පීපල්ස් ලීසිං මීගමුව සේවා මධ්‍යස්ථානය වැඩි පහසුකම් සහිත නව පරිශ‍්‍රයක විවෘත කරයි.


ශී‍්‍ර ලංකාවේ බැංකු නොවන ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් සමාගමේ මීගමුව සේවා මධ්‍යස්ථානය, ගණුුදෙනුකරුවන්ට වඩාත් සුවපහසු, කඩිනම් මූල්‍ය හා රන් ණය සේවාවක් ලබාදීමේ අරමුණෙන් නව පරිශ‍්‍රයක (නො. 209, කෙලින් වීදිය, මීගමුව) එම සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී, සබි‍්‍ර ඊබ‍්‍රහිම් මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගිය දා විවෘත කෙරුණි. මීගමුවෙහි පිහිටි පීපල්ස් ලීසිං ප‍්‍රධාන ශාඛාවට අමතරව මෙම සේවා මධ්‍යස්ථානය නව පරිශ‍්‍රයක පිහිටවූයේ මීගමුව හා එය අවට ප‍්‍රදේශවාසීන්ගේ මූල්‍ය කටයුතු හා රන් ණය සේවාවන් වඩාත් පහසුවෙන් සිදු කරගත හැකිවන ලෙසිනි.

පීපල්ස් ලීසිං සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී, සබි‍්‍ර ඊබ‍්‍රහිම් මහතා විසින් මීගමුව නව සේවා මධ්‍යස්ථානය විවෘත කළ අවස්ථාව. පීපල්ස් ලීිසිං සමාගමේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, ලයනල් ප‍්‍රනාන්දු හා ජ්‍යෙෂ්ඨ කළමනාකරු (පීපල්ස් ලීිසිං මීගමුව), නලින් ද සිල්වා යන මහත්වරු චායාරූපයෙහි පසෙකින් හිඳී.

පීපල්ස් ලීිසිං මීගමුව නව සේවා මධ්‍යස්ථානය විවෘතකිරීමේ උත්සවයට එම සමාගමේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, ලයනල් ප‍්‍රනාන්දු, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අලෙවි), ලක්සඳ ගුණවර්ධන, ප‍්‍රධාන කළමනාකරු, චමිල් හේරත්, ජ්‍යෙෂ්ඨ කළමනාකරු (පීපල්ස් ලීිසිං මීගමුව), නලින් ද සිල්වා හා පීපල්ස් ලීිසිං මීගමුව සේවා මධ්‍යස්ථානයෙහි කළමනාකරු, සංජීව සුබසිංහ මහතා ඇතුළු ගණුුදෙනුකරුවන් රැසක් සහභාගී වූහ.

පීපල්ස් ලීසිං සමාගමේ සෙසු මූල්‍ය සේවා පහසුකම් සැපයීමට අමතරව මෙම මීගමුව නව සේවා මධ්‍යස්ථානයේදී රන් ණය සේවාවන් වඩාත් පහසුවෙන් හා කාර්යක්ෂමව සිදුකරගත හැකිවීම විශේෂත්වයකි. ශ‍්‍රී ලංකාවේ රන්ණය සේවාවන් අතර උපරිම වටිනාකමක් හා අවම පොලී අනුපාතයක් යටතේ ගෙවීම් ක‍්‍රම රුසක් හඳුන්වාදුන් පීපල්ස් ලීිසිං ‘රන් ණය’ සේවාව මගින් ලබාදෙන සෙසු විශේෂිත ප‍්‍රතිලාභ අතර සැඟවුණු ගාස්තු කිසිවක් නොමැතිවීම, රන් භාණ්ඩ සඳහා නොමිලේ රක්ෂණාවරණයක්, තෝරාගැනීමට අත්තිකාරම් ක‍්‍රම රැසක් තිබීම, කොටස් වශයෙන් ගෙවීමේ හැකියාව, පෙර දැණුම්දීමකින් තොරව රන්භාණ්ඩ බේරාගැනීමේ හැකියාව, පොලිය ගෙවමින් ණය මුදල අළුත්කිරීමේ හැකියාව, කඩිනම් හා සුහදශීලී කාර්ය මණ්ඩලය කිහිපයකි.

පීපල්ස් ලීිසිං සමාගමේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, ලයනල් ප‍්‍රනාන්දු මහතා විසින් ගනුදෙනුකරුවකුට තිළිණයක් පිරිනැමූ අවස්ථාව

