දකුණු ආසියානු ක්‍රීඩා උළෙලෙහි ටයිකොණ්ඩෝ රන් පදක්කම්ලාභී රනුක ප‍්‍රභාත්ට පීපල්ස් ලීසිං උපහාර පුදයි


ශ‍්‍රී ලංකාවේ බැංකු නොවන ප‍්‍රමුඛතම මූල්‍ය සමාගම වන පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් සමාගමේ වෙන්නප්පුව ශාඛාවේ, කාර්ය මණ්ඩල සාමාජිකයෙකුවන දකුණු ආසියානු කී‍්‍රඩා උළෙලෙහි ටයිකොණ්ඩෝ රන් පදක්කම්ලාභී එම්.පී.ඞී. රනුක ප‍්‍රභාත් මහතාට පීපල්ස් ලීසිං සමාගමේ උපහර පිදීමේ උත්සවයක් එම සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී, සබ්රි ඊබ‍්‍රහිම් මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගිය දා පැවැත්විණ. පීපල්ස් ලීසිං සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය හා කාර්ය මණ්ඩලයෙහි සහභාගීත්වයෙන් සිදු කෙරුණු එම උපහාර පිදීමේ උත්සවයේදී රන් පදක්කම්ලාභී රනුක ප‍්‍රභාත් මහතාට පීපල්ස් ලීිසිං සමාගමේ උපහාරය සමගින් මුදල් පරිත්‍යාගයක්ද සිදු කෙරුණි.

දකුණු ආසියානූ ක්‍රීඩා උළෙලෙහි ටයිකොණ්ඩෝ රන් පදක්කම්ලාභී එම්.පී.ඞී. රනුක ප‍්‍රභාත් මහතාට උපහාර පිදීමේ උත්සවයේදී පීපල්ස් ලීසිං සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී, සබ්රි ඊබ‍්‍රහිම් මහතා විසින් මුදල් ත්‍යාගයක් පිරිනැමූ අවස්ථාව.

නේපාලයේ කත්මණ්ඩු නුවර පැවැති 13වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ රනුක ප‍්‍රභාත් වයස අවු. 23න් පහළ ටයිකොණ්ඩෝ පුම්සේ පිරිමි කේවල ඉසව්වෙන් රන් පදක්කමත්, පුම්සේ යුගල ඉසව්වෙන් රන් පදක්කම හා පුම්සේ කණ්ඩායම් ඉසව්වෙන් රිදී පදක්කමද දිනාගැනීමට සමත්වූ අතර, එය ටයිකොණ්ඩෝ පුම්සේ තරග ඉසව් සඳහා ශ‍්‍රී ලංකාව රන් පදක්කමක් හිමිකරගත් පළමු අවස්ථාව වීම විශේෂත්වයකි. එමෙන්ම මෙවර දකුණු ආසියානු ක්‍රීඩා උළෙලෙහි ශ‍්‍රී ලංකාව හිමිකරගත් පළමු රන් පදක්කම මෙය වීම ද විශේෂත්වයකි.

දකුණු ආසියානූ ක්‍රීඩා උළෙලෙහි ටයිකොණ්ඩෝ රන් පදක්කම්ලාභී එම්.පී.ඞී. රනුක ප‍්‍රභාත් මහතාට උපහර පිදීමේ උත්සවය අමතමින් පීපල්ස් ලීිසිං සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යාධිකාරී, සබ්රි ඊබ‍්‍රහිම් මහතා පැවසුවේ, ‘ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සේවා විසඳුම් සපයන සමාගම් පුරවැසිියෙකු ලෙස පීපල්ස් ලීසිං සමාගම තරගකාරී සමාගම් අතරේ නිරන්තරයෙන්ම සම්මානයට පාත‍්‍රවෙන සමාගමක්. නමුත් රනුක ප‍්‍රභාත් මහතා ශ‍්‍රී ලංකාවට ගෞරවයක් ලබාදෙමින් ලබාගත් සාෆ් රන් පදක්කම අප සමාගමට සුවිශේෂයි. මෙවන් ජාත්‍යන්තර කීර්තිමත් ක්‍රීඩකයෙකු පීපල්ස් ලීසිං සෙවනෙහි සිටීම අප සමාගමට සාඩම්බරයක්. මෙවැනි උපහාර පිදීමේ උත්සවයක් සංවිධානය කර ඔහු අප රටට කළ මෙහෙවර ඇගයුමට ලක්කරන්නා සේම ඔහු ගේ ක්‍රීඩා කෞෂල්‍යය තවත් ඔප් නංවාගැනීමට සමාගම පැත්තෙන් සැපයිය හැකි සෑම පහසුකමක්ම සැපයීමට අප නිරන්තරයෙන්ම ඉදිරිපත්වනවා. එමෙන්ම  ඔහුගේ හැකියාවෙන් ශ‍්‍රී ලංකාවට තව තවත් කිර්තිය ලබාගැනීමට හැකි වේවායි ප‍්‍රාර්ථනා කරනවා’ යන්නය.

