පීපල්ස් ලීසිං ආයතනය තම 25වන සංවත්සරය සමරයි


ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රාජ්‍ය මූල්‍ය ආයතනය වන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී ආයතනය තම  25වන සංවත්සරය මැයි මස 31 වන දින සමරයි. පුරා 25 වසරක් මුළුල්ලේ ආයතනය  කෙරෙහි උපරිමයෙන් ලැදියාව හා විශ්වාසය තබමින් දිවයිනේ ඉතා විශ්වසනීය හා වැඩි ඉල්ලුමක් ඇති බැංකු නොවන මූල්‍ය ආයතනය ලෙස කිරුළු පළඳින්නට දායක වූ වටිනා පාරිභෝගික භවතුන් හට පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී ආයතනයේ සභාපති, ප්‍රධාන විධායක නිලධාරී හා කාර්ය මණ්ඩලය තම අවංක කෘතඤතාව පළකරති. 

1996 වසරේදි ස්ථාපිත වූ අවදියේ සිටම PLC ආයතනය දිවයිනේ සෑම ප්‍රදේශයකම තම ශාඛාවන් විහිදුවා 2021 වසර වන විට ශාඛා 112ක් සමග ඉතා විශිෂ්ට ශාඛා ජාලයක් පවත්වාගෙන යමින් මූල්‍ය පහසුකම් සැපයීම සිදුකරමින් සිටී. මුල්ම අවදියේ තුන්දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සමග තම කටයුතු ඇරඹූ PLC ආයතනයේ අද වන විට  විවිධ තනතුරු හා වගකීම් දරන 2,400 සේවක ප්‍රජාවක් සිටින අතර එය ඉතා වර්ධනීය ව්‍යාපෘතියක් වේ. 1996 වසරේදි රු. මිලියන 10ක්ව පැවැති ප්‍රාග්ධන පදනම අද වන විට රු. බිලියන 30.25 දක්වා පුළුල්කිරීමට PLC සමූහයට හැකිවී ඇත. 

අද වන විට ශ්‍රී ලංකාවේ මූල්‍ය සමාගම් අතුරින් වඩාත් පුළුල් වූ හා විවිධත්වයෙන් හෙබි අභිමතකරණය කළ හැකි නිෂ්පාදන හා සේවා සපයනු ලබන්නේ පීඑල්සී විසිනි. ඒ අතුරින් රථවාහන ණය, ස්වර්ණාභරණ ණය, වාණිජ ණය, අධ්‍යාපන ණය, නිවාස ණය සහ පෞද්ගලික ණය ආදී ණය සේවා වඩා තරගකාරී පොලී අනුපාත සමගින්  පිරිනමනු ලබයි. දැනට පීඑල්සී ආයතනයට අනුබද්ධිත ආයතන 5ක් තිබෙන අතර, මිත්‍රශීලී සේවය හා නම්‍යශීලීත්වය ගත් කළ තම ක්ෂේත්‍රයේ අනෙකුත් තරගකරුවන්ට වඩා කැපී පෙනෙනු දක්නට ලැබේ. 

මෙම සුවිශේෂී කඩඉම පිළිබඳව අදහස් දක්වන ආයතනයේ සභාපති සුජීව රාජපක්ෂ මෙසේ පවසයි: 

