දිවයින පුරා ක්‍රියාත්මක කළ ‘හිමි තැන පළමු තැන රට හැමතැන’ අලෙවි ප්‍රවර්ධන වැඩසටහන සාර්ථකව නිමාවෙයි


ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගම වන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගම, තම ශාඛා 200ක් තුළින් ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක කළ ‘හිමිතැන පළමු තැන රට හැමතැන’ අලෙවි ප්‍රවර්ධන වැඩසටහන පසුගියදා සාර්ථකව නිමා විය.

මෙම ‘හිමිතැන පළමු තැන රට හැමතැන’ අලෙවි ප්‍රවර්ධන වැඩසටහන පීපල්ස් ලීසිං සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී, සබීර් ඊබ්රහිම් මහතා හා ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය ඇතුළු 2,500කට වැඩි එම සමාගමේ සමස්ත කාර්ය මණ්ඩලය සහභාගී වූ හා එකම දිනයක දිවයින පුරා ක්‍රියාත්මක කළ දැවැන්ත ප්‍රවර්ධන වැඩසටහනක් වීම විශේෂත්වයකි.

පීපල්ස් ලීසිං සමාගමේ අලෙවි ප්‍රවර්ධන සාමාජිකයෙකුද ඇතුළුව 10දෙනෙකුගෙන් යුත් කණ්ඩායම් බැගින් සැකසී දොරින්දොරට ගොස් පෞද්ගලික කතාබහකින් තම සමාගම වෙතින්ම පමණක්  ගනුදෙනුකරුවන්හට සැපයෙන ප්‍රතිලාභ විස්තර කරමින් සිදු කළ මෙම ප්‍රවර්ධන වැඩසටහන මගින් වැඩි අවධානය යොමුවූයේ සමාගමේ නවතම  මූල්‍ය නිෂ්පාදන හඳුන්වාදීම, නව ගනුදෙනුකරුවන් පිරිසක් එක්කරගැනීම, දැනට සිටින ගනුදෙනුකරුවන්ගේ යම් ගැටළුවක් වේ නම් එයට ක්ෂණික විසඳුම් සැපයීම ආදිය කෙරෙහිය. විශේෂයෙන්ම මෙහිදී වාහන ලීසිං, වාහන ණය, ත්‍රීවීලර් ලීසිං හා ව්‍යාපාරික ණය යන අංශ සතර කෙරෙහි ගනුදෙනුකරුවන්ගේ අවධානය යොමු කෙරුණි. එනම් වාහන ලීසිං පහසුකම් හා වාහන ණය පහසුකම් යටතේ පීපල්ස් ලීසිං සමාගම දිවයිනේ ප්‍රථමයා වශයෙන් ප්‍රථම වතාවට හඳුන්වාඳුන් ලීසිං මුදල කොටස් වශයෙන් ගෙවා වාරිකය අඩුකරගැනීමේ හැකියාව, අවශ්‍යතාව මත සකස් කරගත හැකි පහසු මාසික වාරිකය, වසර 7 දක්වා ගෙවීමේ හැකියාව හා සෑම මසකම තෝරාගන්නා ගනුදෙනුකරුවන් 25කට වසරකට රුපියල් 100,000 බැගින් නොමිලේ ඉන්ධන දිනාගැනීමේ අවස්ථාව සැපයේ. එයට අමතරව මෙම ප්‍රවර්ධන වැඩසටහන යටතේ ත්‍රීවීලර් ලීසිං පහසුකම් යටතේ පැය තුනකින් මුදල් ලබාගත හැකිවීම, පළමු වසර සඳහා නොමිලේ රක්ෂණය, ටයර් 3ක් ඇතුළුව රුපියල් 8,000 දක්වා වටිනා තෑගි පිරිනැමීම හා සේවා ගාස්තු නොමිලේ සැපයීම කෙරෙහි බොහෝ ගනුදෙනුකරුවන්ගේ අවධානය යොමුවිණ. එමෙන්ම මෙම ප්‍රවර්ධන වැඩසටහනෙන් දැනුවත් කෙරුණු ව්‍යාපාරික ණය අංශය යටතේ පීපල්ස් ලීසිං සමාගම සපයන කෙටි හා දිගුකාලීන ණය, ලීසිං මුදල කොටස් වශයෙන් ගෙවා වාරිකය අඩුකරගැනීමේ හැකියාව, ව්‍යාපාරයට ගැලපෙන ආකාරයෙන් ආපසු ගෙවීමේ හැකියාව, රථවාහන හෝ දේපළ ඇප සුරැකුම් ලෙස තැබීමේ හැකියාව හා ඇප සුරැකුමෙහි වටිනාකම මත ඉහළම ණය මුදලක් ලබාගත හැකිවීම කෙරෙහි පැහැදුනු ගනුදෙනුකරුවන් සැළකිය යුතු පිරිසක් සමාගමෙන් මූල්‍ය පහසුකම් ලබාගැනීමට ඉදිරිපත්වීම ද කැපී පෙනෙන්නක් විය.

‘හිමිතැන පළමු තැන රට හැමතැන’ අලෙවි ප්‍රවර්ධන වැඩසටහන සම්බන්ධයෙන් අදහස් දැක්වූ එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යධිකාරී, සබීර් ඊබ්රහිම් මහතා පැවසුවේ, “පීපල්ස් ලීසිං සමාගමේ සියලූ ශාඛා හා සියලූ කාර්ය මණ්ඩලය දැඩි කැපවීමකින් එක්ව එකම දිනෙක දිවයින පුරා දියත් කළ මෙම ‘හිමිතැන පළමු තැන රට හැමතැන’ අලෙවි ප්‍රවර්ධන වැඩසටහන අතිශයින්ම සාර්ථකවූවකි. එම වැඩසටහනෙන් අපේ මූලික අරමුණ වූයේ අළුතෙන් හඳුන්වාදුන් අපේ සුවිශේෂී මූල්‍ය නිෂ්පාදන කෙරෙහි ගනුදෙනුකරුවන්ගේ  අවධානය යොමුකිරීම හා අප සමග ගනුදෙනුකිරීමේදී ඔවුන්ට අප නොදන්නා අපහසුතාවක් වේ නම් ඒවාට ක්ෂණික විසඳුම් සපයා අපේ බැඳීම තවදුරටත් ශක්තිමත් කිරීමයි. නමුත් මෙම ප්‍රවර්ධන වැඩසටහන තුළදීම අප සමාගම කෙරෙහි විශ්වාස තබන හා නවතම මූල්‍ය නිෂ්පාදන කෙරෙහි උනන්දුවක් දැක්වූ බොහෝ ගනුදෙනුකරුවන් පිරිසක් ලීසිං පහසුකම් හා ණය ලබාගැනීමට ඉදිරිපත්වීමෙන් එය සාර්ථකත්වයකට පත්වූවා” යන්නය.