ශ‍්‍රී ලංකාවේ විශාලතම රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුවට අනුබද්ධිත සමාගමක් ලෙසින් 1996 දී ඇරඹූ පීපල්ස් ලීසිං සමාගම, ලීසිං ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා වන අතර විශාලතම බැංකු නොවන මූල්‍ය සමාගමයි. පීපල්ස් ලීසිං සමාගම ෆිච් රේටිංස් ලංකා දේශීය ණය ශ්‍රේණිගතකිරීම් අනුව AA- (lka) හා ෆිච් රේටිංස් ඉන්ටර්නැෂනල් අනුව B- ලෙස ඉහළම ණය ශ්‍රේණිගතය හිමි මූල්‍ය සමාගමක් වන අතර 5වන වරටත් ශ‍්‍රී ලංකාවේ වගකීම් සහගත ආයතනික පුරවැසියන් 10 දෙනා අතරට ශ‍්‍රී ලංකා වාණිජ මණ්ඩලය විසින් ඇගයීමට ලක් වූ සමාගමකි. ශ‍්‍රී ලංකාව තුළ වටිනාම හා ප‍්‍රබලතම සන්නාම ශ්‍රේණිගතය සිදු කරන Brand Finance Awards 2019 දී ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම බැංකු නොවන මූල්‍ය ආයතනය වශයෙන්ද පීපල්ස් ලීසිං සමාගම පසුගියදා ඇගයීමට ලක් විය. තවද ලබන ලාභයෙන් කොටසක් පරිසර සංරක්ෂණය මෙන්ම ව්‍යවසායකත්වය නංවාලීමට, මුල් ළමාවිය/පාසල් මෙන්ම වෘත්තීය අධ්‍යාපනය නගාසිටුවීමට හා ප‍්‍රජාවන් සවිබලගැන්වීමට කටයුතු කරන සමාගමකි.

පීපල්ස් ලීසිං ලබාදෙන මූල්‍ය සේවාවන් අතර ලීසිං, වාහන ණය, ස්ථාවර තැන්පතු, ඉතුරුම් ගිණුම්, නිවාස හා ව්‍යාපාරික ණය පහසුකම්, ණය සාධ්‍යකරණය (Factoring), ආන්තික වෙළඳාම (Margin Trading) රන් ණය සහ ඉස්ලාමීය මූල්‍ය පහසුකම් වන අතර පීපල්ස් ඉන්ෂුවරන්ස්, පීපල්ස් මයික්‍රෝ කොමර්ස්, පීපල්ස් ලීසිං ප්‍රොපටි ඩිවලොප්මන්ට්, පීපල්ස් ලීසිං ෆ්ලීට් මැනේජ්මන්ට් හා පීපල්ස් ලීසිං හැව්ලොක් ප්‍රොපටීස් සහ බංගලාදේශයේ ස්ථාපිත ලංකන් එලායන්ස් ෆිනෑන්ස් යන සමාගම් එහි අනුබද්ධිත සමාගම් වෙති.

දිවයින පුරා ව්‍යාප්ත ශාඛා ජාලය හරහා තමන්ට වඩාත්ම සුදුසු මූල්‍ය සැලසුම් සුහදශීලිව, කඩිනමින් හා විශ්වාසනීය ලෙස සපුරාගැනීමට සිය ගණුදෙනුකාරභවතුන්ට අවස්ථාව සැලසීම පීපල්ස් ලීසිං සමාගමේ සුවිශේෂීත්වය වේ.