පීපල්ස් ලීසිං නෙළුව ශාඛාව වැඩි පහසුකම් සහිත නව පරිශ්‍රයක විවෘත කරයි.


ශ්‍රී ලංකාවේ බැංකු නොවන ප්‍රමුඛතම මූල්‍ය සමාගම වන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ නෙළුව ශාඛාව, ගණුුදෙනුකරුවන්ට වඩාත් සුවපහසු හා කඩිනම් මූල්‍ය සේවාවක් ලබාදීමේ අරමුණෙන් නව පරිශ්‍රයක (මනුක ගොඩනැගිල්ල, දෙල්ලව පාර, නෙළුව) එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී සබි්‍ර ඊබ්‍රහිම් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා විවෘත කෙරුණි. තේ දළු කර්මාන්තය හා වෙනත් ව්‍යාපාරික අවස්ථා බිහිවීම හේතුවෙන් නෙළුව හා එය අවට ප්‍රදේශයේ නව ව්‍යාපාරික පිබිදීමක් හා ජීවනරටාවක් ඇතිවීමෙන් මූල්‍ය පහසුකම් ලබාගැනීමට පීපල්ස් ලීසිං නෙළුව ශාඛාවට පැමිණෙන ගනුදෙනුකරුවන්ගේ ප්‍රමාණය ඉහලයෑම මත එම ශාඛාව වැඩි ඉඩකඩ හා පහසුකම් සහිත නව පරිශ්‍රයකට ගෙවැඳීම සිදුවිය.

පීපල්ස් ලීිසිං නෙළුව නව ශාඛාව විවෘතකිරීමේ උත්සවයට එම සමාගමේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, සංජීව බණ්ඩාරනායක, ප්‍රධාන කළමනාකරු (මෙහෙයුම්), හසන්ත ද සිල්වා හා නෙළුව පීපල්ස් ලීිසිං ශාඛා කළමනාකරු, අරුණ හේවාමද්දුම මහතා ඇතුළු ගණුුදෙනුකරුවන් රැසක් සහභාගී වූහ.

පීපල්ස් ලීසිං සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී සබි්‍ර ඊබ්‍රහිම් මහතා විසින් නෙළුව නව ශාඛා පරිශ්‍රය විවෘත කළ අවස්ථාව. එම සමාගමේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, සංජීව බණ්ඩාරනායක, ප්‍රධාන කළමනාකරු (මෙහෙයුම්), හසන්ත ද සිල්වා හා නෙළුව පීපල්ස් ලීිසිං ශාඛා කළමනාකරු, අරුණ හේවාමද්දුම මහතාද ඡායාරූපයේ සිටී.

පීපල්ස් ලීසිං සමාගමේ නෙළුව නව ශාඛා පරිශ්‍රය විවෘතකිරීමේ උත්සවය අමතමින් එම සමාගමේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, සංජීව බණ්ඩාරනායක මහතා පැවසුවේ, “නෙළුව නගරය කවුරුත් දන්නේ තේ දළු කර්මාන්තය මුල් කරගත් නගරයක් ලෙසයි. නව ව්‍යාපාර හා නව ජීවනරටාවක් බිහිවීම හේතුවෙන් මූල්‍ය සේවා අවශ්‍යතා මේ වනවිට ඉහළ ගිහිං. නෙළුව ප්‍රදේශයේ නව ව්‍යාපාරකරණය හා එමගින් බිහිවුණු නව ජීවනරටාව හේතුවෙන් ඉස්මතුවන මූල්‍ය අවශ්‍යතාවලදී මෙම ප්‍රදේශයේ ජනතාව පීපල්ස් ලීිසිං සමාගම කෙරෙහි වැඩි විශ්වාසය තැබීම ඉතා ශුභවාදී ආකල්පයක්. එම පදනම මත නෙළුවට නව ශාඛා පරිශ්‍රයක අවශ්‍යතාවක් අපට වැටහුණා. මෙම නෙළුව ශාඛාව නව පරිශ්‍රයක විවෘත කෙරුණේ වඩාත් සුවපහසු සේවාවක් මෙම ප්‍රදේශයේ ගනුදෙනුකරුවන්ට සැපයීමේ අරමුණෙන්. දැන් නෙළුව අවට ජනතාවට අප සමාගමේ ජනහිතකාමී මූල්‍ය පහසුකම් අත්දැකීමට වැඩි අවස්ථාවක් සැලසෙනවා. එකම වහලක් යටින් සියලූ මූල්‍ය සේවා ඉටු කරගත හැකි සමාගමක් ලෙසින් පීපල්ස් ලීසිං ප්‍රකටයි. එහෙයින් ප්‍රමාදයකින් තොරව අවශ්‍ය සෑම මූල්‍ය පහසුකමක්ම ලබාගනිමින් තම ව්‍යාපාරික හා පෞද්ගලික ජීවිතය සාර්ථක කරගැනුමට නෙළුව ප්‍රදේශයේ ජනතාවට හැකි වේවායි මා මෙම අවස්ථාවේ ප්‍රාර්ථනා කරනවා” යන්නය