පීපල්ස් ලීසිං සමාගමේ මීගමුව සේවා මධ්‍යස්ථානය විවෘතකිරීමේ උත්සවය අමතමින් එම සමාගමේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, ලයනල් ප‍්‍රනාන්දු, මහතා පැවසුවේ, ‘මෙම මීගමුව සේවා මධ්‍යස්ථානය නව වැඩි පහසුකම් සහිත පරිශ‍්‍රයක විවෘත කෙරෙන්නේ මීගමුව නගරයේ පිහිටි පීපල්ස් ලීිසිං ප‍්‍රධාන ශාඛාවට අමතරවයි. විශේෂයෙන්ම මෙම සේවා මධ්‍යස්ථානය පිහිටවූයේ මීගමුව හා අවට ප‍්‍රදේශයෙහි ගනුදෙනුකරුවන්ට තම මූල්‍ය කටයුතු මෙන්ම රන් ණය සේවා පහසුකම් කඩිනම්ව සිදුකරගැනීමේ හැකියාව සැපයීමටයි. දැන් මීගමුව අවට ජනතාවට අප සමාගමේ ජනහිතකාමී මූල්‍ය පහසුකම් විශේෂයෙන්ම සමාගම මෑතකදි හඳුන්වාදුන් නව මූල්‍ය නිෂ්පාදන අත්දැකීමට වැඩි අවස්ථාවක් සැලසෙනවා. එකම වහලක් යටින් සියලූ මූල්‍ය සේවා ඉටු කරගත හැකි සමාගමක් ලෙසින් පීපල්ස් ලීසිං ප‍්‍රකටයි. එහෙයින් ප‍්‍රමාදයකින් තොරව අවශ්‍ය සෑම මූල්‍ය පහසුකමක්ම ලබාගනිමින් තම ව්‍යාපාරික හා පෞද්ගලික ජීවිතය සාර්ථක කරගැනීමට මීගමුව ප‍්‍රදේශයේ ජනතාවට හැකි වේවායි මා මෙම අවස්ථාවේ ප‍්‍රාර්ථනා කරනවා’ යන්නය.

පීපල්ස් ලීිසිං සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අලෙවි), ලක්සඳ ගුණවර්ධන මහතා විසින් ගනුදෙනුකරුවකුට ලීසිං පහසුකමක් පිරිනැමූ අවස්ථාව

ශ‍්‍රී ලංකාවේ විශාලතම රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුවට අනුබද්ධිත සමාගමක් ලෙසින් 1996 දී ඇරඹූ පීපල්ස් ලීසිං සමාගම, ලීසිං ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා වන අතර විශාලතම බැංකු නොවන මූල්‍ය සමාගමයි. පීපල්ස් ලීසිං සමාගම ෆිච් රේටිංස් ලංකා දේශීය ණය ශ්‍රේණිගතකිරීම් අනුව AA- (lka) හා ෆිච් රේටිංස් ඉන්ටර්නැෂනල් අනුව B- ලෙස ඉහළම ණය ශ්‍රේණිගතය හිමි මූල්‍ය සමාගමක් වන අතර 5වන වරටත් ශ‍්‍රී ලංකාවේ වගකීම් සහගත ආයතනික පුරවැසියන් 10 දෙනා අතරට ශ‍්‍රී ලංකා වාණිජ මණ්ඩලය විසින් ඇගයීමට ලක් වූ සමාගමකි. ශ‍්‍රී ලංකාව තුළ වටිනාම හා ප‍්‍රබලතම සන්නාම ශ්‍රේණිගතය සිදු කරන Brand Finance Awards 2019 දී ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම බැංකු නොවන මූල්‍ය ආයතනය වශයෙන්ද පීපල්ස් ලීසිං සමාගම පසුගියදා ඇගයීමට ලක් විය. තවද ලබන ලාභයෙන් කොටසක් පරිසර සංරක්ෂණය මෙන්ම ව්‍යවසායකත්වය නංවාලීමට, මුල් ළමාවිය/පාසල් මෙන්ම වෘත්තීය අධ්‍යාපනය නගාසිටුවීමට හා ප‍්‍රජාවන් සවිබලගැන්වීමට කටයුතු කරන සමාගමකි.

පීපල්ස් ලීිසිං සමාගමේ මීගමුව සේවා මධ්‍යස්ථානයෙහි කාර්ය මණ්ඩලය

පීපල්ස් ලීසිං ලබාදෙන මූල්‍ය සේවාවන් අතර ලීසිං, වාහන ණය, ස්ථාවර තැන්පතු, ඉතුරුම් ගිණුම්, නිවාස හා ව්‍යාපාරික ණය පහසුකම්, ණය සාධ්‍යකරණය (Factoring), ආන්තික වෙළඳාම (Margin Trading), රන් ණය සහ ඉස්ලාමීය මූල්‍ය පහසුකම් වන අතර පීපල්ස් ඉන්ෂුවරන්ස්, පීපල්ස් මයික්‍රෝ කොමර්ස්, පීපල්ස් ලීසිං ප්‍රොපටි ඩිවලොප්මන්ට්, පීපල්ස් ලීසිං ෆ්ලීට් මැනේජ්මන්ට් හා පීපල්ස් ලීසිං හැව්ලොක් ප්‍රොපටීස් සහ බංගලාදේශයේ ස්ථාපිත ලංකන් එලායන්ස් ෆිනෑන්ස් යන සමාගම් එහි අනුබද්ධිත සමාගම් වෙති.

දිවයින පුරා ව්‍යාප්ත ශාඛා ජාලය හරහා තමන්ට වඩාත්ම සුදුසු මූල්‍ය සැලසුම් සුහදශීලිව, කඩිනමින් හා විශ්වාසනීය ලෙස සපුරාගැනීමට සිය ගණුදෙනුකාරභවතුන්ට අවස්ථාව සැලසීම පීපල්ස් ලීසිං සමාගමේ සුවිශේෂීත්වය වේ.