන ක්‍රියාත්මක කිරීම දිවයින පුරා විසිරුණු තම ගණුදෙනුකාරභවතුන් ඇතුළු ව්‍යවසායක ප්‍රජාවේ අභිවෘද්ධිය සඳහා වගකීම්සහගත සමාගම් පුරවැසියෙකු ලෙසිනි. වව්නියාවේ පැවැති zදිවි දිරියZ වැඩසටහනේදී සාර්ථක ව්‍යවසායකයකු වීම සඳහා පුද්ගලයෙකු විසින් සංවර්ධනය කර ගත යුතු ගති ලක්ෂණ, ව්‍යාපාරයක් කළමනාකරණය කිරීමේ මූලික සිද්ධාන්ත, මූල්‍ය සැලසුම්කරණය, බදුකරණය, සහ වාර්තා තබා ගැනීම පිළිබඳව දැනුවත් කෙරුණි. ඊට අමතරව මෙම එක්දින වැඩමුළුවේදී සමූහ කි්‍රයාකාරකම්, ඉදිරිපත්කිරීම් හා සාර්ථක ව්‍යාපාරිකයෙකු සම`ග සම්මුඛ සාකච්ඡාවක් හරහා ව්‍යවසායක් සිදු කිරීමේදී මුහුණ දීමට සිදුවන ගැටළු සහ එAවාට ප්‍රායෝගික පිළිතුරු ලබා දීම සිදු විය. වැඩසටහනට සහභාගීවූ සැමට සහභාගීත්ව සහතිකයක් හා වැඩමුළුවෙහි සාකච්ජාවට ගැණුනුු කරුණු ඇතුළත් අත්පොතක්ද තිළිණ කරන ලදී.

සයවන “දිවි දිරිය” වැඩසටහනට දායකත්වය දැක්වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් පීපල්ස් ලීසිං වව්නියාව ශාඛාවෙහි කළමනාකරු, කේ. කමලකරන් මහතා පැවසුවේ “අපගේ ගණුදෙනුකාරභවතුන් හා ප්‍රදේශයේ ව්‍යවසායකයන් වෙනුවෙන් මෙවැනි වටිනා සද්කාර්යයකට දායකත්වය ලබා දීමට හැකිවීම ගැන පීපල්ස් ලීසිං වව්නියාව කාර්ය මණ්ඩලය වශයෙන් අප සැවොම බොහෝ සතුටට පත්වෙනවා. එමෙන්ම මෙතරම් විශාල සහභාගීත්වයක් ලබා ගැනීමට කටයුතු කිරීමට හැකි වීම කණ්ඩායමක් ලෙස අප ගත් උත්සහයේ ප්‍රතිඵලයක්. මෙම වැඩමුළුව බොහෝ සාර්ථක ලෙස සිදු කිරීමට අප කාර්යමණ්ඩලය දැක්වූ කැපවීම හා උනන්දුව මා අගය කරනවා. වර්තමාන ශ්‍රී ලංකාව ආර්ථික පරිවර්තනයකට ලක්වෙමින් පවතින වකවානුවක්. මෙම පරිවර්තනය සාර්ථක කරගැනුමට අප රටේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ භූමිකාව ඉතා වැදගත්. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා මූල්‍ය සේවා සම්පාදනයෙන් ඔබ්බට තවත් පියවරක් තබමින් එවැනි ජාතික ප්‍රමුඛතාවයකට මෙවැනි වැඩසටහන් හරහා දායකත්වය ලබා දීම අප සමාගමේ ආයතනික වගකීමක් ලෙස අප සලකනවා. එA අනුව පීපල්ස් ලීසිං වව්නියාව ශාඛාව මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ඉදිරිපත් වූයේ එම කර්තව්‍යයේ දිගුවක් වශයෙනුයි. එA වගේම මෙම වැඩමුළුවට සහභාගීවූ ව්‍යවසායක ප්‍රජාව වැඩසටහන පුරාවට දැඩි උනන්දුවකින් සහභාගී වීම අපට සතුටට කරුණක්. වැඩමුළුවට සම්පත් දායකත්වය සැපයූවන්ට අප බොහෝ සෙයින් කෘතඥ වෙනවා.” යන්නයි.ශ්‍රී ලංකාවේ විශාලතම රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුවට අනුබද්ධිත සමාගමක් ලෙසින් 1995 දී ඇරඹූ පීපල්ස් ලීසිං සමාගම, ලීසිං ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන අතර විශාලතම බැංකු නොවන මූල්‍ය සමාගමයි. පීපල්ස් ලීසිං සමාගම ෆිච් රේටිංස් ලංකා දේශීය ණය ශ්‍රේණිගතකිරීම් අනුව AA- (lka) ශ්‍රේණිගතය හිමි මූල්‍ය සමාගමක් වන අතර 5 වන වරටත් ශ්‍රී ලංකාවේ වගකීම්සහගත ආයතනික පුරවැසියන් 10 දෙනා අතරට ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය විසින් ඇගයීමට ලක් වූ සමාගමකි. ශ්‍රී ලංකාව තුළ වටිනාම හා ප්‍රබලතම සන්නාම ශ්‍රේණිගතය සිදු කරන Brand Finance Awards 2018 දී ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම බැංකු නොවන මූල්‍ය ආයතනය වශයෙන්ද පීපල්ස් ලීසිං සමාගම පසුගියදා ඇගයීමට ලක් විය.

පීපල්ස් ලීසිං ලබාදෙන මූල්‍ය සේවාවන් අතර ලීසිං, ස්ථාවර තැන්පතු, ඉතුරුම් ගිණුම්, පුද්ගලික හා ව්‍යාපාරික ණය පහසුකම්, ණය සාධ්‍යකරණය (Factoring), ආන්තික වෙළඳාම (Margin Trading) සහ ඉස්ලාමීය මූල්‍ය පහසුකම් වන අතර පීපල්ස් ඉන්ෂුවරන්ස්, පීපල්ස් මයික්‍රොෆිනෑන්ස්, පීපල්ස් ලීසිං ප්‍රොපටි ඩිවලොප්මන්ට්, පීපල්ස් ලීසිං ෆ්ලීට් මැනේජ්මන්ට් හා පීපල්ස් ලීසිං හැව්ලොක් ප්‍රොපටීසA යන සමාගම් එහි අනුබද්ධිත ආයතන වෙති.

දිවයින පුරා ව්‍යාප්ත ශාඛා ජාලය හරහා තමන්ට වඩාත්ම සුදුසු මූල්‍ය සැලසුම් සුහදශීලිව, කඩිනමින් හා විශ්වාසනීය ලෙස සපුරාගැනීමට සිය ගණුදෙනුකාරභවතුන්ට අවස්ථාව සැලසීම පීපල්ස් ලීසිං සමාගමේ සුවිශේෂීත්වය වේ.