පීපල්ස් ලීසිං විසින් කොවිඩ් – 19 සටනට රු. මිලියන 25 ක් වටිනා අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ පරිත්‍යාග කරයි


ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ රජය සතු බැංකු නොවන මූල්‍ය ආයතනය වන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී (පීපල්ස් ලීසිං) සමාගම විසින් කොවිඩ්-19 වසංගතයට එරෙහි ජාතික සටනට ශක්තියක් එක් කිරීම සදහා මෑතකදී අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කරන ලදී. තෝරාගත් රජයේ රෝහල්වලට වෛද්‍ය පරීක්ෂණ සහ ප්‍රතිකාර සඳහා සහාය වීම‍ට අත්‍යවශ්‍ය වෛද්‍ය සැපයුම් ලබාදෙන ලදී.

ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සහ මහජන බැංකු හා මහජන ලීසිං සභාපති සුජීව රාජපක්ෂ මහතා සහ මහජන ලීසිං හි ප්‍රධාන විධායක නිලධාරී / සාමාන්‍යාධිකාරී ෂමීන්ද්‍ර මර්සලින් මහතා යන අයගේ සහභාගිත්වයෙන් අරලිය ගහ මන්දිරයේ පැවති මෙම වෛද්‍ය උපකරණ භාරදීමේ උත්සවය පැවැත්වුණි. මෙම පරිත්‍යාගය පීපල්ස් ලීසිං සමාගමේ 25 වන සංවත්සරයට සමගාමීව ඉටුකරනු ලැබූ ආයතනික සමාජ වගකීම් වැඩසටහනකි.

කොවිඩ්-19 වසංගතය පැතිරයාම සාර්ථකව පාලනය කිරීම සඳහා කොවිඩ් පරීක්‍ෂා කිරීම සඳහා වන ජංගම පීසිආර් යන්ත්‍ර දෙකක් සහ නේවාසික සහ දැඩි සත්කාර ඒකකවල කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා වෙනත් අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් පිඑල්සි ආයතනයේ මෙම පරිත්‍යාගයට ඇතුළත් විය. ජංගම වෙන්ටිලේටර් යන්ත්‍රයක්  අධිගලන ඔක්සිජන් ප්‍රතිකාර ඒකකයක්, දැඩි සත්කාර සේවා සඳහා බහු රෝගී මොනිටර, CPAP/BiPAP යන්ත්‍ර, ස්පන්දන ඔක්සිමීටර්, හා එන්නත් උපකරණ මෙම තොගයට ඇතුළත් විය 

කොවිඩ් – 19 රෝගය ආශ්‍රිත පරීක්ෂණ සහ ප්‍රතිකාර සදහා කාර්යක්ෂමව ක්‍රියාත්මක වීම සදහා අත්‍යවශ්‍ය පරිත්‍යාග කිරීම සදහා මැදිහත් වීමේ කාලෝචිතබව හා වැදගත්කම ගරු සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අවධාරණය කළේය.

ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෛද්‍ය උපකරණ මාරවිල මුලික රෝහලේ වෛද්‍ය අධිකාරී වෛද්‍ය ඊ. රාජපක්ෂ මහත්මිය වෙත සංකේතාත්මකව භාරදුන් අවස්ථාව. සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි, පීපල්ස් ලීසිං සමාගමේ සභාපති සුජීව රාජපක්ෂ හා පීපල්ස් ලීසිං සමාගමේ  ප්‍රධාන විධායක / සාමාන්‍යාධිකාරී ෂමීන්ද්‍ර මර්සලින් යන මහත්ම මහත්මීන් දෙපස සිටී. 


“අද මෙම වෛද්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීම අවශ්‍ය සම්පත් සමග වඩාත් කාර්යක්ෂමව හා පහසුවකින් යුතුව කටයුතු කිරීමට සෞඛ්‍ය සේවකයින් සවිබල ගැන්වීමට පීඑල්සී දක්වන කැපවීමට තවත් කදිම සාක්ෂියකි. සීමිත සම්පත් වලින් ක්‍රියාත්මක වන රජයේ රෝහල් වෙතින් අපෙන් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාරයක් වශයෙන් අපේ සංවත්සරයට සමගාමීව මෙම පරිත්‍යාගය සිදුකරනවා” යැයි මහජන බැංකුවේ සහ පීපල්ස් ලීසිං ආයතනයේ සභාපති සුජීව රාජපක්ෂ මහතා පැවසීය.

ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෛද්‍ය උපකරණ තොගය මැදිරිගිරිය මුලික රෝහල් ප්‍රධාන ඖෂධවේදි කේ.කේ.ආර් .තරංග මහතා වෙත සංකේතාත්මකව භාරදුන් අවස්ථාව. සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි, පීපල්ස් ලීසිං සමාගමේ සභාපති සුජීව රාජපක්ෂ හා පීපල්ස් ලීසිං සමාගමේ ප්‍රධාන විධායක / සාමාන්‍යාධිකාරී ෂමීන්ද්‍ර මර්සලින් යන මහත්ම මහත්මීන් දෙපස සිටී. 


මේ අතර, ප්‍රධාන විධායක නිලධාරී/සමාන්‍යධිකාරි, ෂමින්ද්‍ර මර්සලින් මහතා උත්සවය අමතමින් කියා සිටියේ, මෙම විශේෂ වැඩසටහනෙහි අවධානයට කොළඹින් පිටත අවදානම් සහිත ප්‍රජාවන් ද ඇතුළත් වූ බවයි. අවශ්‍යතා තක්සේරු කිරීමේ සිට කඩිනමින් ගුණාත්මක ලැයිස්තුගත සැපයුම්කරුවන්ගෙන් මිලදී ගැනීම දක්වා ව්‍යාපෘතිය පුරාම අඛණ්ඩව සහයෝගය දැක්වීම පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයට ඔහු සිය කෘතඥතාව පළ කළේය.

ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෛද්‍ය උපකරණ තොගය ගම්පහ දිස්ත්‍රික් මහරෝහලේ වෛද්‍ය ජී.ඩබ්ලිව්.පී.ශිරෝමන් මහතා වෙත සංකේතාත්මකව භාරදුන් අවස්ථාව. සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි, පීපල්ස් ලීසිං සමාගමේ සභාපති සුජීව රාජපක්ෂ හා පීපල්ස් ලීසිං සමාගමේ ප්‍රධාන විධායක / සාමාන්‍යාධිකාරී ෂමීන්ද්‍ර මාර්සලින් යන මහත්ම මහත්මීන් දෙපස සිටී. 

උත්සවය ඇමතු ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අයි.ඩබ්ලිව්.එම්.ජේ. වික්‍රමරත්න මහතා “පීපල්ස් ලීසිං විසින් වඩාත්ම අවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීම අපි අගය කරමු. පසුගිය සති කිහිපය තුළ කොවිඩ්-19  රෝගීන්ගේ සංඛ්‍යාව දිනපතා ඉහළ ගොස් ඇති බැවින් එම පරිත්‍යාගය ඉතා වැදගත් වේ.” යනුවෙන් සඳහන් කළේය.

ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෛද්‍ය උපකරණ තොගය කෑගල්ල දිස්ත්‍රික් මහරෝහලේ ශල්‍ය ඖෂධවේදී බි.ඩබ්ලිව්.එම්.එස්.කේ.අයි. ජයරත්න මිය වෙත සංකේතාත්මකව භාරදුන් අවස්ථාව. සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි, පීපල්ස් ලීසිං සමාගමේ සභාපති සුජීව රාජපක්ෂ හා පීපල්ස් ලීසිං සමාගමේ ප්‍රධාන විධායක / සාමාන්‍යාධිකාරී ෂමීන්ද්‍ර මර්සලින් යන මහත්ම මහත්මීන් දෙපස සිටී. 

