පීපල්ස් ලීසිං තංගල්ල ශාඛාව ඉතිරිකිරීම පිළිබඳ පූර්ව දැනුවත්කිරීමේ වැඩසටහනක් පවත්වයි.


ශ්‍රී ලංකාවේ බැංකු නොවන ප්‍රමුඛතම මූල්‍ය ආයතනය වන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ තංගල්ල ශාඛාව මගින්, ඉතිරිකිරීම පිළිබඳ පූර්ව දැනුවත්කිරීමේ වැඩසටහනක්, තංගල්ල නගර ශාලාවේදී පසුගියදා පැවැත්විණි. පීපල්ස් ලීසිං තංගල්ල ශාඛා කළමනාකරු, ඉසුරු සඳරුවන් ඩයස්, තංගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මුල් ළමාවිය සංවර්ධන නිලධාරිනි, රේණුකා දමයන්ති, තංගල්ල කොට්ඨාශයේ ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරී, සුදත් ප්‍රියන්ත වීරකෝන් යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම ඉතිරිකිරීම පිළිබඳ පූර්ව දැනුවත්කිරීමේ වැඩසටහනට පෙර පාසල් ගුරුභවතුන්, පෙර පාසල් දරුවන් හා ඔවුන්ගේ මාපියන් සහභාගී වූහ.

පෙරපාසල් දරුවන් වෙනුවෙන් පැවැත්වූ මෙම වැඩසටහන, ළමා වැඩසටහන් අධ්‍යක්ෂක ලේඛක හා දේශක, උපුල් වීරසිංහ මහතා (උපුල් මාමා) ඉදිරිපත් කළ ගීත හා නැටුම්වලින් අලංකාර වූ අතර, එයින් සහභාගී පෙර පාසල් දරුවෝ මහත් වින්දනයක් ලැබූහ.

ළමා වැඩසටහන් අධ්යක්ෂක, ලේඛක සහ ප්‍රසිද්ධ කථිකයෙකු වන උපුල් වීරසිංහ (උපුල් මමා) ගායනා සහ නර්තන අංග ඇතුළත් විනෝදාස්වාදය ඉදිරිපත් කරයි.

තංගල්ල ප්‍රදේශයේ පෙරපාසල් දරුවන් වෙනුවෙන් පැවැත්වූ ඉතිරිකිරීම පිළිබඳ පූර්ව දැනුවත්කිරීමේ ජාතික කාර්යය වැඩසටහන පිළිබඳව පීපල්ස් ලීසිං තංගල්ල ශාඛා කළමනාකරු, ඉසුරු සඳරුවන් ඩයස්, මහතා පැවසුවේ, “දරුවන් තුළ ඉතිරිකිරීමේ පුරුද්ද වර්ධනයකිරීම ජාතික මෙහෙවරක්. අනාගත පරපුර සෞභාග්‍යමත් පිරිසක් බවට පත්වන්නේ එවැනි සද්කාර්යයන් තුළිනුයි. එහෙයින් මෙම වටිනා සමාජ සත්කාරය සාර්ථක කරගැනීමට තංගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් දැක්වූ සහයෝගය හා අප ශාඛාවේ කාර්ය මණ්ඩලය දැක්වූ කැපවීම මා මෙම අවස්ථාවේදී බොහෝ අගය කරනවා.” යන්නය.

ශ්‍රී ලංකාවේ විශාලතම රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුවට අනුබද්ධිත සමාගමක් ලෙසින් 1995 දී ඇරඹූ පීපල්ස් ලීසිං සමාගම ලීසිං ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන අතර විශාලතම බැංකු නොවන මූල්‍ය සමාගමයි. පීපල්ස් ලීසිං සමාගම ෆිච් රේටිංස් ලංකා දේශීය ණය ශ්‍රේණිගතකිරීම් අනුව AA- (lka) ශ්‍රේණිගතය හිමි මූල්‍ය සමාගමක් වන අතර 5 වන වරටත් ශ්‍රී ලංකාවේ වගකීම්සහගත ආයතනික පුරවැසියන් 10 දෙනා අතරට ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය විසින් ඇගයීමට ලක් වූ සමාගමකි.

ළමා වැඩසටහන් අධ්යක්ෂක, ලේඛක සහ ප්‍රසිද්ධ කථිකයෙකු වන උපුල් වීරසිංහ (උපුල් මමා) ගායනා සහ නර්තන අංග ඇතුළත් විනෝදාස්වාදය ඉදිරිපත් කරයි.

පීපල්ස් ලීසිං ලබාදෙන මූල්‍ය සේවාවන් අතර ලීසිං, ස්ථාවර තැන්පතු, ඉතුරුම් ගිණුම්, පුද්ගලික හා ව්‍යාපාරික ණය පහසුකම්, ණය සාධ්‍යකරණය (Factoring), ආන්තික වෙළඳාම (Margin Trading) සහ ඉස්ලාමීය මූල්‍ය පහසුකම් වන අතර පීපල්ස් ඉන්ෂුවරන්ස්, පීපල්ස් මයික්‍රොෆිනෑන්ස්, පීපල්ස් ලීසිං ප්‍රොපටි ඩිවලොප්මන්ට්, පීපල්ස් ලීසිං ෆ්ලීට් මැනේජ්මන්ට් හා පීපල්ස් ලීසිං හැව්ලොක් ප්‍රොපටීස් යන සමාගම් එහි අනුබද්ධිත ආයතන වෙති.

වැඩසටහනට සහභාගි වූ පෙර පාසල් දරුවන්ගේ සහ ඔවුන්ගේ දෙමාපියන්ගේ කොටසක්

දිවයින පුරා ව්‍යාප්ත ශාඛා ජාලය හරහා සිය මූල්‍ය සේවා සුහදශීලිව, කඩිනමින් හා විශ්වාසනීය ලෙස සපුරාගැනීමට සිය ගණුදෙනුකරුවන්ට අවස්ථාව සැලසීම පීපල්ස් ලීසිං සමාගමේ සුවිශේෂත්වය වේ.