පීපල්ස් ලීසිං අම්පාර ශාඛාව ගුරුපුහුණු වැඩසටහනකට දායකත්වය දක්වයි.


ශ්‍රී ලංකාවේ බැංකු නොවන ප්‍රමුඛතම මූල්‍ය ආයතනය වන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගමේ අම්පාර ශාඛාව මුල් ළමාවියේ සංවර්ධනය පිළිබඳව පෙරපාසල් ගුරුවරුන් දැනුවත්කිරීමේ වැඩමුළුවකට පසුගියදා දායකත්වය ලබාදුණි. අම්පාර දිස්ති්‍රක් ලේකම් කාර්යාලයේ මගපෙන්වීමෙන් පැවැති මෙම වැඩමුළුව තුළින් අම්පාර දිස්ති්‍රක්කයේ සේවය කරන පෙරපාසල් ගුරුවරු 255කට අධික පිරිසක් ප්‍රතිලාභ ලැබූහ. ක්ෂේත්‍රය පිළිබඳ හසළ දැනුමක් සහ පළපුරුද්දකින් හෙබි ප්‍රවීණ සම්පත්දායකයෙකු විසින් වැඩසටහන සඳහා සම්පත් දායකත්වය ලබා දෙන ලදී. මෙම වැඩමුළුවේදී ළමා මනසට හිතකාමී ඉගැන්වීම් ක්‍රම මෙන්ම නිර්මාණශීලි හා නව්‍යකරණයෙන් යුත් අනාගත පරපුරක් බිහිකිරීමට උපකාරීවන පූර්ව ළමාවියේ පෙළඹවීම් සඳහා වූ විද්‍යාත්මක ප්‍රවේශය ආදී විෂයයන් සම්බන්ධයෙන් පෙරපාසල් ගුරුවරුන් දැනුවත් කෙරුණි.

නිර්මාණශීලී හා ඵලදායි අනාගත පරපුරක් ගොඩනැගීම වෙනුවෙන් කළ යුතු මුල් ඉගැන්වීම් ක්‍රමවේද පිළිබඳව පැවැති මෙම පෙරපාසල් ගුරුවරියන් දැනුවත්කිරීමේ වැඩමුළුවට අනුග්‍රාහකත්වය දැක්වීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ පීපල්ස් ලීසිං අම්පාර ශාඛා කළමනාකරු, තනූජ දිනේෂ් මහතා පැවසුවේ, zශී්‍ර ලංකාව ආර්ථීක පරිවර්තනයකට පත්වෙමින් සිටින රටක්. මෙම පරිවර්තනය වේගවත් කිරීමට මෙරට මානව ප්‍රාග්ධනය ඉතා වැදගත් දායකත්වයක් දැක්විය යුතුයි. අපේ රටේ අනාගත පුරවැසියන් බවට පත්වන්නේ අද පූර්ව ළමාවියේ හිඳින කුඩා දරුවන්. එA නිසා අනගතයේ සිදුවන මෙම වෙනස්කමට සාර්ථකව මුහුණ දෙමින් රටේ සංවර්ධනයට දායකත්වය ලබා දීමට අපේ දරුවන් නව්‍යකරණයෙන් සන්නද්ධ විය යුතු අතරම ඔවුන් ප්‍රබල නායකත්ව හා සන්නිවේදන හැකියාවන් වලින් සන්නද්ධකරමින් ඔවුන්ගේ් පූර්ණ පෞරුෂ සංවර්ධනය සඳහා පෙරපාසල් විසින් කටයුතු කරනවා. එම භාරදූර වගකීම සඳහා දායකත්වය සපයන පෙරපාසල් ගුරුවරුන්ගේ කාර්යභාරය මැනවින් වටහාගත් පීපල්ස් ලීසිං සමාගම මුල් ළමාවිය සංවර්ධනය සඳහා නිරතුරු අතහිත දෙනවා. පීපල්ස් ලීසිං අම්පාර ශාඛාව විසින් මෙම අගනා වැඩමුළුවට අනුග්‍රාහකත්වය ලබාදීමට ඉදිරිපත් වූයේ ජාතික වගකීමකට උරදීම සඳහා සමාගම විසින් සිදුකරන ආයතනික සමාජ සත්කාර වගකීමේ දිගුවක් වශයෙනුයි.Z යන්නය.

ශ්‍රී ලංකාවේ විශාලතම රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුවට අනුබද්ධිත සමාගමක් ලෙසින් 1995 දී ඇරඹූ පීපල්ස් ලීසිං සමාගම, ලීසිං ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන අතර විශාලතම බැංකු නොවන මූල්‍ය සමාගමයි. පීපල්ස් ලීසිං සමාගම ෆිච් රේටිංස් ලංකා දේශීය ණය ශ්‍රේණිගතකිරීම් අනුව AA-(lka) ශ්‍රේණිගතය හිමි මූල්‍ය සමාගමක් වන අතර 5 වන වරටත් ශ්‍රී ලංකාවේ වගකීම්සහගත ආයතනික පුරවැසියන් 10 දෙනා අතරට ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය විසින් ඇගයීමට ලක් වූ සමාගමකි.

පීපල්ස් ලීසිං ලබාදෙන මූල්‍ය සේවාවන් අතර ලීසිං, ස්ථාවර තැන්පතු, ඉතුරුම් ගිණුම්, පුද්ගලික හා ව්‍යාපාරික ණය පහසුකම්, ණය සාධ්‍යකරණය (Factoring), ආන්තික වෙළඳාම (Margin Trading) සහ ඉස්ලාමීය මූල්‍ය පහසුකම් වන අතර පීපල්ස් ඉන්ෂුවරන්ස්, පීපල්ස් මයික්‍රොෆිනෑන්ස්, පීපල්ස් ලීසිං ප්‍රොපටි ඩිවලොප්මන්ට්, පීපල්ස් ලීසිං ෆ්ලීට් මැනේජ්මන්ට් හා පීපල්ස් ලීසිං හැව්ලොක් ප්‍රොපටීසA යන සමාගම් එහි අනුබද්ධිත ආයතන වෙති.

දිවයින පුරා ව්‍යාප්ත ශාඛා ජාලය හරහා සිය මූල්‍ය සේවා සුහදශීලිව, කඩිනමින් හා විශ්වාසනීය ලෙස සපුරාගැනීමට සිය ගණුදෙනුකාරභවතුන්ට අවස්ථාව සැලසීම පීපල්ස් ලීසිං සමාගමේ සුවිශේෂත්වය වේ.