වසංගතය පැතිරයාම ආරම්භයේ සිටම, රජය විසින් හඳුන්වා දෙන ලද සෞඛ්‍ය මාර්ගොපදේශයන්ට අනුකූලව, සිය කාර්ය මණ්ඩලය හා පාරිභෝගිකයින් අතර රෝග වැළැක්වීමේ ප්‍රධාන පණිවුඩ සමඟ දැනුවත් කිරීමේ ව්‍යාපාර ක්‍රියාත්මක කෙරිණ. ව්‍යාපාර මෙහෙයුම් වෙබ් අඩවි හරහා මෙහෙයවමින් රෝග වැළැක්වීමේ ක්‍රියාවලියද රෝගයට එරෙහි සටනට සහයවීමේ ක්‍රියාවලියද දිවයින පුරා වැඩි කර තිබේ.  තම ව්‍යාපාර ඒකකය තුළ සනීපාරක්‍ෂක පහසුකම් වැඩිදියුණු කිරීමට සහ කොවිඩ් පාලනයට කඩිනම් පියවර ගැනීම සඳහා ආයතනය තුළ කැප වූ කොවිඩ් කාර්ය සාධක බලකායක් පිහිටුවීමටද පිඑල්සි සමාගම කටයුතු කර තිබේ. 

ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සංකේතාත්මකව වෛද්‍ය උපකරණ තොගය ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අයි.ඩබ්ලිව්.එම්.ජේ. වික්‍රමරත්න මහතා භාරදුන් අවස්ථාව. සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි, පීපල්ස් ලීසිං සමාගමේ සභාපති සුජීව රාජපක්ෂ හා පීපල්ස් ලීසිං සමාගමේ ප්‍රධාන විධායක / සාමාන්‍යාධිකාරී ෂමීන්ද්‍ර මර්සලින් යන මහත්ම මහත්මීන් දෙපස සිටී. 

වසංගතයේ පළමු රැල්ල අතරතුර, අධෝරක්ත කිරණ උෂ්ණත්වමාන, රැහැන් රහිත වෙදනලාවන්, ඉකෝ අල්ට්රා සවුන්ඩ් ස්කෑනර් යන්ත්රය සහ අනෙකුත් අත්‍යවශ්‍ය උපකරණ ඇතුළු වෛද්‍ය උපකරණ රජයේ රෝහල් කිහිපයකට ඉදිරිපත් කිරීම මගින් කොවිඩ්-19 රෝගීන් කළමනාකරණය ශක්තිමත් කිරීමට පීඑල්සී සමාගම සහය ලබා දුන්නේය. තවද, රජයේ පාසල් 21 ක කොවිඩ්-19 පෙර සූදානම් කිරීමේ කටයුතු වැඩි දියුණු කිරීම සඳහා සමාගම අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ හවුල් විය. සෞඛ්‍ය සේවා පහසුකම් වලින් ඔබ්බට ගොස්, 2017 දී ආරම්භ කරන ලද ‘සෙනෙහස’ ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය තුළින් සුදුසුකම් ලත් ප්‍රතිලාභීන් 53 දෙනෙකුට ඉලෙක්ට්‍රෝනික උපකරණ පිරිනැමීම තුළින් අවිනිශ්චිත කාලවලදී අඛණ්ඩ අධ්‍යාපනය ලබාදීමේ කාර්යයට පීපල්ස් ලීසිං සමාගම සහාය වූ අතර, ඔවුන්ගේ මාර්ගගත අධ්‍යාපනය සඳහා රු. මිලියන 1.2 ආයෝජනයක් සිදුකෙරිණ.  

1996 දී පිහිටුවන ලද පීපල්ස් ලීසිං සමාගම  වගකීම් පෙරදැරි කොට මුල්‍ය පහසුකම් සැපයීමෙන් දිළිඳුකම තුරන් කිරීම සඳහා  උත්සාහ කරමින් සිටි. 

ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෛද්‍ය උපකරණ තොගය ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අයි.ඩබ්ලිව්.එම්.ජේ. වික්‍රමරත්න මහතා වෙත සංකේතාත්මකව භාරදුන් අවස්ථාව. සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි, පීපල්ස් ලීසිං සමාගමේ සභාපති සුජීව රාජපක්ෂ, පීපල්ස් ලීසිං සමාගමේ ප්‍රධාන විධායක / සාමාන්‍යාධිකාරී ෂමීන්ද්‍ර මර්සලින්, මුදල්, ප්‍රාග්ධන වෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ ගරු රාජ්‍ය ඇමති අජිත් නිවාඩ් කබ්රාල් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. එස්. තව්ෆීක්. යන මහත්ම මහත්මීන් දෙපස සිටී.