ශ්‍රී ලංකාවේ විශාලතම රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුවට අනුබද්ධිත සමාගමක් ලෙසින් 1995 දී ඇරඹූ පීපල්ස් ලීසිං සමාගම, ලීසිං ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන අතර විශාලතම බැංකු නොවන මූල්‍ය සමාගමයි. පීපල්ස් ලීසිං සමාගම ෆිච් රේටිංස් ලංකා දේශීය ණය ශ්‍රේණිගතකිරීම් අනුව AA- (lka) ශ්‍රේණිගතය හිමි මූල්‍ය සමාගමක් වන අතර 5 වන වරටත් ශ්‍රී ලංකාවේ වගකීම්සහගත ආයතනික පුරවැසියන් 10 දෙනා අතරට ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය විසින් ඇගයීමට ලක් වූ සමාගමකි. ශ්‍රී ලංකාව තුළ වටිනාම හා ප්‍රබලතම සන්නාම ශ්‍රේණිගතය සිදු කරන Brand Finance Awards 2018 දී ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම බැංකු නොවන මූල්‍ය ආයතනය වශයෙන්ද පීපල්ස් ලීසිං සමාගම පසුගියදා ඇගයීමට ලක් විය.

පීපල්ස් ලීසිං නෙළුව ශාඛා කාර්ය මණ්ඩලය, ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය සමග.

පීපල්ස් ලීසිං ලබාදෙන මූල්‍ය සේවාවන් අතර ලීසිං, ස්ථාවර තැන්පතු, ඉතුරුම් ගිණුම්, පුද්ගලික හා ව්‍යාපාරික ණය පහසුකම්, ණය සාධ්‍යකරණය (Factoring), ආන්තික වෙළඳාම (Margin Trading) සහ ඉස්ලාමීය මූල්‍ය පහසුකම් වන අතර පීපල්ස් ඉන්ෂුවරන්ස්, පීපල්ස් මයික්‍රොෆිනෑන්ස්, පීපල්ස් ලීසිං ප්‍රොපටි ඩිවලොප්මන්ට්, පීපල්ස් ලීසිං ෆ්ලීට් මැනේජ්මන්ට් හා පීපල්ස් ලීසිං හැව්ලොක් ප්‍රොපටීස් යන සමාගම් එහි අනුබද්ධිත ආයතන වෙති.

දිවයින පුරා ව්‍යාප්ත ශාඛා ජාලය හරහා තමන්ට වඩාත්ම සුදුසු මූල්‍ය සැලසුම් සුහදශීලිව, කඩිනමින් හා විශ්වාසනීය ලෙස සපුරාගැනීමට සිය ගණුදෙනුකාරභවතුන්ට අවස්ථාව සැලසීම පීපල්ස් ලීසිං සමාගමේ සුවිශේෂීත්වය වේ.