පීපල්ස් ලීසිං සමාගම හම්බන්තොට, තංගල්ල සහ බෙලිඅත්ත රෝහල් සඳහා වෛද්‍ය උපකරණ පරිත්‍යාග කරයි


ඡායාරුපයේ දැක්වෙන්නේ ගරු වාරිමාර්ග අමාත්‍ය ජාතික ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සංකේතාත්මකව අත්‍යවශ්‍ය උපකරණ කට්ටලයක් තංගල්ල රෝහලේ වෛද්‍ය අධිකාරී ඩි.ආර්.එන්. සරණසිංහ මහතා වෙත පිළිගන්වන අවස්ථාවයි. තරුණ හා ක්‍රීඩා අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය  නාමල් රාජපක්ෂ (දකුණ) මහජන බැංකුවේ හා පීපල්ස් ලීසිං ආයතනයේ සභාපති සුජීවා රාජපක්ෂ  (වමේ සිට තෙවැන්නා) සහ පීපල්ස් ලීසිං ආයතනයේ ප්‍රධාන විධායක / සාමාන්‍යාධිකාරී ෂමීන්ද්‍ර මර්සලින් මහතා (වමේ සිට දෙවැන්නා)

පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී ආයතනය විසින් දකුණු පළාතේ රජයේ රෝහල් තුනක කොවිඩ්-19 පරීක්ෂණ සහ ප්‍රතිකාර ශක්තිමත් කිරීම සඳහා අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කරන ලදී. හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහල, තංගල්ල මූලික රෝහල සහ බෙලිඅත්ත ප්‍රාදේශීය රෝහල යන රෝහල්  සඳහා කෝටි 6 කට වඩා වැඩි වටිනාකමකින් යුත් උපකරණ තොගයක් පරිත්‍යාග කරන ලදී.

වාරිමාර්ග අමාත්‍ය සහ ජාතික ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා, තරුණ හා ක්‍රීඩා අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සහ ගරු ගුවන් ගමන් හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක යන මැති ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම උපකරණ නිල වශයෙන් භාරදීමේ උත්සවය පැවැත්වුණි.

මෙම උත්සවය සඳහා මහජන බැංකුවේ සහ පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් ආයතනයේ සභාපති සුජීව රාජපක්ෂ මහතා සහ පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් ප්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරී ශමීන්ද්‍ර මර්සලින් මහතා සහ පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී ආයතනයේ නිලධාරීන්ද සහභාගී විය. හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහල වෙත පරිත්‍යාග කෙරුණු පීසීආර් යන්ත්‍රයක් ඇතුළු උපකරණ තොගය  රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය වී.ජී. එස්. උබේසේකර මහතා විසින් භාරගත් අතර, බෙලිඅත්ත මූලික රෝහල හා තංගල්ල ප්‍රාදේශීය රෝහල සදහා පරිත්‍යාග කෙරුණු අත්‍යවශ්‍ය උපකරණ කට්ටල පිළිවෙලින් තංගල්ල මූලික රෝහල වෙනුවෙන් එම රෝහලේ වෛද්‍ය අධිකාරී ඩි.ආර්.එන්. සරණසිංහ මහතා හා බෙලිඅත්ත රෝහලේ වෛද්‍ය නිලධාරි එම්.ඩී ප්‍රියන්ත විසින් භාරගන්නා ලදී