‘පීපල්ස් ලීසිං පෙට්රල් පෙරළිය’ වැඩසටහනේ පළමු මස ජයග්‍රාහකයන් 25 තෝරා ගැනේ


මහජන බැංකුවට අනුබද්ධිත ප්‍රමුඛතම බැංකු නොවන මුල්‍ය සමාගමක් වන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමෙන් මෝටර්රථ ලීිසිං හා ණය ලබාගන්නා ගණුුදෙනුකරුවන් වෙනුවෙන් මෙතෙක් කිසිදු බැංකුවක් හෝ මුල්‍ය සමාගමක් ඉදිරිපත් නොකළ ආකාරයේ ප්‍රවර්ධන වැඩසටහනක් ලෙස හඳුන්වාදුන් “පීීපල්ස් ලීසිං පෙට්රල් පෙරළිය” හි පළමු මස ජයග්‍රාහකයන් 25දෙනා පසුගියදා තෝරා ගැනුණි. වසරක කාලයක් සඳහා රුපියල් 100,000ක ඉන්ධන ගාස්තුවක් නොමිලේ හිමිකරගත් ජයග්‍රාහකයන් තෝරා ගැනුණේ අකුරැස්ස, බලන්ගොඩ, අළුත්ගම, බත්තරමුල්ල, දිගන, දිවුලපිටිය, දෙනියාය, ගලෙන්බිඳුණුවැව, ගිරිඋල්ල, හැටන්, ජා-ඇල, කිලිනොච්චිය, කොඩිකාමම්, මහනුවර, කුරුණෑගල, කලවාන, කුලියාපිටිය, කඩවත, දෙහිවල, මතුගම, මාතර, නෙල්ලිඅඩි, නුගේගොඩ, පොලොන්නරුව හා උඩුගම යන පීපල්ස් ලීසිං ශාඛාවලින් එම මාසය තුළ අළුත් ලීසිං හෝ වාහන ණය ලබාගත් ගණුුදෙනුකරුවන් ලෙසිනි.

ලබන 2020 වසරේ ජූලි මාසය දක්වා ක්‍රියාත්මක නොමිලේ මාසිකව ඉන්ධන සැපයෙන මෙම “පීීපල්ස් ලීසිං පෙට්රල් පෙරළිය” වැඩසටහන යටතේ පීපල්ස් ලීසිං සමාගමෙන් මෝටර්රථ සඳහා ලීසිං පහසුකම් හා ණය ලබාගන්නා ගණුුදෙනුකරුවන් අතුරෙන් 25 දෙනෙකු තෝරා ඔවුන්ට වසරක කාලයක් සඳහා රුපියල් 100,000ක ඉන්ධන ගාස්තුවක් නොමිලේ ලබාදෙනු ඇත. ඒ අනුව  මසකට ලක්ෂ 25ක් වටිනා ඉන්ධන දීමනාවක් පීීපල්ස් ලීසිං සමාගම සිය ගණුුදෙනුකරුවන් වෙත පිරිනමනු ලැබේ.

පීපල්ස් ලීසිං සමාගමෙන් සෑම මසකම නව ලීසිං පහසුකම් හා වාහන ණය ලබාගන්නා ගණුුදෙනුකරුවන් මෙම ‘පීීපල්ස් ලීසිං පෙට්රල් පෙරලිය’ ප්‍රවර්ධන වැඩසටහනට ඇතුළත්වන අතර, එහි විශේෂත්වය වන්නේ එම වරප්‍රසාද වෙනුවෙන් පීපල්ස් ලීසිං සමාගම කිසිඳු අමතර ගාස්තුවක් අය නොකිරීමය. එමෙන්ම සෑම මසකම නව ලීසිං පහසුකමක් හෝ වාහන ණයක් ලබාගන්නා අය අතුරෙන් ජයග්‍රාහකයන් තේරීම තොරතුරු තාක්ෂණික ක්‍රමවේදයක් යටතේ ස්වාධීන අධීක්ෂණ කමිටුවක් මගින් සිදු කෙරේ. ඒ අනුව වසරකට පීපල්ස් ලීසිං ගණුුදෙනුකරුවන් 300කට නොමිලේ ඉන්ධන ගාස්තු හිමිකරදෙන අතරේදී ‘පීීපල්ස් ලීසිං පෙට්රල් පෙරළිය’ යටතේ පිරිනමනු ලබන මුදල සඳහා පීපල්ස් ලීසිං සමාගම වෙතින් ඉතුරුම් පොලියක් ලබාදෙනු ඇත.

පීපල්ස් ලීසිං සමාගමේ නවතම ප්‍රවර්ධන වැඩසටහන වන ‘පීපල්ස් ලීසිං පෙට්රල් පෙරලිය’ හි පළමු මස ජයග්‍රාහකයන් තෝරාගැනීම සම්බන්ධයෙන්  අදහස් දැක්වූ එම සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (අලෙවි), ලක්සඳ ගුණවර්ධන මහතා පැවසුවේ, “මෙම ‘පීපල්ස් ලීසිං පෙට්රල් පෙරලිය’ වැඩසටහන අතිශයින්ම සාර්ථක වැඩසටහනක් වූ බව පළමුවෙන්ම කිවයුතුයි. මෙම වැඩසටහන දියත්කිරීමත් සමගම අප සමග දැනටමත් ගණුුදෙනු කරන මෙන්ම නව ගණුුදෙනුකරුවන් රැසක්ම නව වාහන සඳහා ලීසිං හෝ ණය පහසුකම් ලබාගැනීමට පෙළඹුණා. වාහනයකට ලීසිං හෝ ණය පහසුකමක් ලබාගත් විට එහි පළමු වසර ගෙවෙන්නේ සියුම් අසීරුතාවක් මධ්‍යයේය. එහෙයින් අප නොමිලේ ලබාදෙන ඉන්ධන ගණුුදෙනුකරුවන්ගේ පැත්තෙන් කදිම සහනයක්බව ඔවුන්ගේ මතයයි. එයට අමතරව මෙම වැඩසටහන යටතේ සෑම මසකම ගණුුදෙනුකරුවන් 25 දෙනෙකුට ලබාදෙන ඉන්ධන දීමනාව පීපල්ස් ලීසිං සමාගමේ ඉතුරුම් ගිණුමකට බැරවීමෙන් මෙම දීමනාව සඳහා සුවිශේෂී පොලී අනුපාතයක් ලබාදීමත් ගණුුදෙනුකරුවන්ට අතිරේක ප්‍රතිලාභයක්. මෙම වැඩසටහනේ ප්‍රතිලාභය ලබාගැනීමට පීපල්ස් ශාඛා ජාලයෙන් විමසීම් කරන ලෙස නව වාහන ලීසිං හෝ ණය පහසුකමක් ලබාගැනීමට අපේක්ෂා කරන සැමගෙන් අප ඉල්ලා සිටිනවා” යන්නය.