පීපල්ස් ලීසිං මහරගම ශාඛාවේ අනුග්‍රහයෙන් විශේෂ වෛද්‍ය සායනයක් හා ජංගම සේවා වැඩසටහනක් පවත්වයි.


ශ්‍රී ලංකාවේ බැංකු නොවන ප්‍රමුඛතම මූල්‍ය ආයතනයක් වන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ මහරගම ශාඛාව මහරගම පොලිස් ස්ථානය සමඟ එක්ව විශේෂ වෛද්‍ය සායනයක් හා බහුවිධ ජංගම සේවා වැඩසටහනක් පසුගියදා මහරගම ධර්මාශෝක කනිෂ්ඨ විද්‍යාලයේදී පවත්වනු ලැබීය. බටහිර වෛද්‍ය සායනයක්, නාවින්න ආයූර්වේද දෙපාර්තමේන්තුවේ සහයෝගීතාවෙන් දේශීය වෛද්‍ය සායනයක්, දන්ත රෝග සායනයක්, පවුල් සංවිධාන සංගමයෙහි සහයෝගීතාවෙන් පියයුරු හා ගැබ්ගෙල පිළිකා පරීක්ෂා කෙරෙන සුවනාරී සායනයක්, ඇස් පරීක්ෂාව හා හෝමාගම සිංහ සමාජයේ අනුග්‍රහයෙන් ඇස් කන්නාඩි ප්‍රදානයක්, තලවතුගොඩ හේමාස් රෝහලේ සහයෝගීතාවෙන් දියවැඩියා රෝග පරීක්ෂාවක්, වකුගඩු රෝග වෛද්‍ය සායනයක්, වකුගඩු රෝගය පිළිබඳ දැනුවත්කිරීමේ දේශනයක්, මරණයෙන් පසු වකුගඩු දන්දීමේ කැමැත්ත පලකිරීමේ කාඩ්පත් ප්‍රදානයක් හා මහරගම නගරය, මහරගම බටහිර, පන්නිපිටිය උතුර හා දකුණ, ගොඩිගමුව උතුර හා දකුණ යන ග්‍රාමසේවා වසම් හි පදිංචිකරුවන්ට ජාතික හැඳුනුම්පත් හා වැඩිහිටි හැඳුනුම්පත් සැකසීමේ වැඩසටහනක්ද පැවැත්විණ. එයට අමතරව මෙම වැඩසටහනට සහභාගීවන්නන්ගේ වයස අවුරුදු 18ට අඩු දරුවන්ට තැන්පතුවක් සහිත “සෙනෙහස්” ඉතුරුම් ගිණුම් ප්‍රදානය කිරීමක්ද සිදුවිය.

වෛද්‍ය සායනයට සහභාගි වූවන් ලියාපදිංචි කිරීම.

මෙම අවස්ථාවට පීපල්ස් ලීසිං සමාගමේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, සංජිව බණ්ඩාරනායක, ප්‍රධාන කළමනාකාරිනි, පි්‍රයංකා විමලසේන, මහරගම පොලිස් ස්ථානාධිපති, පී. එස්. මීඩින් හා හෝමාගම සිංහ සමාජයේ සභාපතිනි, ජනිතා සඳසිංහ යන මහත්ම මහත්මීහූ සහභාගී වූහ.

පීපල්ස් ලීසිං සමාගමේ මහරගම ශාඛාවේ අනුග්‍රාහකත්වයෙන් පැවත්වුණු විශේෂ වෛද්‍ය සායනයක් හා බහුවිධ ජංගම සේවා වැඩසටහන පිළිබඳ අදහස් දැක්වූ මහරගම පීපල්ස් ලීසිං කළමනාකරු, සුගත් ජයසූරිය මහතා පැවසුවේ, “ජනහදවතට වඩාත් සමීප මූල්‍ය සමාගමක් ලෙස මහරගම පීපල්ස් ලීසිං ශාඛාව ප්‍රදේශයේ ජන ජීවිතය වඩාත් යහපත් කරන සමාජ සත්කාරක වැඩසටහන් රැසකට දායකත්වය සපයනවා. මහරගම පොලිස් ස්ථානයේ සහයෝගීතාවෙන් පැවැත්වුණු මෙම වෛද්‍ය සායන හා බහුවිධ ව්‍යාපෘතිය එම සමාජ සත්කාරක වැඩසටහන්වල එක් අවස්ථාවක්. ප්‍රදේශවාසීන් දහස් ගණනක් එක්රැස්වන වෛද්‍ය සායන කිහිපයක් හා බහුවිධ ව්‍යාපෘති කිහිපයක් එක් දිනයක එකවර පැවැත්වීම අසීරු කාරණයක් මෙන්ම බොහෝ අභියෝගාත්මක වූවක්. නමුත් මහරගම පොලිස් ස්ථානයේ දැඩි සහයෝගය හා පීපල්ස් ලීසිං මහරගම ශාඛාවෙහි කාර්ය මණ්ඩලයෙහි දැඩි කැපවීම මත මෙම ස්වේච්ජා වැඩසටහන බොහෝ සාර්ථකත්වයට පත්වූවා. එහෙයින් මෙම සමාජ සත්කාරය සාර්ථක කරගැනුමට සහාය දැක්වූ සැමට කෘතවේදීත්වය පළකිරීම මගේ යුතුකමක් සේ සළකනවා” යන්නය.

