ජීවිතයක් බේරා ගැනීමට එක් වූ පීපල්ස් ලීසිං සමාගම
සමාජ සුභසාධනය සහ සමාජ වගකීම වෙනුවෙන් නිරන්තරයෙන් කැපවී සිටින පීපල්ස් ලීසිං සමාගමේ 30 වැනි සංවත්සරය වෙනුවෙන් පීපල්ස් ලීසිං ක්‍රීඩා හා සේවක සුභසාධක සංගමය විසින් සංවිධානය කරන ලද ලේ දන්දීමේ වැඩසටහනක් 2026 අගෝස්තු මස 21 වන දින පීපල්ස් ලීසිං ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි.
පීපල්ස් ලීසිං සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී / සාමාන්‍යාධිකාරී සංජීව බණ්ඩාරනායක මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ක්‍රීඩා හා සේවක සුභසාධක සංගමයේ පූර්ණ දායකත්වයෙන් සිදු වූ මෙම පිංකම සඳහා රුධිර පරිත්‍යාගශීලීන් සැලකිය යුතු පිරිසක් සහභාගී වූහ.
සිය ව්‍යාපාරික අරමුණු පමණක් නොව සමාජයේ සුභසාධනය වෙනුවෙන් නිරන්තරයෙන් කැපවී සිටින පීපල්ස් ලීසිං සමාගම මෙවැනි සුවිශේෂී සමාජ සත්කාර ව්‍යාපෘති රාශියක් වාර්ෂිකව ක්‍රියාවට නංවයි. එමඟින් ශ්‍රී ලංකාවේ ජන ජීවිතය ඉතා උසස් මට්ටමකට ළඟා කරනු දැකීම පීපල්ස් ලීසිං සමාගමේ අරමුණයි.