“පීපල්ස් ලීසිං ආයතනයේ දීර්ඝකාලීන ඉලක්කය වන්නේ අන්‍තර්කරණ මූල්‍ය ක්ෂේත්‍රයෙහි තිරසාර, ගෞරවනීය වාණිජ ආදර්ශයක් ලෙස පත්වී පුරෝගාමී සේවයක් ලබාදීමයි. මෙහෙයුම් පරිසරය තුළ පවතින අවිනිශ්චිතතා හේතුවෙන් මෙහෙයුම් හා අනුකූලතා පරිචයන් ඇතුළු  මූල්‍ය නොවන අවදානම් කළමනාකරණය ප්‍රගුණ කීරීමෙහිලා වැඩි අවධානය යොමුකිරීමට සිදුවී ඇත. තවද, මෙය අවදානම් කළමනාකරණයේ තීව්‍රව වෙනස්වීමට බඳුන්වන අංගයක් වේ. ක්ෂේත්‍රයේ සගයින් හා නියාමකයින් සමග සාමූහිකත්වයෙන් කටයුතු කරමින් බැංකු නොවන මූල්‍ය සේවා අංශයේ අරමුණු සහගත ණය ගනුදෙනු ප්‍රතිපත්ති ප්‍රවර්ධනය කිරීමටත්, එමගින් තිරසාර ආර්ථික ක්‍රියාකාරිත්වයට සහය වීමට පීපල්ස් ලීසිං ආයතනය බලාපොරොත්තු වේ.”

ආයතනය දැන් තිබෙන තත්ත්වයට ඔසවා තබන්නට ඇපකැපවීම වෙනුවෙන් කාර්ය මණ්ඩලයේ සියලුම සාමාජිකයින් හට ප්‍රධාන විධායක නිලධාරී ශාමින්ද්‍ර මර්සලින් මහතා තම අවංක කෘතඤතාව පළකරයි: 

“පාරිභෝගික කේන්ද්‍රීය ආයතනික දර්ශනය පෙරදැරි කොට සාමූහිකත්වයෙන් කටයුතු කිරීම පිළිබඳව මාගේ කණ්ඩායමේ සියලුම සාමාජිකයින් හට මා ඉතාමත් ස්තූතිවන්ත වනවා.” 

පීඑල්සී ආයතනයේ අනාගත සැලසුම් පිළිබඳ තවදුරටත් අදහස් ප්‍රකාශ කළ මර්සලින් මහතා අරමුණු සහිත ව්‍යාපාරයක් නිර්මාණය කිරීමෙන් වගකීම් සහගත පාර්ශවකාර වටිනාකම් ඇතිකර එමගින් ඉදිරියට යාමට පීඑල්සී ආයතනය බලාපොරොත්තු වන පව පැවසීය: 

“ඉහළ මට්ටමේ පාරිභෝගික සේවාවක් සහිත අන්තර්කරණ මූල්‍ය විසඳුම් හරහා අපගේ ගනුදෙනුකරුවන් සවිබල ගැන්වීම සඳහා වඩාත් ඵලදායී විසඳුම් ලබා දෙමින් වඩාත් සමායෝජන දෘෂ්ටි කෝණයකින් අපගේ ව්‍යාපාරයේ කාර්ය සාධනය දෙස බලන්නට අපි උත්සාහ කරන්නෙමු. අප පීඑල්සී ආයතනය රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව (PPP) ව්‍යාපාර අතුරින් මූල්‍ය අංශයේ ආදර්ශයක් බවට පත් කිරීම අපේ අපේක්ෂාවයි. රාජ්‍ය ආයතනයක් වන මහජන බැංකුවේ ශක්තිය සහ පෞද්ගලික අංශයේ සක්‍රීය දායකත්වය අපට හිමි නිසා එයට කිසිඳු බාධාවක් නොමැත.

“තාක්‍ෂණය යොදාගනිමින් අපගේ සේවාවන් වඩා හොඳින් අන්තර්කරණයට පත්කර ගත හැකි බවත් එමගින්  මෙහෙයුම් කාර්යක්ෂමතාව හා නිරවද්‍යතාව වැඩි දියුණු කළ හැකි බවත් අප විශ්වාස කරන හෙයින් පහසුව සහ කාර්යක්ෂමතාව උදෙසා පීඑල්සී සේවාවන් ඩිජිටල්කරණයට බඳුන් වනු ඇත. මෙම පරිවර්තනය දැනටම ආරම්භ වී ඇති අතර, එළඹෙන මාස 18ක කාලය තුළ එම වෙනස සම්පූර්ණයෙන්ම සාක්ෂාත් වනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි. 