පීපල්ස් ලීසිං සමාගමේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, සංජිව බණ්ඩාරනායක මහතා විසින් නොමිලේ ඇස් කන්නාඩියකක් ලබාදීම.

ශ්‍රී ලංකාවේ විශාලතම රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුවට අනුබද්ධිත සමාගමක් ලෙසින් 1995 දී ඇරඹූ පීපල්ස් ලීසිං සමාගම, ලීසිං ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන අතර විශාලතම බැංකු නොවන මූල්‍ය සමාගමයි. පීපල්ස් ලීසිං සමාගම ෆිච් රේටිංස් ලංකා දේශීය ණය ශ්‍රේණිගතකිරීම් අනුව AA- (lka) ශ්‍රේණිගතය හිමි මූල්‍ය සමාගමක් වන අතර 5වන වරටත් ශ්‍රී ලංකාවේ වගකීම්සහගත ආයතනික පුරවැසියන් 10 දෙනා අතරට ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය විසින් ඇගයීමට ලක් වූ සමාගමකි. ශ්‍රී ලංකාව තුළ වටිනාම හා ප්‍රබලතම සන්නාම ශ්‍රේණිගතය සිදු කරන Brand Finance Awards 2018 දී ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම බැංකු නොවන මූල්‍ය ආයතනය වශයෙන්ද පීපල්ස් ලීසිං සමාගම පසුගියදා ඇගයීමට ලක් විය.

මහරගම පොලිස් ස්ථානාධිපති, පී. එස්. මීඩින් මහතා සභාව අමතමින්.

පීපල්ස් ලීසිං ලබාදෙන මූල්‍ය සේවාවන් අතර ලීසිං, ස්ථාවර තැන්පතු, ඉතුරුම් ගිණුම්, පුද්ගලික හා ව්‍යාපාරික ණය පහසුකම්, ණය සාධ්‍යකරණය (Factoring), ආන්තික වෙළඳාම (Margin Trading) සහ ඉස්ලාමීය මූල්‍ය පහසුකම් වන අතර පීපල්ස් ඉන්ෂුවරන්ස්, පීපල්ස් මයික්‍රොෆිනෑන්ස්, පීපල්ස් ලීසිං ප්‍රොපටි ඩිවලොප්මන්ට්, පීපල්ස් ලීසිං ෆ්ලීට් මැනේජ්මන්ට් හා පීපල්ස් ලීසිං හැව්ලොක් ප්‍රොපටීස්, ලන්කන් එලයන්ස් ෆිනෑන්ස් යන සමාගම් එහි අනුබද්ධිත ආයතන වෙති.

දිවයින පුරා ව්‍යාප්ත ශාඛා ජාලය හරහා තමන්ට වඩාත්ම සුදුසු මූල්‍ය සැලසුම් සුහදශීලිව, කඩිනමින් හා විශ්වාසනීය ලෙස සපුරාගැනීමට සිය ගණුදෙනුකාරභවතුන්ට අවස්ථාව සැලසීම පීපල්ස් ලීසිං සමාගමේ සුවිශේෂීත්වය වේ.

පීපල්ස් ලීසිං සමාගමේ ප්‍රධාන කළමනාකාරීනි, ප්‍රියංකා විමලසේන මහත්මිය විසින් නොමිලේ ඇස් කන්නාඩියක් ලබාදීම.