ශ්‍රී ලංකාවේ වටිනාම සන්නාම 100 අතර පීපල්ස් ලීසිං සමාගම


පීපල්ස් ලීසිං සමාගම, ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය ආයතන අතර ප්‍රමුඛ ආයතනයක් ලෙස “Brand Finance Sri Lanka Top 100 Most Valuable Brands 2026” ශ්‍රේණිගත කිරීමේදී වටිනාම සන්නාම 100 අතරට එක් වීමට සමත් විය. එමෙන්ම බැංකු නොවන මූල්‍ය ආයතන අතර ඉහළම සන්නාම ත්‍රිත්වය අතරට එක් වීමට සමත් වීම ද විශේෂත්වයකි.

Brand Finance සමාගම විසින් විවිධ රටවල වඩාත් වටිනා සන්නාම පිළිබඳ වාර්ෂික ශ්‍රේණිගත කිරීම් ප්‍රකාශයට පත් කරයි. ලන්ඩනයේ මූලස්ථානය පිහිටි Brand Finance ආයතනය, ලොව ප්‍රමුඛතම ස්වාධීන සන්නාම වටිනාකම් ඇගයීම් සහ උපායමාර්ගික උපදේශන ආයතනයක් වන අතර එහි ලොව පුරා පිළිගත් සන්නාම වටිනාකම් ඇගයීම් ක්‍රමවේදය මඟින් Brand Finance සන්නාමවල මූල්‍ය වටිනාකම සහ ශක්තිය ඇගයීමට ලක් කරයි.

මෙම Brand Finance සන්නාම වටිනාකම් ශ්‍රේණිගත කිරීමට අනුව පීපල්ස් ලීසිං සමාගම මෙම වසරේදී සැලකිය යුතු වර්ධනයක් වාර්තා කර ඇත.

පීපල්ස් ලීසිං සමාගම Brand Finance සන්නාම ශ්‍රේණිගත කිරීම්හි 2025 වසරේදී 25 වන ස්ථානයේ සිටි අතර 2026 වසරේදී එය 22 වන ස්ථානය දක්වා ස්ථාන 3ක් ඉදිරියට පැමිණ තිබේ.

තව ද සමාගමේ සන්නාම වටිනාකම ශ්‍රී ලංකා රුපියල් බිලියන 5.4 සිට ශ්‍රී ලංකා රුපියල් බිලියන 7.5 දක්වා ඉහළ ගොස් ඇති අතර, AA+ සන්නාම ශ්‍රේණිගත කිරීම ද ලබා ගෙන ඇත.

මෙය සමාගමේ ශක්තිමත් සන්නාම ප්‍රතිරූපය, ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය සහ මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ විශිෂ්ට කාර්යසාධනය පිළිබඳ වැදගත් සාධකයක් ලෙස පිළිබිඹු කරයි.

මෙම සාර්ථකත්වය සඳහා සමාගමේ විශ්වාසවන්ත ගනුදෙනුකරුවන් සහ කැපවීමෙන් සේවය කරන කාර්ය මණ්ඩලය වෙත පීපල්ස් ලීසිං සමාගම සිය කෘතඥතාව පළ කරන අතර, ඉදිරියටත් නවෝත්පාදනශීලී හා විශ්වාසනීය මූල්‍ය විසඳුම් ලබා දෙමින් ශ්‍රී ලංකා මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛත්වය රඳවා ගනිමින් සිය ගනුදෙනුකරුවන් වෙත සපයන සේවාව ශක්තිමත් කිරීම සමාගමේ අරමුණයි.