පීපල්ස් ලීසිං සේවක දක්ෂතා ඇගයූ ‘PLC Star Night’
පීපල්ස් ලීසිං සමාගමේ 30 වැනි සංවත්සර සැමරුම් වැඩසටහන් මාලාවේ තවත් සුවිශේෂී වැඩසටහනක් ලෙස සිය කාර්යය මණ්ඩලය සතු විවිධ කලාත්මක දක්ෂතා හඳුනාගෙන ඒවා ප්රදර්ශනය කිරීමට අවස්ථාව සැලසීම සඳහා සංවිධානය කරනු ලැබූ ‘PLC Star Night’ තරඟාවලියේ අවසන් මහා තරගය සැප්තැම්බර් මස 12 වැනි දින කොළඹ Cinnamon Grand හෝටලයේ දී පැවැත්විණි.
ගායන හා නර්තන අංශ ඔස්සේ සිය දක්ෂතා ප්රදර්ශනය කළ සේවකයන් අතරින් අවසන් මහා තරගය සඳහා වඩාත් කැපී පෙනෙන දක්ෂතා දැක්වූ තරගකරුවන් තෝරා ගන්නා ලදී. එමඟින් ඔවුන්ට සිය වෘත්තීය භූමිකාවෙන් ඔබ්බට ගොස් ඔවුන් තුළ සැඟවුණු කලාත්මක හැකියාවන් හා නිර්මාණශීලීත්වය ඉදිරිපත් කිරීමට සුවිශේෂී වේදිකාවක් හිමි විය.
ගායන අංශයේ ජයග්රහණය ගාල්ල ශාඛාවේ චිරත් ජයසංක විසින් හිමි කර ගත් අතර අනුශූරතාව ග්රෑන්ඩ්පාස් ශාඛාවේ අනුප විජේසිංහ විසින්ද, තෙවන ස්ථානය ප්රිමියර් ශාඛාවේ ආකාෂ් කොටුවෙල විසින්ද ජයග්රහණය කරන ලදී.
නර්තන අංශයේ ජයග්රහණය ජා-ඇළ ශාඛාවේ සකුමා ද සිල්වා සහ අනුශූරතාවය හැටන් ශාඛාවේ වර්දරාජ ජීවිතා විසින් හිමිකර ගන්නා ලදී.
දශක තුනක් පුරා ජනතාව හා ප්රජාවන් සවිබල ගැන්වීමේ ගමන සමරන පීපල්ස් ලීසිං සමාගම විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන, ආයතනයේ හදවත බඳු සිය සේවකයන්ගේ දක්ෂතා හඳුනාගෙන අගය කිරීමට දක්වන කැපවීම මනාව පිළිබිඹු කරයි.
සේවකයන්ගේ වෘත්තීය දක්ෂතා මෙන්ම ඔවුන් සතු විවිධ කලාත්මක හැකියාවන් ද ඇගයීමට ලක් කරමින් නිර්මාණශීලීත්වය සහ සහභාගීත්වය දිරිමත් කරන සේවා සංස්කෘතියක් තවදුරටත් ශක්තිමත් කිරීම පීපල්ස් ලීසිං සමාගමේ අරමුණ වේ. ඒ තුළින් 30 වැනි සංවත්සර සැමරුම් මාලාවට තවත් අර්ථවත් මතකයක් එක් කිරීමට ‘PLC Star Night’ සමත් විය.