ගෝලීය වසංගත තත්ත්වය හේතුවෙන් සැමට හැඩගැසෙන්නට සිදුවී ඇති ‘නව යථා තත්ත්වය’ට රාජ්‍ය අංශයේ විශිෂ්ට  ආදර්ශයක් ලෙස පීඑල්සී ආයතනය අප පාර්ශවකරුවන්, මූල්‍ය අංශය, මහ බැංකුව හා අප අයත්වන මුදල් අමාත්‍යාංශය ආදී ආයතන විසින් පිළිගැනීමට ලක් වනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි” යැයි  මර්සලින් මහතා වැඩිදුරටත් අවධාරණය කළේය. 

සංවත්සරය යෙදී ඇති මෙම වසරේදී පීඑල්සී කුළුණ විවෘත කිරීම, සංවත්සර මුද්දරය නිකුත්කිරීම, කාර්ය මණ්ඩල පැසසුම් සම්මාන, සම-සන්නාම ණයවරපත දියත් කිරීම, කාන්තාවන් සඳහා විශේෂිත නිපැයුම් හා සේවාවන් හඳුන්වාදීම හා state-of-the-art ඩ්ජිටල් යෙදුම දියත් කිරිම ඇතුළු ක්‍රියාකාරකම් රැසක් සිදුකොට පරිශීලක අත්දැකීම්හි නව පෙරළියක් ඇතිකිරීමට නියමිතයි. 

සංවත්සරය සැමරීමට සමගාමීව මෙම වසර පුරාවටම යළි හිස ඔසවා ඇති කොවිඩ් -19 වසංගත තත්ත්වය හමුවේ රජයේ රෝහල්වල කොවිඩ් රෝගීන්ට නිසි ප්‍රතිකාර කිරීම සහ උපස්ථාන සේවා වැඩි දියුණු කිරීම සඳහා වන අත්‍යවශ්‍ය වෛද්‍ය හා වෛද්‍ය නොවන සැපයුම් ලබාදීම ඇතුළු විවිධ ආයතනික සමාජ වගකීම් (CSR) කාර්යභාරයන් ඉටුකිරීමටද නියමිතය.  

තවද, සමාගම තුළ වාණිජමය මෙහෙයුම් සඳහා පුනර්ජනනීය බලශක්තිය හඳුන්වාදීම, වගකීම් සහගත වාණිජ ව්‍යවහාර හඳුනාගැනීම සහ කාබන් පියසටහන් අවම කිරීම සඳහා හරිත  භාවිතයන් ඵලදායී ලෙස සමායෝජන කිරීම ආදී කරුණුවලට තවදුරටත් ප්‍රමුඛත්වය දෙනු ලබයි.

පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී ආයතනය මහජන බැංකුවට අනුබද්ධිත ආයතනයක් වන අතර එය කොළඹ කොටස් වෙළඳපොලේ මහා මණ්ඩලයේ ලැයිස්තුගත කරන ලද සීමිත වගකීම් සමාගමකි. මෙම සමූහය අනුබද්ධිත උප සමාගම් පහකින් සමන්විත වේ. එම උප සමාගම් වන්නේ, සීමාසහිත පීපල්ස් ලීසිං ෆ්ලීට් මැනේජ්මන්ට් සමාගම, සීමාසහිත පීපල්ස් ලීසිං ප්‍රොපර්ටි ඩිවෙලොප්මන්ට් ලිමිටඩ් සමාගම, සීමාසහිත පීපල්ස් ලීසිං හැව්ලොක් ප්‍රොපටීස් ලිමිටඩ් සමාගම, සීමාසහිත පීපල්ස් මයික්‍රොෆිනෑන්ස් ලිමිටඩ් සමාගම සහ පීපල්ස් රක්ෂණ පීඑල්සී යන ආයතන වේ. 

සුජීව රාජපක්ෂ මහතා, 
සභාපති – පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී ආයතනය 
ෂමීන්ද්‍ර මර්සලින් මහතා, 
ප්‍රධාන විධායක නිලධාරී / සාමාන්‍යාධිකාරී – පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී ආයතනය